හිරාන් ප්‍රියංකර ජයසිංහ
මේ දිනවල ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දරුණු නියඟයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම වන සත්තුද පිඩාවන්ට පත්ව සිටිති.
තබ්බෝව අභය භුමිය ආශ්‍රිතව ඇති මී ගස් වැව තුළ හා ඒ ආසන්නයේ ජලය නොමැතිව පිපාසිතව සැරිසරමින් සිටි රිලවුන් , තාරකා ඉබ්බන්, කිරි ඉබ්බන් , කුරුල්ලන් ,හා මුවන් හා ගොනුන් රැසක් මරණයට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලය නොමැති වීම නිසා සතෙක් මැරෙනවා නම් ඒක ඉතාම කණගාටුදායක කාරණයක්. පරිණාමයේ පහළ සිටින සතුන් රැක ගැනීම පරිණාමයේ ඉහළ සිටින මිනිසාගේ වගකීමක්. වනජීවි දෙපාර්තමේන්තුව පරිසර සංවිධාන ආගමික සංවිධාන සතුන් රැක ගැනීමේ නායකත්වය ගත යුතුයි. අපේ රටේ සත්ව ජිවිත ගැන අවධානය යොමු වෙනවා හොඳටම මදි. බුදුන් වහන්සේ එකල සතුන් ගැන විශේෂයෙන් සොයා බැලුවත් අද සිටින බුද්ධ පුත්‍රයන් බහුතරයකගෙන් එවැනි දෙයක් සිදු වන්නේ නැහැ.
ගහ කොළ කපලා, ඇළ දොළ හිදිලා ලබන කොන්ක්‍රීට් සංවර්ධනයට ආශ්චර්ය යැයි කියා දී තිබේ අපට.... දැන්වත් අපි වෙනස් වෙමු. වැස්ස ඉල්ලලා දේව කන්නලවු කරලා වැඩක් නැහැ. වැව හාරලා ඊළඟ වැස්සෙන් වත් වතුර ටික පුරවාගමු, වනගහනය දෙගුණයක්වත් කරමු.
ස්වභාවධර්මයා කෝපවී ඇත්තේ අද දින පවතින අසාධාරණයට විරුද්ධවයි.
මෙහෙම වෙන්නේ අර ඇමති බදියුදීන් යාල වනය කපල විනාශ කළාමනේ වෙන්නේ. හෙන ගහන්න ඕනෑ.
එ්කට තමයි කියන්නේ තාරකා ඉබ්බන්,කිරි ඉබ්බන් යන සතුන් ඉන්දියාවට හෝ වෙන රටකට අරගෙන යන්න කියලා.
කිසිම රජයකට තවම බැරිවුණා වැව් ටික හාරලා ජලය ටික රැස් කරගන්න ක්‍රමයක් හදන්න. වහිනකොට වාන් දොරටු අරිනවා. පායනකොට නියඟේ. හරියට ජල කළමනාකරණය කළොත් අපිට නියඟවලට මුහුණදෙන්න පුළුවන්. එක ගමකට එක වැවක් හදන්න.
ඉතින් සත්තු මැරුණට අපි මොනවා කරන්නද? ඔය මිනිස්සුත් ඉන්නේ වතුර නැතුව. අපේ ප්‍රාඩෝ වලින් බී.එම්.ඩබ්ලිව් වලින් වතුර අදින්නද කියන්නේ? අපට අපේ මිත්‍රයව ලොක්කව එහෙම ගලවගන්න මහන්සි වෙන්න තියෙනවා. ඔය සත්තු වෙනුවෙන් කාලෙ නාස්ති කරන්න බෑ.
පව් අහිංසක සත්තු. මේ සත්තුන්ට බොන්න වතුර ටිකක් සපයන්න පුළුවන්කමක් ඇත්තේම නැත්ද? අඩුම තරමේ මේ සතුන්ගෙන් කොටසක්වත් ජීවත් වේවි.
රාජා භවතු ධම්මිකෝ...
පුත්තලම විල්පත්තුව යාබද නගරයයි. දේශපාලකයන් විසින් විනාශ කරන ලද රට සහ එහි භූමිය නැවත ප්‍රතිස්ථාපනය වීමට පටන්ගෙන තිබේ. නියඟයට පසුව එන වසංගත රෝග නිසා ජනතාවට මුඩු භූමියක් ඉතිරිවනු ඇත. ඉදිරියේදී රටේ දරුණු නියං, සාගත, වසංගත සහ මහා පරිමාණයේ ජල ගැලීම් වීමේ අතිශය වැඩි ඉඩක් පවතී. එහෙයින් සියලු මනුෂ්‍යයෝ ස්වභාවධර්මය වනසන්නන්ට එරෙහිව නැගී සිටිය යුතුය. අපේ කුඩා දිවයිනේ සංවේදී පරිසර කලාප මෙසේ අසමතුලිත වීම ඉදිරියේදී අතිශය මාරාන්තික විය හැකිය.
ලංකාවේ ජනගහනය වැඩියි. දැනටත් නිකන් ලබ්බෙ තොවිලෙ වගෙයි. තව අවුරුදු 100 කින් ජනගහනය දෙගුණ වුනාම ඉතිරි කැලෑ 17% නිකම්ම ඉවරයි. මොකෝ 1938 දී දකුණෙ 59% වෙච්ච කැලෑ 17% වුනේ, සිංහරාජෙ කැපුවේ, ගොවිජන සේවයට පගාව දීලා කුඹුරු ගොඩකලේ බදියුදීන්ද? අපේ සිංහල අයියලා තමයි. ඔය ඉතිරි 17% තියෙන්නෙ උතුරු, නැගෙනහිර දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට පිංසිද්ද වෙන්න. ඒ මිනිස්සු තමයි කැලෑ ඔහොමවත් ආරක්ෂා කලේ.