(ජයමාල් චන්ද්‍රසිරි)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක දේශපාලන ගමන් මග නිරූපනය කෙරෙන ‘දකිමු - හෙට දකින රනිල් 40 වසරක නොදැවුණු දේශපාලන ඉනිම‘ සේයාරූ දැක්මේ දෙවැනි දිනය අද(18) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ අතින් විවෘත කෙරිණි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන සේයාරූ දැක්මේ දෙවැනි දින විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ද එක්ව සිටියේය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ට ඔලුවේ අමාරුවක් එහෙම තියෙනවද..
ධම්ම, මෙයාලට ඔලුවේ අමාරුවක් කවදාවත් හැදෙන්නේ නැහැ. ඒ ගැන බයවෙන්න එපා. මොකද ඒකට එහෙම එකක් තියෙන්න එපායෑ. මේ අයට ඕනේ ඔන්න ඔය වගේ බහුබූත වලට වියදම් කරලා කාලය සහ සල්ලි නාස්ති කරන්න තමයි.
එක දිගට වසර 40 ක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළා කියන එකේ සැඟවුන අර්ථය මෙතුමා එක දිගට වසර 40 ක් ජනතා මුදලින් නඩත්තුවීම. අපේ රට මේ වනවිට පත්ව ඇති සෝචනීය සමාජ හා ආර්ථික තත්වයට විශාල වශයෙන් වගකිව යුතු පුද්ගලයෙක්. අධ්‍යාපනය විකිණීම, රජයේ සම්පත් විකිණීම, රටේ රැකියා ඉන්දියාවට දෙන්න ගිවිසුම ගැසීම. රටේ සම්පත් විකුණගෙන ලාභ ලැබීමට තම මිතුරු කල්ලිය පහසුකම් සැලසීම ආදී ජනතාවගේ පිළිකුලට ලක්වුණු දෙයක් හැරෙන්නට ජනතාව වෙනුවෙන් කල සේවයක් ඔබ කිසිවකු අසා තිබේද? ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ, වරාය සංවර්ධනය කිරීම, ප්‍රේමදාස දුප්පතුනට නිවාස ලබාදීම, ගාමිණී දිසානායක මහවැලිය, නිස්සංක විජයරත්න විවෘත විශ්ව විද්‍යාලය ආදිය ඔවුන්ගේ නම කියන විටම නිතැතින්ම සිහියට නැගුණත් මෙතුමා සම්බන්ධයෙන් විකිණීම හැර වෙන දෙයක් සිහියට නැගේද ?
දුර බැහැර පළාත්වල අසරණ පාසල් සිසුන්ව බස්වල පටවා රජයේ වියදමින් මෙම 40 වසර ප්‍රදර්ශනය බැලීමට ගෙන්වා ඇති බව පෙනේ...
අවසාන පින්තුරේ කරු ජයසුරිය ළඟ පිරිමි නර්ස් එජාපය ට පන්දම් වත් අල්ලනවාද?
එතුමා හැමදාම දැක්කේ හෙට මිසක් අද නොවේ. ඒක හින්දා එතුමාගේ පාලන කාලවල හැමදාම දැක්කේ ගැටළු... මෙහෙම යනකොට හෙට දකින්න රටක් ඉතුරු වෙයිද මන්දා.
මෙම සේයාරූ දැක්මේ වියදම අගමැතිතුමාගේ පුද්ගලික ධනයෙන්ද, නැත්නම් රජයේ වියදමින්ද කියා දැනගැනීමට කැමතියි. මේ සඳහා රජය මුදල් වැය කළේ නම් එය මහජන මුදල් අවභාවිතාවක් වනු ඇත.
ප්‍රදර්ශනයක් වත් දාලා මේවා පෙන්නන එක හොඳයි. නැතිනම් මිනිස්සුන්ට මතක හිටින්න යමක් කරලත් නැති එකේ වැඩි කල් නොගිහින් නම කියනකොට කවුද ඒ කියල අහන්න ඉඩ තියෙනවා. එ්ක නිසා මේ ප්‍රදර්ශනයෙන් පස්සේ මෙව්වා කටුගෙයි වත් තැම්පත් කළොත් හොඳයි.
මට දැනෙන්නේ මෙතුමාට හීන දකිනවා ඇරෙන්න වෙන මුකුත්ම බැහැ.
රටට සත පහක ප්‍රයෝජනයක් ඇති කෙනෙක්ද ? බොරු විකාර වැඩ.
අවුරුදු 40 තිස්සේ මෙයට මේ රටේ මිනිස්සු කොච්චර වියදම් කරලා තියනවද. කරපු වැඩ එක්ක මේකත් බලන්න වටිනවා.
රනිල්" ඉදිරියට පායනවා නියගයට සුදානම් වෙන්න" කියල කිවොත් ගංවතුර ගලන්න වහිනවා , කෙටියෙන්ම කිවොත් බොහෝවිට සිදු වෙන්නේ මොහු කියන දෙයට ප්‍රති විරුද්ධ දෙයකි , තත්වය එසේ තිබියදී මෙම ප්‍රදර්ශනයට " දකිමු -හෙට දකින රනිල් " "කියල නම තැබීම විහිළුවකි , මෙයට ගැලපෙන මාතෘකාව " මෙන්න සියලු දෙයම කණපිට දකින රනිල් "