ආබාධිත රණවිරුවෝ ලෝටස් පාර වහති තම විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටලුවට මෙතෙක් විසඳුම් ලබානොදුන්නැයි කියමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අද(8) කොළඹ ලෝටස් පාරේ ජනාධිපති ලේකම් කාර්යාලයට යන මග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙති. 08 August 2017
දළඳා පෙරහර සිරියෙන් සෙංකඩගල ඇළලෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහර අද(7) පස්වරු 7.53ට දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත්වී වීදි සංචාරය ආරම්භ කළේය. 07 August 2017
වික්ටෝරියා ජලය අඩුවෙයි - පැරණි නගරය මතුවෙයි මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ඇති වුවද සමස්තයක් වශයෙන් බොහෝ ප්‍රදේශවල මේ වන විටත් දැඩි වියළි කාලගුණයක් පවතී. 07 August 2017
අඹේවෙල කිරිපිටි කම්හල අලුත්වෙයි ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය අනුබද්ධ මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් හි අඹේවෙල කර්මාන්ත ශාලාවේ කිරිපිටි නිෂ්පාදනාගාරය නවීකරණය කිරීමෙන් පසු විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(7) සිදුකෙරිණි. 07 August 2017
වැස්ස නැතිව සත්තු රැසක් මරු දකිති වසර 30 කින් පසු පවතින දරුණු නියඟයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම වන සත්තුද පිඩාවන්ට පත්ව සිටිති. 06 August 2017
පොන්නන්කන්නියේ වෙල් යායක් ගිනි ගනී හදිසියේ හටගත් ගින්නකින් මාදම්පේ - පොන්නන්කන්නිය වෙල් යාය ගිනි ගත් අයුරු... 06 August 2017
තෙවැනි රන්දෝලි පෙරහරින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ තෙවන රන්දෝලි පෙරහරේ අවස්ථා.... 06 August 2017
අග්‍රාමාත්‍යතුමා, වේල් පෙරහැර පිළිගැනීමේ අවස්ථාව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) අරලියගහ මන්දිරයේදී වේල් පෙරහැර පිළිගැනීමේ අවස්ථාවට සහභාගි විය. 05 August 2017
සයිටම් ජන රැළියෙන් මාලබේ සයිටම් ආයතනයට විරෝධය පළකරමින් කොළඹ කොටුවේ දී පැවති රැළියේ සහ විරෝධතා පාගමනේ අවස්ථා කිහිපයක්. 04 August 2017
පූනෑව ඉසිපතන විද්‍යාලය විවෘත කෙරේ අභිනවයෙන් ඉදිකළ මැදවච්චිය පූනෑව ඉසිපතන මහා විද්‍යාලය අද(04) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 04 August 2017
ප්‍රථම රන්දෝලි පෙරහරින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (03) ආරම්භ විය. 03 August 2017
අමරපුර මහා නායක හිමියන්ට සන්නස් පත්‍ර පිළිගන්වයි කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් වෙත ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශී‍්‍ර සන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි. 03 August 2017
ආදී වාසීහු මී පැණි පුජා කරති ආදි වාසින් ශ්‍රී දළදා වහන්සේ උදෙසා සම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව ප්‍රධාන වැදි නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්විණි. 03 August 2017
සයිටම් විරෝධීහු පාසල් බිම කුණු ගොඩක් කරති මහනුවර සිට කොළඹ බලා ගමන් කරන සයිටම් විරෝධී පාගමනේ යෙදුණු පිරිස් ඊයේ (02) පස්වරුවේ වේවැල්දෙනිය ප්‍රාථමික විද්‍යාලීය භූමියේදී දිවා ආහාරය ගෙන පාසල් බිම එකම කූණු ගොඩක් බවට පත්කර ඇති අයුරු අද (03) පාසලට පැමිණි අවස්ථාවේ දී දුටු බව විදුහල්පති කහවනුගොඩ විමලධම්ම හිමියෝ පැවසූහ. 03 August 2017
වවුනියාවේ වැව් සිඳි යයි වැව් නිමා පුරවරය නොහොත් වවුනියාවේ කුඩා වැව් 90%කටත් වඩා සම්පූරණයෙන්ම සිඳී යාම නිසාවෙන් වවුනියාවේ වැසියෝ දැඩි පීඩාවට පත්ව සිටිති. 03 August 2017
කාත්තාන්කුඩි ප්‍රහාරයට වසර 27යි කාත්තාන්කුඩි පල්ලියට 1990 වසරේ අගෝස්තු 03 වැනි දා එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් මිය ගිය 103 දෙනාගේ 27 වැනි සැමරුම අද (03) පැවැත්විණි. 03 August 2017
මහනුවර අවසන් කුඹල් පෙරහරින් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (02) වයඹ දිශාභිමුඛව ගමන් කළේය. 02 August 2017
සයුරළ නෞකාව ජනපති අතින් නාවික හමුදාවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම අරමුණින් ඉන්දියාවේ නිෂ්පාදනය කර කොළඹ වරායට රැගෙන ආ අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නීරික්ෂණ නෞකාව ‘‘සයුරළ නමින් ’’ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (2) සවස අධිකාරියට පත්විය. 02 August 2017
පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට රුසියා ජනපති වැලැඩිමියර් පූටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාරගයට බාරදීමේ උත්සවය අද(2) පැවැත්විණි. 02 August 2017
ගුරුවරු පිරිසක් බිම ඉඳගෙන විරෝධතාවක උතුරේ සිංහල ගුරුවරුන් වසර පහකට වැඩි කාලයක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළද මෙතෙක් පත්වීම් ස්ථීර කර නැති බව පවසමින් ගුරුවරු පිරිසක් යාපනය උතුරු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට හිඳ ගනිමින් අද (02) විරෝධතාවක නිරත වූහ. 02 August 2017
සයිටම් විරෝධතා රැසක් රටපුරා මාලබේ සයිටම් ආයතනයට විරුද්ධව අද(2) මධ්‍යහන 12 සිට රට පුරා විවිධ වෘත්තීය සමිති මගින් තම ආයතන ඉදිරිපිට විරෝධතා හා උද්ඝෝෂණ ආරම්භ කළේය. 02 August 2017
සයිටම් විරෝධී වෛද්‍යවරු කළුපටි පැළඳ ප්‍රතිකාර කරති මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා පැවැත්වෙන සයිටම් විරෝධි ජන පවුරට සහයෝගය දක්වමින් අද(2) රටපුරා රෝහල් ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් වෛදවරු කළු පටි පැළඳ රෝගින්ට ප්‍රතිකාර කළහ. 02 August 2017
මහනුවර සිව්වැනි කුඹල් පෙරහර අද මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ හතර වැනි කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (01) රාත්‍රී 7.12 ට ගමන් ඇරැඹීය. 01 August 2017
වරාය අධිකාරියට අවුරුදු 38යි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 38 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙදී අද සවස පැවැත්විණි. 01 August 2017
උතුරේ නියඟය මහජනයා පිඩාවට පත් කරයි මාස අටක කාලයක සිට උතුරු පළාතට වර්ෂාව නොලැබීම හේතුවෙන් පවතින නියං කාලගුණික තත්වයෙන් එම පළාතේ පවුල් 133678 අයත් පුද්ගලයින් 462815 පිරිසක් ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසති. 01 August 2017
ඇමැති අමරවීර - චාමර දික්අරාව චාරිකාවක උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා අලාභ හානි වු බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ නිවාස පරික්ෂා කිරිමේ චාරිකාවක ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර හා ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක යන මහත්වරු නිරත වුහ. 31 July 2017
‘ප්‍රජා සුව දිරිය‘ සිරිකොතේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් ගතවීම නිමිත්තෙන් එක්සත් ජාතික කලා සංසදය විසින් සංවිධානය කළ ‘ප්‍රජා සුව දිරිය’ සෞඛ්‍ය කඳවුර පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (31) පැවැත්විණි. 31 July 2017
ඉරණමඩු වැවත් හිඳෙන්න ළඟයි කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති විශාලතම ජලාශයක් වන ඉරණමඩු වැවේ ජල මට්ටම පවතින නියං තත්වය නිසා සිඳී යාම හේතුවෙන් ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව ඇති බව කිලිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය කියයි. 31 July 2017
අගමැති කන්දේ විහාරයට යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අලුත්ගම කන්දේ විහාරයට පැමිණ විහාරාධිපති බටුවන්හෙනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දුටුවේය එහිදී අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වලට ද සභාගි විය. 30 July 2017
නියඟයෙන් ගවයින්ගේ කොළ තණකොලත් කහ වෙයි පවතින නියං තත්ත්වය ඉදිරි දිනවලද පැවතියහොත් සතා සිව්පාවුන් හට ආහාර සපයා ගැනීමට හා බීමට ජලය නොමැතිවීමේ දැඩි අවදානමක් පවතින බවත් ඉන් වැඩි අවධානමක් ඇත්තේ දහස් සංඛ්‍යාත වූ ගවයින්ට බවත් උතුරේ වැසියෝ පවසති. 30 July 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025