(අමල් වික්‍රමරත්න)
තම උපාධි ප්‍රදානෝත්සවය වෙනදා පවත්වන ආකාරයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේම (BMICH) පවත්වන ලෙසට බලකරමින් ගාල්ල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු විරෝධතාවයක නිරත වූහ.
මෙවර උපාධි ප්‍රදානෝත්සවය අම්පාර හාඩි ආයතනයේ පැවැත්වීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බවත් පාලකයන් මුදල් ඉතිරි කිරීමට මෙවර උපාධි ප්‍රදානෝත්සවය හාඩි ආයතනයට ගෙනයන බවත් එසේ වුවද ගියවර පැවති උපාධි ප්‍රදානෝත්සවයටත් රුපියල් 4000 දහස බැගින් එක් සිසුවකුගෙන් අයකළ බවත් ඔවුහු කියා සිටිති. මෙවරද රුපියල් 4000ක් බැගින් එකතු කරන අතර ස්ථානය වෙනස්වූවාට එය අඩුවී නැති බවත් තම දෙමාපියන් සමග අම්පාර වැනි ප්‍රදේශයකට යාමේදී අමතර ප්‍රශ්න රාශියකට තමනට මුහුණ දීමට සිදුවන බවත් ඔවුහු ප්‍රකාශ කර සිටියහ.
සිසුන් මෙහිදී සිය නීවාසික ප්‍රශ්නය ඇතුළු මහපොළ දීමනාවද නිසියාකාරව පොරොන්දු වූ අයුරින් දෙන ලෙස ඉල්ලා ඔවුහු උද්ඝෝෂණයේ නිරතවුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව එපාද?
පාරවල් ගානේ පිස්සු නටනවාට දෙන්න උපාධි, ඩිප්ලෝමා ඉහළින්ම...., මෙයාලා රටට කරන කිසිම වැඩක් නෑ... නිකන් පින්බතාලා තමයි.
ඇයි මේ උපාධි ප්‍රදානෝත්සව තමන් ඉගෙනගත් අයතනවලම පවත්වා, සිසුන්ගෙන් මුදල් අය කිරීම නවත්වන්නේ නැත්තේ? මේවා කිසි අර්ථයක් නැති, ගතානුගතිකව කරන උත්සව පමණයි.
ගාල්ලේ ඉඳන් උපාධි ප්‍රධානොත්සවයට අම්පාරට යනවා කියන්නේ විහිළුවක් නේ. දෙමව්පියන්ට, බලන්න යන අයට නවතින්න වත් තැනක් තියෙයිද?