හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාව පාකිස්තානය අතර පවතින ද්විපාර්ශවීක සබඳතා දකුණු ආසියානු කලාපයේ ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්වන බව කතානායක කරු ජයසූරිය මහතා අද (14) පස්වරුවේ පැවැසීය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශවීක සබඳතා දශක හතක අතීතයකට උරුමකම් කියන බව පැවැසූ කතානායක කරු ජයසූරිය මහතා දෙරටේ සබඳතා කලාපීය වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද වැදගතක්මක් උසුළන බව කීවේය.
පාකිස්තානයේ 70 වැනි නිදහස් දිනයට සමගාමීව අර්ෂාද් කාසිම් විසින් රචිත ‘නොනැසෙන මිත්‍රත්වය - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය’ (ඇන් එන්ඩියුරින් ෆ්‍රෙන්ඞ්ෂිප් - ශ්‍රී ලංකා ඇන්ඞ් පාකිස්තාන්) කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් කතානායක කරු ජයසූරිය මහතා එම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය දෙරට මුහුණ දුන් දුෂ්කර අවස්ථාවවලදී එකිනෙකාට උපකාර කරගත් බව ද කතානායකවරයා මෙහිදි සිහිපත් කළේය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක, හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ශ්‍රී ලංකාවේ පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් ආචාර්ය සර්ෆාස් අහමද් ඛාන් සිප්රා, ජාතික ඒකාබද්ධති සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය ඒ.එච්.එම් ෆවුසි, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීහූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප කුෂාන් පතිරාජ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ සැබෑ මිතුරා පකිස්තානය,
පාකිස්ථානය අපට යුද්ධෙදි ගොඩක් උපකාර කල කුහක කමින් තොරව. ඒ වගේම 1996 ලෝක කුසලනයේදීත් ඔඋන්ගේ රටේ ජනතාව අපේ ක්‍රීඩකයන්ට ලොකු ශක්තියක් උනා. ඒ නිසා මේ කෘතිය ඉතා වැදගත්.
කෝ අපේ මහ ඩබල? ඒ දෙන්නා ඉන්දියාවට බයේ ආවේ නැද්ද?
චායාරුප අනුව අපේ කට්ටිය අතරත් නොනැසෙන මිත්‍රත්වයක් තියෙන බව හොඳට පේනවා - අර එහෙ මෙහෙ ඉන්න පාක්ෂිකයන් තමයි ඇනකොටා ගන්නේ ,
දෙරට අතර සබදතාවය කෙසේ වෙතත් පක්ෂ අතර සබද තාවය නම් කට දෙපැත්තෙන් දෝරෙ ගලනවා . අබසරනය් ශ්‍රී ලංකා.
ගමේ ගොඩේ ඉන්න පක්ෂදෙකේ පාක්ෂිකයෝ දබරකර ගත්තට පාර්ලිමේන්තුවේ ඉන්න මැති අමෙතිවරු එකට කන බොන එක කණ්ඩායමක් බවත් , මේගොල්ල රටේ සරය උරබෝන්නේ , එකිනෙකාගේ සහයෝගය මත බවත් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි