(ජයමාල් චන්ද්‍රසිරි)
පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවැති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම මත තනතුර අහෝසි කළ සේවකයින්ට විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික පිරිසක් අද(16) කොළඹ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය අසල සිට විරෝධතා පාගමනක් පැවැත්වූහ.
පාගමනින් අරලියගහ මන්දිරයට යාමට ඔවුහු පැමිණියද ඔවුන්ට එහි යාමට අවසර නොලැබුණු අතර මගදී ඔවුන් ආපසු හරවා යවනු ලැබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පුද්ගලීකරණය කලේ මහින්ද ඇයි එදා මෙයාල පාරට නාවේ ඇයි අද මෙයාල පාරේ කෑගහන්නේ
පව් අහිංසක මිනිස්සු! අනවශ්‍ය වියදම් කපා හැර මෙය ගෙවලා දමන්න
රජය සතුව තිබු පේෂකම්හල් පෞද්ගලීකරණය කරලා දැන් කොච්චර කල්ද ?? මට පේන්නේ යහපාලනයෙන් ලැබුන උද්ඝෝෂණ කිරීමේ , පෙළපාලි යාමේ නිදහස විරුද්ධ පක්ෂ විසින් අවභාවිතාවේ යොදවනවා. ඒ පමණක් නොව සාමාන්‍ය ජනජීවිතයට හිරිහැර සිදු කරමින් රජය අප්‍රසාදයට ලක්කරනවා
මොන පිස්සු රටක්ද මේ? සේරම මිනිස්සු පාරවල් වලට ඇවිල්ලා මොන ලජ්ජා නැති රටක්ද මේ? මෙහෙමද මිනිස්සු ඉල්ලීම් දිනාගන්න ඕනේ? මේ අයගේ මොලේ මෙහෙම හදපු කාලකණ්ණි දේශපාලකයන්ට හෙන හතම ගහන්න ඕනේ. රටේ මිනිස්සුන්ට අකටයුතුකම් කරන මේ ජරා දේශපාලකයන්ව මේ රටෙන් තුරන් කරන්න ඕනේ...
මේ අයට වන්දි දීලා නේද අයින් කළේ? අයියෝ හැම තැනම "දියෝ දියෝ අපිට දියෝ"
අපේ රටේ හිටපු සහ දැන් ඉන්න පාලකයෝ රට ගෙනාපු තැන ගැන හරිම කණගාටුයි. මේ මිනිස්සු කාටවත් අත නොපා ඇගේ හයියෙන් හම්බකරන් කාල හිටියේ.. පුද්ගලික අංශයට විකුණලා දැන් රස්සාවත් නැහැ. විශ්‍රාම වැටුපත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට යන්තන් අවු 5 පැනගත්තා නම් විශ්‍රාම වැටුපත් තියෙනවා. මේ මිනිස්සු අවුරුදු ගාණක් වැඩ කරලා එ්කත් නැති වුණාම අන්තිම කාලේ හිඟාකන්නද කියන්නේ? ... මහජනයා ගැන වගකීමක් නැහැ මේ පාලකයින්ට... සෑම පුරවැසියෙක්ම රැක බලා ගැනීම පාලකයන්ගේ වගකීමක් වෙන විදියට නීති ගෙන්න ඕනෑ... රටවල් දියුණු වෙනවා කියන්නේ අන්න එ්කටයි, කාපට් පාරවල් ගුවන් පාලම් හදන්න ඕන දුප්පතුන්ට හිගමනේ යන්න නෙවේ. අපේ මිනිස්සු කවදා තේරුම් ගනීද මන්දා මේ යන ක්‍රමය වැරදියි කියලා.. ලංකාව කියන දූපතෙන් පොඩ්ඩක් එලියට ගිහින් බලන්න හොඳ රටකට කොහොමද ඒ රටවල මහජනතාවට තියෙන සැලකිල්ල... හැම දෙයක්ම සිද්ධ වෙන්න මහජන සුභ සිද්ධිය සදහා පමණයි...