IMG-LOGO

බඹරකන්දෙත් ජලය අඩුවෙයි

( ආර්.කෝගුලන් )

බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලේ ජල මට්ටම  අඩුවී තිබෙන අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ද පහත වැටී තිබේ.

පසුගිය අවුරුද්දක පමණ කාලයක සිට බදුල්ල දිස්ත්‍රික්කයට හරි ආකාරව වර්ෂාවක් නොලැබීම නිසා මෙලෙසින් දිය ඇල්ලේ ජල මට්ටම පහත වැටී ඇතැයි ගම්වාසිහු කියති.

ජල මට්ටම මෙලෙසින් පහත වැටීම නිසා සංචාරකයින්ගේ පැමිනීමේ පහත වැටීමක් තිබෙන බැව් වෙළෙන්දෝ පෙන්වා දෙති. දිය ඇල්ලට පැමිණෙන සංචාරකයින් මත රැඳී තිබෙන තමන්ගේ එදිනෙදා වෙළෙඳාම් කටයුතු පහත වැටීම නිසා තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි ඔවුහු පවසති.

හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම දිය ඇල්ල අඩි 790ක් පමණ වෙයි.

(පෙර තත්ත්වය)

(දැන් තත්ත්වය)

         



අදහස් (0)

බඹරකන්දෙත් ජලය අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site