(දයාරත්න ඇඹෝගම)
කොටි ත‍්‍රස්තවාදයෙන් මවු බිම බේරා ගැනිම සදහා අනුපමේය සේවාවක් කළ ලූතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ 25 වන ගුණ සමරු උත්සවය අද(08) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට වටරවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බැකඩුව පිළිරුව ඉදිරිපිටදි පැවැත්විණි.
මෙම අවස්ථාවට ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ බිරිද ලලි කොබ්බැකඩුව මහත්මිය සහ යුද හමුදා උසස් නිලධාරිහූ රැසක් එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට නිවන් සැප ලැබේවා යි පැතීම හැර අද අපිට කිරීමට කිසිවක් ඉතිරිවී නැහැ,
විරෝදාර සෙන්පතිතුමනි ඔබ අප රටට් කල අනුපමය සේවයට අගයක් එක්කල නොහැක ඔබගේ සේවය සහ ඔබ සද අමරණීයි ඔබට නිවන් සුව.
විරෝදාර සෙන්පතිතුමනි ඔබ අප රටට කල අනුපමය සේවයට අගයක් එක්කල නොහැක ඔබගේ සේවය සහ ඔබ සදා අමරණීයි ඔබට නිවන් සුව.
මම ඉතාම ගරුකරන හමුදා නිලදාරී තුමා. එතුමා කල සේවය මොනම මොහොතකවත් අනෙක් උදවියගේ සේවයත් එක්ක සංසන්දනය කරලා ලකුණුද ගන්න බැලුවේ නැහැ. ඒ වගේම තනතුරු වලින් හිස උදුම්ම ගත්තේ නැහැ. සියලුම සොල්දාදුවන්ට මෙතුමා නිසා ගෞරවය වැඩි වුනා. එතුමාට නිවන් සුව පතනවා හදවතින්ම.
මහා එවුන්ගේ බල තන්හාවට රටට නැතිවෙච්ච වටිනා ජීවිතයක්. ඔබ ලක්බිමේ සධාකාලික වීරවරයෙක්.
මහා එවුන්ගේ බල තන්හාවට රටට නැතිවෙච්ච වටිනා ජීවිතයක්. ඔබ ලක්බිමේ සධාකාලික වීරවරයෙක්.
විරෝදාර සෙන්පතිතුමනි ඔබ අප ලංකා මාතාවට කල සේවය සදා රන් අකුරින් ලියවී ඇත.ඔබ තුමාට නිවන් සැප ලැබේවා
1992 අගෝස්තු 08වන දින යාපනය අරාලිතුඩුවේදී උතුරු ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න ඇතුළු රණවිරුවන් 09 දෙනෙකු කොටි ත්‍රස්තයන්ගේ රුදුරු බිම්බෝම්බයකට ගොදුරුවී අප අතරින් සමුගන්නලදී. සිංහල ජාතියටම මහත් ශෝකදිනයක්ව ඒ දවස මට අදවගේ මතකයි. එතකොට මට වයස අවුරුදු 10යි,රට තොටගැන නිසි අවබෝදයක් නැති පුංචි ළමයෙක්වූ මම ඩෙන්සිල් කොබ්බැකඩුව මහතා ශ්‍රේෂ්ට හමුදානිල්ධාරියෙක් බව අසා තිබුනා. එදා අපි හැමෝම දුකවුනා. අපි හිතුවේ,අපි කොටින්ට පැරදුනා කියලයි. එහෙත් ඔබ තුමා මුලපිරු රට බේරාගැනීමේ මෙහෙයුම අද යථාර්තයක්වී හමාරයි. ඔබ කොහේ සිටියත් යුද ගිනි නැති මෙ ලංකා භුමිය දැක සතුටුවනු නොවනුමානයි. නොසිතු මොහොතක ඔබ ජාතියෙන් සමුගත්තත් සාමය සතුට සුවවිදින ශ්‍රීලාංකික හදවත් තුල ඔබගේ නාමය කිසිදා මැකී නොයාවි. එතරම්ම ඔබ විශිෂ්ටයි , අමරණීයයි.. විරෝදාර සෙන්පතිතුමනි ඔබට නිවන් සැප ලැබේවා .
ඔබ තුමාට නිවන් සුව ලැබේවා. ඔබ තුමා ජීවත්ව සිටිය නම් අද යහපාලනයෙන් හිර ගෙදර.
විරෝදාර සෙන්පතිතුමනි, ඔබ අප රටට කළ අනුපමේය සේවයට අගයක් එක්කල නොහැක. ඔබගේ සේවය සහ ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා!!! මතු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!! ඔබතුමා සියලු ජනතා සිත්වල සදා අමරණීයයි. අප ඔබට සදා ණය ගැතියි.
මා ආදරය කරපු සහ තවමත් ආදරයෙන් මතක් කල හැකි විරෝදාර, සංවේදී උත්තම පුර්ෂයෙක්. ඔහු ඇතුළු ඔහුත් සමඟ මෙලොව හැරගිය සියලුම විරුවන් සදා අමරණීයයි.!
ජේ.ආර්.වයට් (එම.බී.ඊ.) ටෙක්නිකල් කොන්සල්ටන්ට් ගේ වාර්තාව අපටත් කියවන්නට ලැබුණා. මෙතුමා සහ සගයින්ගේ ඝාතනය කොටින් විසින් කරන ලද්දක්ද එසේත් නැත් නම් "අපේම කල්ලියකගේ " වැඩක්ද? යන්න ගැන බරපතල සැකයක් උපදී. මේ ගැන විධිමත් පරීක්ෂණයක් කර අපරාධකරුවන් කවුද කියා දැන්වත් හෙළි කලොත් නරකද?