වන සතුන්ගේ පිපාසයට කැළැවටම දිය ගෙන යති නවගත්තේගම සිදි ගිය වැව් ආශ්‍රීතව ජලය සොයා එන වන සතුන් වෙනුවෙන් කැළැව තුළ ජලය තැබීමේ වැඩසටහනක් ආණමඩුව අපි සංවිධානය හා නවත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා එක්ව සංවිධානය කර තිබිණි. 30 July 2017
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.54 ට ආරම්භ විය. 29 July 2017
අලි ‘අතු පන්දළම‘ අලුත් කරති කතරගම දේවාලයේ ඇසළ පෙරහැරට සමගාමීව කතරගම දේවාලය ඉදිරිපිට ඇති කොළ අතු දමා සකස් කරනු ලැබූ අතු පන්දළම අලූත් කිරීම අද(29) සිදු කෙරිණි. 29 July 2017
වන සතුන්ට බොන්න සිඳුණු වැවට දිය පුරවති පවතින දැඩි නියඟය හේතුවෙන් තබ්බෝව අභයභූමිය හා ඒ අවට රක්ෂිතවල පීඩාවට පත්වී සිටින වන සතුන්ට පානීය ජලය දීමේ වැඩසටහනක් ඉහළපුලියන්කුලම විද්‍යා චක්‍රවර්ති මහ විද්‍යාලය සංවිධානය කර තිබිණි. 29 July 2017
මාගම්පුර වරාය ගිවිසුම අත්සන් කෙරේ හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ චීන රජයේ සහභාගිත්වයෙන් අද (29) වරාය හා නාවික අමාත්‍යංශයේ දි අත්සන් කෙරිණි . 29 July 2017
අග්නිදිග සරසවි සිසුන් සත්‍යග්‍රහයක අම්පාර ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ කි‍්‍රයාකාරි ශිෂ්‍ය සංගමය අම්පාර නගරයේ දැයට කිරුළ ස්මාරකය අසලදි තම ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලමින් සත්‍යග්‍රහයක් ආරම්භ කැරිණි. 28 July 2017
’සුප ශාස්ත්‍ර හා ආහාර’ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය මගින් 17 වැනි වරටත් සංවිධානය කරන ‘‘සූප ශාස්ත්‍ර හා ආහාර’’ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (28) විවෘත කැරිණි. 28 July 2017
අධි තාක්ෂණික නෞකාවක් ඉන්දියාවෙන් කොළඹ වරායට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දීය ගෝව නැව් තටාකාංගණයේ නිෂ්පාදනය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (28) කොළඹ වරායට සේන්දු විය. නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් නෞකාව පිළිගන්නා ලදී. 28 July 2017
විශාඛාවේ කසළ පොළ විවෘත කෙරෙයි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක ‘නිකසළ පුරවර‘ වැඩසටහන වෙනුවෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ සම්පත් කේන්ද්‍රය හා කසළ පොළ විවෘත කිරීම අද(28) සිදු කෙරිණි. 28 July 2017
උමාඔය විරෝධයෙන් බදුල්ල - කොළඹ පාර වැසේ උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය දික්ආරාව ප්‍රදේශයෙන් අවහිර කරමින් අද(28) උද්ඝෝෂණයක් ඇරඹූහ. 28 July 2017
ටිපර් රිය කරණමක් ගසයි මහියංගණයේ සිට ගාල්ලට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද(28) අලුයම තංගල්ල අම්බලන්තොට ප්‍රධාන මාර්ගයේ ලුණම බෝගහ වංගුවේ දී පාරෙන් ඉවතට පැන පෙරළීගොස් ඇතැයි පොලිසිය කියයි. 28 July 2017
නියඟයෙන් වෙහෙරගල පන්සලටත් පීඩා පුත්තලම කරුවලගස්වැව කොට්ඨාසයට බලපෑ ඇති නියං තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජලාශ රැසක් සිඳී එහි ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ. 27 July 2017
උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය අනතුරේ උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් උතුරේ වැව් සිඳී ගොස් ඇති නිසාවෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දැඩි අවදානම් තත්වයකට පත්ව ඇතැයි ධීවරයෝ පවසති. 26 July 2017
ජනමාධ්‍ය විශිෂ්ටයන් පහකට රන් සම්මාන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා කර්තෘ සංසදය එක්ව සංවිධානය කළ 2016 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ජනමාධ්‍ය වෙනුවෙන් කැපවූ විශිෂ්ට ජනමාධ්‍යවේදීන් පස් දෙනකු සඳහා යාවජීව රන් සම්මාන පුද කෙරිණි. 26 July 2017
ගම්මිරිස් ගොවීහු වීදි බසිති ගම්මිරිස් ආනයනය වහා නවතා දේශීය ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් වගාකරුවන් අද (26) බදුල්ල නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් නිරතවූහ. 26 July 2017
