(කාංචන කුමාර ආරියදාස)
කලාවැවේ සිටින මසුන් දහස් ගණනින් මිය ගොස් ගොඩගසා ඇති බවත් මියගිය මසුන් ප්‍රදේශවාසීහු පැමිණ ආහාර සඳහා රැගෙන යන යති.
වැව අවට මියගිය මසුන් අතර කොක්කු ,දියකාවන්ගේ සිරුරු කොටස්ද දැකගත හැකිය. මියගිය මසුන් කුණු වී ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතී.
මියගිය මසුන් කරවල වේලීම සඳහා රැගෙන ගිය බව කලාවැවේ ධීවරයෝ කියති .
ලක්ෂ ගණනන් මසුන් මියයන්නේ කෙසේද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැත.
මේ පිළිබඳව කඩිනමින් අවදානමක් යොමු නොකළහොත් මසුන් ආහාරයට ගන්නා ජනතාවටද හානි දායක විය හැකිය .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ මිනිස්සු. කන්න තියනවනම් කබරගොයත් තලගොයා කරගන්නවා.අන්තිමට හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා.
"නාරා" ආයතනයේ මහත්වරුන්ගේ ඉක්මන් අවධානය යොමුවේවා. මැරුණු මසුන් මිනිස්සුන්ට කන්න දීලා අහිංසක මිනිස්සුත් මරන්න හදන්නේ. මෙහෙමත් මිනිස්සු ඉන්නවද? කැකිරාව පොලිසියේ මහත්වරුනි, මේ ඔබගේ අවධානයට ලක්වියයුතු කරුණකි.
කරුණාකරලා මියයන මාළු ආහාරයට ගන්න එපා. ඇතිවන අසනීප හිතාගන්නවත් බැරිව යයි.
අභාවප්‍රාප්ත මල්වෙන්නේ කවිතිලක මහත්මා 1988 පලකල අනාවැකි අංක 3 පොතෙහි 26 පිටුවේ මෙවැනි කතාවක් පලකරලා තියෙනවා එතුමා කියන්නේ වෙනත් ග්‍රහලෝකයකින් නිකුත්කරන විසබීජ මිශ්‍ර කිරනයකින් මෙවැනි දේ වෙනවා කියල
කෝ මේ පරිසරවේදීහු, පරිසර අමාත්‍යාංශයකුත් තියෙනවා, ඇත්තටම මේකේ වැඩකරන අය මොකද කරන්නේ.අර කාර්යබාරයක් නැති ඇමතිවරු වගේද දන්නේ නෑ. දැන්වත් මේ අදාල බලදාරින් අනුරපුරය සහ පොළොන්නරුවට වෙන හානිය ගැන නිරීක්ෂණය කල යුතුයි. නියගයටත් මොනවාහරි පාරිසරික ගැටළු බලපානවා ඇති. මේ උපාධි අරගෙන පරිසර ආයතනවල ඉන්න නිලදාරීන් පුටු රත්කර කර ඉන්නවට වඩා රජ කාලේ සශ්‍රීකව තිබුන මේ ප්‍රදේශ ගැන හොයා බැලිය යුතුයි. නැතිනම් නිකන් ගත්ත මේ උපාධි වලිනුත් රටට වැඩක් වෙන්නේ නැ. රටට බැලු බැලු අත ව්‍යසනමයි. එහෙන් ඩෙංගු, මෙහෙන් නියන්, ඇයි මේ වගකිවයුතු අය තාම නිහඬ.
සරසවි සිසුනේ නුබලත් නිදිද. නිදහස් අධ්‍යාපනය ලබනවා වගේම රටට වැඩක් කලයුතුයි. නැතිනම් මොන උපාධි ගැහුවත් වැඩක් නැත. මෙය ඉතා හොඳ මාතෘකාවක් පර්යේෂණයකට. මේ ප්‍රදේශය ජාතියේ ජීවනාලිය බදුයි. නියගයටත් විශාල පාරිසරික හේතු තියෙන්න පුළුවන්. මේවා ඉතාමත් හොඳ පර්යේෂණ මාතෘකා. නිකන් ඉගෙනගන්නවා වගේම රට ගැන හිතා රටේ ඉදිරි පුරවැසියන් ලෙස විශ්වවිද්‍යාල සිසුන්ටද විශාල වගකීමක් තියෙනවා මෙවැනි ව්‍යසන ගැන පර්යේෂණ කොට හේතු සොයා ගැනීම. ඉගෙනගන්නදේ පොත්වලටයි විභාගවලටයි විතරක් පාවිච්චි කරලා මදි ළමයිනේ. අපේ රට මහා ව්‍යසනයන් කරා ඇදී යනවා හැම අතින්ම. මේවාට විසදුම් සොයාන්න දරුවනේ. රටේ පාලකයෝත් වැඩිහරියක් ඉන්නේ හොරු සහ මෝඩයෝ. නුඹලාගේ රට මේක. කොහොමහරි මේ ප්‍රශ්න ගොඩදාන්න
මේක ගැන ටිකක් විතර හොයලා බලනවා නම් හොඳයි. මේ වගේ මාළු ගොඩට එන එක හේතුවක් තමයි ප්‍රජනන ක්‍රියාවලිය. මේ මාළු ගොඩට එන ගමන් සංවාසයේ යෙදිලා ඒ සමගම බිත්තර දහස්ගනනින් දානවා. ඒක හොයාගන්න පුලුවන් විමසිල්ලෙන් බැලුවොත් ඉතා කුඩා බිත්තර අවට විසිරිලා තියෙනවා. ඒ වගේම මාළු වර්ගය එක සමාන වෙන්න ඕනේ. ඒත් වටපිටාවේ කුරුල්ලොත් මැරිලා ඉන්නවා නම් වෙන හේතුවක් වෙන්නත් පුලුවනි. එහෙම නම් ආහාරයට ගන්න එක හොඳ මදි.