(ජයමාල් චන්ද්‍රසිරි)
තම විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටලුවට මෙතෙක් විසඳුම් ලබානොදුන්නැයි කියමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අද(8) කොළඹ ලෝටස් පාරේ ජනාධිපති ලේකම් කාර්යාලයට යන මග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙති.
මේ හේතුවෙන් ලෝටස් පාර වසා ඇති අතර එම ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබේ. ජල බවුසර් ද එම ස්ථානයට රැගෙනවිත් ඇති අතර තමන්ට ජනපති හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව උද්ඝෝෂකයෝ කියා සිටිති.
පසුගිය මැයි 15වැනිදාට ප්‍රථම තම විශ්‍රාම වැටුප් ගැටලුවට විසඳුමක් දෙන බව කීවද මෙතෙක් එය ඉටුවී නැතැයි ඔවුහු ප්‍රකාශ කරති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දකිනකොට අපේ ඇස්වලට කදුළු උනනවා.යහපාලනය තියෙනකන් ඔබලාට සැනසිමක්නම් නැහැ විරුවනේ.ඔබේ වටිනා ජීවිත පුජාකරමින් එක්සේසත් කල රට විනසවෙනකොට අපිට ගොඩක් දුකයි.
අබාධිත රණවිරුවන්ට පඩි තුනක් ලැබෙනවා. 1. සියලු දීමනා සහිත මාසික වැටුප මීට අමතරව මොවුන්ට වාර්ෂික වැටුප් වර්ධක සහ උසස් වීම් ද ලැබේ. මෙය රුපියල් 60000 කට වැඩිය. 2. විශ්‍රාම වැටුප මෙයද රුපියල් 35000 ක් පමණ වේ. 3 අබාධිත දීමනාව අවම 15000 ක් පමණ මෙය අබාධිත ප්‍රතිශතය අනුව වැඩි වේ. මොවුන්ට මාසයකට රුපියල් 110000 ක් පමණ ලැබේ. නමුත් යුද්ධයේ පෙරමුණටම වී සතුරාට කෙලින්ම මුහුණදී සටන් කොට යුධදය ජයග්‍රහණය කොට විශ්‍රාම ගිය අබාධ නොවූ සෙබළුන්ට ලැබෙන්නේ උපරිම රුපියල් 35000 ක් පමණයි. ඉතින් මෙය සාධාරණද?
සනත්, ඔයා හමුදාවේද ඉන්නේ , නැත්තන් සිරිකොතේද ? ... නිවැරදි තොරතුරු පමණක් දාන්න ... රුපියල් ලක්ෂයකට වැඩියෙන් ගන්නවානම් පාරේ මෙච්චර දුක් විදින්න ඕනිද ...
සනත් ඔබ කියන ගණන් මේ ආබාධිත රණවිරුවන්ට ලැබෙනවානම් , මේ උදවිය මේ දුක විදින්නේ ආසවටද ? එතකොට ජනපතිතුමා පොරොන්දු උනේ කිසිවක් සොයා නොබලාද ? අනෙක සොල්දාදුවෙක් විදියට බැදෙනකොට දන්නවා යුද්ධෙට යන්න වෙන බව. එහෙම දැනගෙන තමයි ඒ වැටුපට ඔවුන් බැදුනේ . ඔවුන් කරපු සේවයට අපි ණය ගැතී. ඒ නිසා ආබාධිත නොවුනු සොල්දාදුවන්ට එම වැටුප ලැබීමේ වරදක් නැහැ . පසුගිය රජය කාලෙත් ඔවුන්ට හොද වැටුප් වර්ධකයක් ලබා දුන්න. තවත් වැඩිකරන්න පුළුවන් නම් වඩාත් හොදයි. එත් ආබාධිත උණු පුද්ගලයෙකුට අමතර මුදලක් ලැබෙනවට ඒ දැනට සේවයේ ඉන්න කිසිම සොල්දාදුවෙක් අකමැති වෙන්නේ නැහැ. ඔබට පුලුවන්ද එක මාසයක් ඇදට වෙලා ඉන්න ? එක සතියක් හිටියම මේ දුක තේරේවි. අනෙක ඔවුන්ගේ තරුණ කාලේ මෙහෙම වුනාම සිදුවෙන අනෙකුත් දේ මුදලින් මැනිය හැකිද ? සමහරුන් තනිකඩ වෙලා. වයසක අම්මල තාත්තලට ඔවුන්ගේ වැඩකරන්න බැහැ. එකම තැන ඉදල , ඇද තුවාල ඇතිවෙලා සහ බොහෝ ගැටළු ඇත. මේවට යන වියදම සොච්චම් විශ්‍රාම වැටුපෙන් කර ගන්න බැහැ.
සනත් කඩේ යන්න යහපාලනෙට නමුත් ඇඳුම් ඇදගන යන්න.
විපුල සහ බණ්ඩාර, සනත් කියන එක හරි. මම හොඳටම දන්නා නිසා කියන්නේ. 2009 ඉඳන් 2015 වෙනකන් ගෙදරට වෙලා උද බලාගෙන හිටපු රණවිරුවෝ දැන් පාරට බැහැල තියෙන්නේ අයි කියල ඕන කෙනෙක්ට තේරෙනවා.