සිංහගම වැසියෝ වතුර ඉල්ලති පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ සිංහගම,අළුත්ඔය වැසියෝ බොන්නට දියපොදක් ලබාදෙන්නැයි ද ස්ථිර ජල ව්‍යාපෘතියක් ලබාදෙන්නැයි ද ඉල්ලා සිටිති . 26 July 2017
සයිටම් විරෝධීහු විහාර මහාදේවි උයනට එකතු වෙති සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන උද්ඝෝෂණය හා සමුළුව අද(25) දහවල් ආරම්භ විය. 25 July 2017
යාපන වෙඩි තැබීම හෙළා දකිති යාපනය මහාධිකරණ විනිසුරු මාණික්වාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට එල්ලකළ වෙඩි ප්‍රහාරය හෙළාදකිමින් වවුනියාව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් වවුනියාව නගරයේ දී අද (25) විරෝධතා පාගමනක නිරතවූහ. 25 July 2017
උ‘මැද පළාත් සභාවේ නව සභාපති වැඩ බාරගනියි උතුරු මැද පළාත් සභාවේ අටවන සභාපතිවරයා ලෙස එජාප පළාත් සභා මන්ත්‍රි වෛද්‍ය ඩි.එම්.අමරතුංග මහතා අද (25) වැඩ බාර ගත්තේය. 25 July 2017
ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් ගමනාගමනයට බාධා ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් මේ වනවිට රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබේ. 25 July 2017
ත්‍රි’මලේ මුහුදේ සැඩ පහරට හසු වු අලි දෙදෙනෙක් බේරාගැනේ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇත. 24 July 2017
යාලටත් නියඟය තදින් දැනෙයි: වැව් සහ ආරවල් සිඳී මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය යාල ජාතික වනෝද්‍යානයට ද බලපා ඇති බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 24 July 2017
සයිටම් විරෝධීහු අත්පත්‍රිකා බෙදති මාලබේ සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස රජයට බල කර සිටීමේ අරමුණින් පිහිටුවා ගන්න ලද ‘සයිටම් විරෝධී ජන පවුර’ සංවිධානය අද(24) කොළඹ කොටුව දුම්රියපොළ පරිශ්‍රයේදී මහජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීමක් සිදු කළේය. 24 July 2017
නියඟයෙන් කන්තලේ කිරි කර්මාන්තය හිදෙයි මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්වය නිසා කන්තලේ කිරි ජීවනෝපාය කරගත් පවුල් තිස්දහසක් පමණත් මී සහ එල ගවයන් ලක්ෂ ගණනාවක් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව කිරිගොවිහු කියති . 24 July 2017
උතුරේ නීතිඥවරු වැඩවරති - විරෝධය පාති යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පා අද (24) උතුරු පළාතේ සියලුම අධිකරණවල නීතිඥවරු අධිකරණ කටයුතු වලින් ඉවත් වූහ. 24 July 2017
බඹරකන්දෙත් ජලය අඩුවෙයි බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලේ ජල මට්ටම අඩුවී තිබෙන අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ද පහත වැටී තිබේ. 23 July 2017
වැසි ඉල්ලා කිරි කල පූජා කරති පුත්තලම පිටවට රවුම්පාර මුත්තුමාරී අම්මාන් කොවිලේ වාර්ෂික මංගල්‍යයට හා ප්‍රදේශයට නිසි වර්ෂාවක් ලැබෙන ලෙස පතමින් කිරි කල පුඡාවක් අද (23) උදෑසන පැවැත්විණි. 23 July 2017
අගමැති පැරැණි දේශපාලන මිතුරන් හමුවෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩව පාරිලිමේන්තු දිවියට වසර 40ක් සැපිරීම නිමිත්තේ දේශපාලන ගමන සඳහා උරදුන් බියගම එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සමාජික සමාජියකයන් සමඟ සුහද කතා බහක අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දි පැවැත්විණි. 22 July 2017
‘කළු පාට ඩෙංගු ගැන රතු පාට කතාව සුදු පාටින් අහන්න’ කොළඹ, ගම්පහ, කළුතර, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදි දිස්ත්‍රික්ක ගණනාවකට ඩෙංගු උණ මේ වන විට තදින් පැතිර යන අතර ගෙවී ගිය මාස හයක කාලය තුල ඩෙංගු රෝගීන් 80,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත 22 July 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025