( ශාන්ත රත්නායක)
වර්තමාන රජයට වසර 2ක් පිරෙන මොහොතේ දුන් පොරොන්දු ඉටුකරන ලෙස රජයට බල කරමින් හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ජාතික ව්‍යපාරය සංවිධානය කළ සත්‍යග‍්‍රහයක් අද (15) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී ආරම්භ කෙරිණි.
රජයේ ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, මංගල සමරවීර යන මහත්වරු ද, සමාජ සංවිධාන, දේශපාලන කණ්ඩායම් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටිති.
මේ හේතුවෙන් විහාර මහාදේවි උද්‍යානයේ බුදුපිළිමය ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි මෙකවුද දැන් එතකොට පාරවල් වැහිලා කරදරයක් නැද්ද කෝ අර පොලු අරගෙන ගහන්න එනකට්ටිය
අපිත් චන්දෙ දුන්නේ මෛත්‍රීට තමයි ඒවුනාට ඒ බලය බෙදන්න වත් රට කැලි වලට කඩන්න වත් නෙවේ. යහපත් රටක් හදන්න. මේ මොන විකාරයක් ද ?
කිසිම වැඩකට නැති ආණ්ඩුවක්
බුදු අම්මෝ පුදුම සෙනගක්නේ! මෙතන නම් ලක්ෂ 62 ටත් වැඩ ඉන්නවා!!
සු ගාලා 500ක් විතර ඉන්නවා. මොනා රකින්නද? චන්දය තියාලා බලන්න ලක්ස 62න් ලක්ස 2ක් වත් නෙවත වරක් මෝඩ වේද කියලා.
රාජිතත් එතන මගේ අම්මෝ
ඇමති රාජිත - මංගල - බාහු වගේ අය මෙතනට නාවා නම් මේකට ලොකු වටිනා කමක් ලැබෙනවා.
කෝ ජනාධිපතිතුමත් ආවනම් තමා හොඳ. දැන් අපිද මේවට වගකියන්න ඕනේ?
අලුත් විවස්තාවක් අපට නම් ඕනෑ නැත
සාමකාමී විදියට තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක්. සමහරුන්ට විහිළුවක් උනත් මෙය විහිළුවක් නොවෙයි. දහස් ගණන් මිනිසුන් කුලියට ගෙන්වන්න ඕන දෙයක් නොවෙයි මේක. කැමති කෙනෙක් ඇවිත් තමන්ගේ විරෝධය හෝ කැමැත්ත පල කිරීම හොඳ දෙයක්.
ඔතන ඉන්න එක පුද්ගලයෙක්ව දැක්ක එම පුද්ගලයාට ලොකුවට වත්කම් තිබුන පුද්ගලයෙක් නෙමේ. එත් යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ඇමති කමක් ලැබුන. දැන් අපේ නගරයේ ලොකුම ඉන්දන පිරයුම් හල දැම්ම , පළාතේ තිබෙන ලොකුම ඉඩම් ටික සල්ලි දීල ගන්නවා. හිනා යන්නේ ඒ පුද්ගලයත් දුෂිතයන්ට විරුද්දව බෝඩ් ලෑලි උස්සගෙන ඉන්නවා .
මේ මොන විකාර කටයුත්තක්කද? දූෂිතයෝ ඔතනත් ඉන්නවා. හාමුදුරුවෝ නිකම්ම දුක්විඳිනවා.
මොකද මේ චෝදනා ගණනාවක් තියෙන දත් දොස්තර මහත්තයෙක් මෙතන? ෆුට් නෝට් ගහලා මහ බැංකු මංකොල්ලේ වසන් කරන්න හදපු හොරෙකුත් "දූෂිතයන්ට විරුද්ධව පෙළගැසෙමු" කියලා බෝඩ් එකක් අල්ලාගෙන ඉන්නවා.
මේ මොන ගොන් පාර්ට්ද? ඇමැතිවරු උද්ඝෝෂණ කරනවා ආණ්ඩුවට බල කරමු කියකියා... ඇයි දෙයියනේ, ඉතින් අමාත්‍ය මණ්ඩල රස්වීම්වලදී, කැබිනට් රැස්වීම්වලදී ඕවා කියල කරන්න එපෑයෑ. ඒවායේදී දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් නැට්ට කකුල් අස්සේ ගහගෙන.. එහෙයි කියකියා ඉඳලා මෙතන නිකන් මිනිස්සු ගොනාට අන්දන්න පාරවල් ගානේ උද්ඝෝෂණය කරනවා.
මෙතන ඉන්න ඩොල්ලර් කන්කන්ට සල්ලි දීපු අය කියනවා ඇති උබලාට අපි දීපු සල්ලි වලට මොනවා හරි පෙන්න කරපන් කියල එක තමා ඔය පාරේ වැඩිවෙලා ඉන්නේ.