සංවර්ධන නිලධාරීහු උද්ඝෝෂණයක
උසස්වීම් පටිපාටියක්, උපාධියට සාධරණ වැටුපක්, සුදුසු රාජකාරියක් පැවරීම, වැටුප් සම්බන්ධ ගැටලු ඇතුළු ඉල්ලීම වහා ලබාදෙන ලෙස රජයට බලකරමින් සංවර්ධන නිලධාරි සේවා සංගමය හා රැකියාලාභී උපාධිධාරී සංගමය අද (15) බොරැල්ල කැම්බල් පිටියේ සිට පා ගමනින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වීය.