(රොමේෂ් මධුෂංඛ)
යාපනය නල්ලූර් කෝවිලේ අවසන් තේරි පූජාව අද (20) ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී පැවත්වෙයි.
දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නල්ලූර් මංගල්‍යය පැවැත්වුණු අතර මංගල්‍ය පැවති කාල සීමාව තුළ ලක්ෂ 7කට අධික පිරිසක් පූජා සඳහා සහභාගි වූ බව කෝවිලේ භාරකාර මණ්ඩලය පැවසුවේය.
දින 25ක කාලයක් පැවති නල්ලූර් වාර්ෂික මංගල්‍ය පූජා කටයුතු හෙට (21) පැවැත්වෙන දිය කැපීමේ පූජාවෙන් අනතුරුව නිමා කිරීමට නියමිතය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනයට ගොස් මෙහෙම නිදහසේ වන්දනාමාන කරන්න නිදහස ලැබුනේ කව්රු නිසාද? උඩින් බලල ඉන්න සෙනඟ ගාන ගැන හරියටම කියන්න පුළුවන් එස්.බී. ඇමතිතුමාට විතරයි....
මෙලෙස නිදහසේ පූජා පවත්වන්නට අවස්ථාව යාපනයේ ජනතාවට ලැබුනේ ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව නිසා බව එම ජනතාව මතක තබාගත යුතුය ... විශේසයෙන් දැනටත් උපන් රටට ගරු නොකරන විග්නේශ්වරම් තරයේ මතක තබාගත යුතුය . එසේම මේ සෙනෙග දෙස බලා හමුදාවට ප්‍රසංසා ස්තුති පුර්වකව සතුටු කදුළු හෙළිය යුතුය