සයිටම් විරෝධීහු පාසල් බිම කුණු ගොඩක් කරති
මහනුවර සිට කොළඹ බලා ගමන් කරන සයිටම් විරෝධී පාගමනේ යෙදුණු පිරිස් ඊයේ (02) පස්වරුවේ වේවැල්දෙනිය ප්‍රාථමික විද්‍යාලීය භූමියේදී දිවා ආහාරය ගෙන පාසල් බිම එකම කූණු ගොඩක් බවට පත්කර ඇති අයුරු අද (03) පාසලට පැමිණි අවස්ථාවේ දී දුටු බව විදුහල්පති කහවනුගොඩ විමලධම්ම හිමියෝ පැවසූහ.