(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස )
ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පැවැත්වෙන දිවා රාත්‍රී තරගයේ සුදානම පිලිබදව සොයාබැලීම සදහා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාත්, ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාත් පැමිණ සිටි අතර ඔවුන් දෙන්නා අමුත්තන්ගේ නැරඹුම් කාමරයේ තවත් පිරිසක් සමග වාඩිවී සිටියදී ක්‍රිකට් කලමණාකරු අසංක ගුරුසිංහ මහතා පැමිණියේය.
ඉහලින් වාඩිවී සිටි කීපදෙනකු ගුරුසිංහ මහතාට ඇමති අසල පුටුවෙන් වාඩිවන ලෙස දැන්වුවද ඔහු එකවරම ඇමති හා සභාපති ඉදිරිපිට බිම වාඩිවිය. මාධ්‍යවේදීන් එකවරම ඡායාරුප ගන්නවාත් සමග ඇමති දයාසිරි කිවේ "නැගිටින්න...නැගිටින්න, බිම වාඩිවෙන්න එපා. ඕකත් හෙට මීඩියා වැටෙයි ." ලෙසයි. නමුත් සභාපතිවරයාද ඔහුට නැගිටින ලෙස කීවද නැගිට්ටේ නැති නිසා මඳ වෙලාවක් සිටි ඇමති හා සභාපති පුටුවලින් නැගිට පිටව යන්නට විය. එ්ත් සමග ගුරුසිංහ මහතාද ජනේලයේ ආධාරයෙන් නැගිට ඒ සමගම පිටතට ගියේය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියන විනාශය ගැන කතා කරන්නේ නැතිව මේ "බිම වාඩිවෙන" එක දැන් කතාකරමු. මොකද මේක තමයි දැන් තියන ලොකුම ප්‍රශ්නය.
ප්‍රවෘත්ති මැවීමත් මෙයාලාගේ රැකියාවේම කොටසක් වෙන්නැති...
ගුරා අවුරුදු ගානක් ඕස්ට්‍රේලියා හිටියේ , මෙහෙ බිම ඉන්දගන්නවා කියන්නනේ සාමාන්‍ය දෙයක් , ලොල්
රෝහිත මයවෙත , ඔබගේ අදහස නිවැරදිය. දැනට ශ්‍රී ලාංකිකයන් හැටියට තිබෙන ලොකුම සහ එකම එක ප්‍රශ්නය තමා මෙය.ප්‍රශ්න කිසිදෙයක් නැති අපට මෙහෙමවත් ප්‍රශ්නයක් " නිකන් ඉන්න අපිට අහල ගියත් මැදෑ " කිව්වා වැනිය.
අලුත් මර්වින් කෙනෙක්
රටේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයලා බැලුවොත් හොඳයි ඉක්මණටම...
ගුරුසිංහ කියන්නේ ඉස්කෝලෙ කාලෙ ඉඳන් තිලංගගේ ඉතා හොඳ යාලුවෙක්. ඒ නිසා මැනේජර් වෙන්න උදව් වෙන්න ඇති. ඒත් ගුරා කියන්නේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ඉතා විනෝදාත්මක චරිතයක්. එයා ඉතා වැදගත් පවුලකින් ආව කෙනෙක්. ඒත් පොළවෙ පය ගහලා ඉන්න, කාවවත්, කවුරුත් කියන දේවල් සත පහකට ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. පපුව හොඳ කෙනෙක්. මේ වගේ දේවල් ගැන අපේ මිනිස්සු හිතන්නෙ හරිම පටු විදිහට. හැම දෙයක්ම පේන්නෙ ඇදේට. ඒකයි ලංකාවේ ඉන්න මිනිස්සු හරිම දූපත් මානසිකත්වයෙන් ඉන්න පටු අදහස් තියෙන උද්දච්ච, ළිං මැඩියො වෙලා ඉන්නේ.
ගුරුසිංහ බිම වාඩිවෙලා තියෙන්නේ අමුතු ගෞරවයක් දෙන්න නොවෙයි. නිදහසේ කතාකරන්න.
අනේ ඇත්තමයි... මේ සිංහල මිනිසුන්ට තියෙන්නේ පුදුම පිස්සුවක්නේ... දයාසිරි නම් උදේ ඉඳන් රෑ වෙනකම් කියන්නේ... බිම් මට්ටමෙන් පටන් ගමු කියලයි. අපි දයාසිරිව දන්නේ මේ ඊයේ පෙරේදා.. නමුත් අපි අසංක ගුරුසිංහව දන්නේ පාසල් යන කාලේ ඉඳන්, අපිට ඇත්ත වශයෙන්ම මේ දේශපාලකයන්ට වඩා, ලෝක කුසලානය දිනපු අසංකලව රටක් වටිනවා. අද අසංක වගේ මිනිස්සු ඉන්න ඕනෑ ලංකාවේ... එ්ත් මේ අය ලොක්කෝ වගේ ඉන්නේ අසංකලා වගේ අහිංසක මිනිස්සු නිසයි. රට ණයබරිතයි. දයාසිරි කියන්නේ දුප්පත් ගමක, දුප්පත් ඉස්කෝලෙකට ගිය දුප්පත් කොල්ලෙක... ඒත් අසංක එහෙම නේ.. රටක් වටිනා මිනිහෙක්... බිම ඉඳගන්න පුළුවන් අදටත්... සිංහලුනේ නිහතමානී වෙන්න. එක තමයි අපේ දියුණුව වෙන්නේ... සුද්දගේ ටයි එක ගැන කළු සුද්දෝ වෙන එක නෙමෙයි. නිහතමානීකම තමයි වඩා වැදගත්...
ක්‍රිකට් අපේ රටට ඕනෙද ? මම එහෙම අහන්නේ එමගින් පෝෂණය වන්නේ එක්තරා පිරිසක් මිස රටට වෙන සෙතක් නොමැති බැවිණි ...
ක්‍රිකට් වලට වෙලා තිබෙන තත්වය හරිම කනගාටුයි .