IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාගම්පුර වරාය ගිවිසුම අත්සන් කෙරේ

(ඉෂාන් සංජීව)

​​හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ චීන රජයේ සහභාගිත්වයෙන් අද (29) වරාය හා නාවික අමාත්‍යංශයේ දි අත්සන් කෙරිණි .

​එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ,උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,විශේෂ ව්‍යාපෘති අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම,නි‍යෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරු සහභාගී වූහ.

චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තනාපතිවරයා හා චයිනා මර්චන්ට් සමාගමේ විධායක උප සභාපතිවරයා සහ රාජ්‍ය නිලධාරීහූ පිරිසක් සහභාගි වූහ.​



අදහස් (19)

මාගම්පුර වරාය ගිවිසුම අත්සන් කෙරේ

karunajeewa Saturday, 29 July 2017 07:18 AM

අද සිනාසෙන්නේ හෙට උපදින දරුවන්ගේ කඳුල සහ පරගැති භාවය වෙනුවෙන්.. සතුටක් නොව දුකකි...

:       96       1223

sahanSaturday, 29 July 2017 02:57 PM

කරුණාජීව, මේක හදන්න ණය ගන්නකොට ඒ ණයවලින් වැඩි කොටසක් පිල්ලි ගහන කොට ඔබලා කොහෙද හිටියේ?

:       745       754

Pradeep LiyanageSunday, 30 July 2017 03:07 AM

දැන්නම් ණය ගන්නෙත් නෑ, පිල්ලි ගහන්නෙත් නෑ. මොකද රට ජාතිය නගා සිටුවන්න ආපු ආණ්ඩුවක්නේ. මේ ටික කාලෙට රට මොන තරම් සංවර්ධනය උනාද? දැන් ජනතාව හරිම සතුටින් කල් ගෙවන්නේ.

:       3       0

kamal Saturday, 29 July 2017 07:26 AM

යහපාලන රජයට අපේ ප්‍රණාමය. !!!

:       644       335

බණ්ඩාර(කැකිරාව) Saturday, 29 July 2017 07:33 AM

මේ හම්බන්තොට වරාය තිබුණ නිසා කඩාවැටුණු ශ්‍රීලංකා ආර්ථිකය පොඩ්ඩක්හරි ගොඩදාගත්තා, එමනිසාම අපේ රුපියල අවප්‍රමාණවීම ටික කාලයකට නතර වේවි.

:       67       236

SamanSaturday, 29 July 2017 03:14 PM

ඔරුව පෙරලුනාම මේ පැත්ත හරිම ෂෝක් කිව්වලු..

:       108       82

Dusara Saturday, 29 July 2017 08:03 AM

රටේ සම්පත් විකුණලා, මේ අයට හරි ජොලි. කොහොම වුණත් මේ අයගේ කොමිස් එක ලැබෙනවනේ...

:       4       655

sahanSaturday, 29 July 2017 03:00 PM

එතකොට මේක හදන්න ගත්ත ණයෙන් කොමිස් ගියපුවා, ඒකාලේ ඇමැති කෙනෙක් හිටියා ෆෝර්ටි පසන්ට් කියලා..

:       321       140

kanthi Saturday, 29 July 2017 08:36 AM

මේ වගේ අයට වරදින දවස ඉතාම ළඟයි.

:       5       279

sahanSaturday, 29 July 2017 02:57 PM

අප්පොච්චිට විතරයිද හරියන්නේ මේවා?

:       273       132

රොමේෂ් Saturday, 29 July 2017 10:31 AM

මොනවා වුනත් චීනාට දීලා හිනාවෙන්න පුළුවන් අය දකිද්දී අපිට නම් ලැජ්ජයි.

:       3       99

sahanSaturday, 29 July 2017 02:58 PM

රොමේෂ්, පහුගිය කාලෙ චීන්නුත් එක්ක ඉන්න කොට එහෙම නැද්ද?

:       154       21

SamanSunday, 30 July 2017 03:51 AM

මේකනෙ සහන්, ඒගොල්ලො ඉන්නෙ වීදුරු ගෙවල්වල.. ඉතින් කොහේ තියෙන ලැජ්ජද ?

:       0       1

rohan Saturday, 29 July 2017 12:06 PM

ලංකාවේ ආර්ථීකයට චීන්නු අත දැම්මේ කාගේ වරදින්ද?

:       40       14

gallage Saturday, 29 July 2017 01:55 PM

මේක මෙයාලගේ බූදලේ වගේ විකුණා විකුණා යන්නේ. බලමුකෝ ...

:       2       87

jayatissa Saturday, 29 July 2017 02:06 PM

පාට කණ්ණාඩිවලින් බලලා මෝඩ ප්‍රතිචාර ලියන්නේ නැතුව ගිවිසුම කියවා බලා ඔබේ විනිශ්චය සඳහන් කරන්න.

:       70       3

nishantha Saturday, 29 July 2017 02:48 PM

තමන්ගේ සාක්කුව පිරෙන්නයි අනුවණ මිනිසුන්ගේ ඡන්දේ ගන්නයි. ඒ කාලේ කවුදෝ කෙනෙක් මේක ඔරොත්තු දෙන්නැති අධික වියදමකින් හැදුවලු... එක නැවක් වත් එන්නැති... ලැජ්ජාව වහගන්න එදා කොළඹට එන වාහන නැව් බලෙන් හම්බන්තොටට හරවලා අර වාහන අමතර පිරිවැයකින් ආපහු කොළඹට පාරෙන් ගෙනවාලු ... එයාලගේ නම අපේ හම.. (බදු ගෙවන්නේ අපිනේ) ඇති යාන්තන් දැන්වත් ආදායමක් නැති වරාය චීන්නුන්ට බදු දීල වත් ගොඩ ගන්න හැදුවට..

:       474       1170

Pradeep LiyanageSunday, 30 July 2017 03:25 AM

ආදායම් නැති වරාය චීන්නු අරගත්තේ අපිට තියන ආදරේට කියලා වෙන්න ඇති මෙයාලා හිතන්නේ. අපිට අදායම් උපදවන්න බැරි වුනාට චීනෙට අදායම් උපදවන්න පුලුවන්නම් එතන තියෙන්නේ වාරයේ ප්‍රශ්නයක් නෙමෙයි, එහි පාලනයේ වරදක්. සිල්ලර කඩේක වුනත් හරි පාලනයක් නැති වුනොත් කඩේ බංකොලොත් වෙනවා. රටක් පාලනය කරන්න, රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කරන්න හැම දේශපාලකයටම බෑ, හොද දැක්මක් සහිත, රටේ දියුණුවට කැපවුන දුරදර්ශි පුද්ගලයෙකුට හැර. රටේ සම්පත් විකුණලා රට දියුණු කරන්න හිතනවානම් එක තමයි ලොකුම මෝඩ කම.

:       93       0

kumar (galf) Saturday, 29 July 2017 06:10 PM

කෝකටත් ඉන්දියාවට නොදී චීනෙට දීපු එක හොඳා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site