IMG-LOGO

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද

(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)

මහනුවර ‍‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.54 ට ආරම්භ විය.

පෙරහර දළදා වීදිය(වෝඩ් වීදිය),ඩී.එස් සේනානායක වීදිය(ත්‍රිකුණාමල වීදිය), පන්සලපාර, දේවවීදිය, කොළඹ විදීය(ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), යටිනුවර වීදිය ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ආපසු පැමිණීමට නියමිතය.

අලි ඇතුන් 60 දෙනෙකුගෙන් සමන්විත මෙම පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරවන ලද්දේ ඉන්දිරාජා හස්තියා මතිනි.

අදින් ඇරඹුනු කුඹල් පෙරහර අගෝස්තු මස 02 දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර අගෝස්තු මස 03 සිට 07 දක්වා පුරාදින පහක් වීදී සංචාරය කිරීමට නියමිතය.

ඇසල මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 07 වැනිදා රාත්‍රි වීදි සංචාරය කර පසුදා (08 වැනිදා) පැවැත්වෙන දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මෙවර ඇසළ මංගල්‍යයේ අවසානය සනිටුහන් වන බවද  දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

ජේ.ඒ.එල්. ජයසිංහ

 



අදහස් (2)

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද

sunil Pushpadana Saturday, 29 July 2017 04:48 PM

වැස්සක් අහලක නොතිබුණු දවසක පාන්දරම මහා වැස්සක් වැහැලා උදේ හතවෙනකොට හිරුත් පායලා පරිසරය කළ විශ්මය මම නම් දුටුවේ දළදා පෙරහැරට කළ ආශිර්වාදයක් ලෙසයි

:       1       385

sarath Sunday, 30 July 2017 05:10 AM

වැස්සක් අහලකවත් තිබුනේ නැති කාල වකවානු ගොඩක පෙරහැර පටන්ගන්න දවසේ උදේට හිරිපොදක් හරි වැටෙනවා. දවල් පෙරහැර දවසෙත් එහෙමමයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site