( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
මහනුවර සිට කොළඹ බලා ගමන් කරන සයිටම් විරෝධී පාගමනේ යෙදුණු පිරිස් ඊයේ (02) පස්වරුවේ වේවැල්දෙනිය ප‍්‍රාථමික විද්‍යාලීය භූමියේදී දිවා ආහාරය ගෙන පාසල් බිම එකම කූණු ගොඩක් බවට පත්කර ඇති අයුරු අද (03) පාසලට පැමිණි අවස්ථාවේ දී දුටු බව විදුහල්පති කහවනුගොඩ විමලධම්ම හිමියෝ පැවසූහ.
පාගමනේ යෙදුණු පිරිස් පස්වරු 3.00 ට පමණ වේවැල්දෙනිය ඉන්ධන පිරිවුම් හල ආසන්නයේදී නැවතී දිවා ආහාරය ගත් අතර ඉන් සමහරක් පාසල් බිමේදී ආහාරය ගත්හ.
අද උදෑසන පාසලට පැමිණි අවස්ථාවේ පාසල් බිම පුරා හිස් වතුර බෝතල්, කඩදාසි, මෙන්ම ඉඳුල් අඩංගු ආහාර එතූ කඩදාසි ආදිය තැන තැන දමා තිබූ අතර දෙමාපියන් හා සිසුහූ ඒවා එක් රැස් කිරිමට පියවර ගත්හ. ඒවා එකතුකිරීමෙන් පසු විශාල කුණු ගොඩක් දකින්නට ලැබුණු අතර අවසානයේ දෙමාපියෝ එම කසල ගොඩට ගිනි තැබූහ.
පාසල් දරුවන් ඉතා ඕනෑකමින් පිරිසිදුව පවත්වාගෙන යන පාසල් බිම මෙසේ විනාශ කර ඇත්තේ සෞඛ්‍යය පිළිබදව දැන උගත් බවට සැලකෙන පිරිසක් විසින් වීම ඉතා කනගාටුවට කරුණක් වන බව දෙමාපියෝ පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වැඩේ කෙරුණා නම් එච්චරයි එයාලට. රටට හෙන ගැහුවත් කමක් නෑ. තනිකරම කුහක ගති මේවා... දුටු තැන එලවන්න ඕනෑ..
මේ පාගමන් යන්නේ ඔබ, අප කාගේත් දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතින් වෙනුවෙන් බව නොතේරෙන දෙමාපියන් සිටීම ගැන කණගාටුයි.
සයිටම් විරෝධීනුත් මේ රටේ මිනිස්සුනේ. එයාලා කුණු දාන්නේ එහෙම තමයි.
සයිටම් විරෝධයේ බොරුව පෙන්නන හොඳම අවස්ථාවක්. නිදහස් අධ්‍යාපනයෙන් නඩත්තු වෙන රජයේ ප්‍රාථමික පාසලක පිරිසිදුකම රකිමින් කාපු බීපු දේවල ඉඳුල් ටික ඉවත් කරන්නවත් හැඟීමක් නැති මිනිස්සු ටිකක් තමයි මේ නිදහස් අධ්‍යාපනය රකින්න, පුද්ගලික විශ්විද්‍යාල වහන්න කියලා බොරුවට පාරවල් හරස් කරගෙන යන්නේ. මේ උද්ඝෝෂණ අවංක හැඟීමකින් කරන දේවල් නොවේ. තනිකර බොරුව මේ අය කරන්නේ.
ඔය පෙට්ටියකට එකතු කරපු කෑම කොළ ටිකක් නිකම් එලා දාපු පින්තුරයක්. කෝ තව මහ කුණු කන්දේ පින්තූර? නිසි ලෙස කාසල බැහැර කරන්නේ නැතිනම් නඩු දාන්න.
දැන් ඉතින් සයිටම් පාක්ෂිකයන්ට අදහස් දාන්න පුළුවන් සයිටම් විරෝධී කට්ටියට විරුද්ධව. නමුත් දාන එක කෙනෙක් ළඟවත් ලක්ෂ 120 නැහැ.
ගරු ස්වාමීන්වහන්ස වැඩේ නම් වැරදිතමයි. නමුත් රටේ පාලකයෝ එපෑයෑ අාදර්ශමත් වෙන්න. මට මතකයි නුවර පැත්තේ මැයි පෙළපාලි තියලා රටේ පාලකයොත් කුණු පුරවල ගිහින් තිබුණා. රටේ පාලකයෝ කෙළින් ගියානම් ජනතාව අගේට ආදර්ශයට ගනීවි..!!
අනේ මේ බහුතරයක් අනාගතේ වෛද්‍යවරු වෙන්න බලාගෙන ඉන්න අය නේද?
වේවැල්දෙණියේ ප්‍රාථමික පාසැල මම පහළ බාලාංශයේ සිට අකුරු කල පාසල!! කරුණාකරලා පාසැල දැන්වත් පවිත්‍ර කරලා යන්න.
මේ සයිටම් එක්ක ම අල්ලාගෙන ඉන්න. එතකොට රට ගිහින් ඉගෙනගෙන එනකොට සද්දයක් නෑ...