(ඉෂාන් සංජීව)
හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ චීන රජයේ සහභාගිත්වයෙන් අද (29) වරාය හා නාවික අමාත්‍යංශයේ දි අත්සන් කෙරිණි .
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ,උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,විශේෂ ව්‍යාපෘති අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම,නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරු සහභාගී වූහ.
චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තනාපතිවරයා හා චයිනා මර්චන්ට් සමාගමේ විධායක උප සභාපතිවරයා සහ රාජ්‍ය නිලධාරීහූ පිරිසක් සහභාගි වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සිනාසෙන්නේ හෙට උපදින දරුවන්ගේ කඳුල සහ පරගැති භාවය වෙනුවෙන්.. සතුටක් නොව දුකකි...
යහපාලන රජයට අපේ ප්‍රණාමය. !!!
මේ හම්බන්තොට වරාය තිබුණ නිසා කඩාවැටුණු ශ්‍රීලංකා ආර්ථිකය පොඩ්ඩක්හරි ගොඩදාගත්තා, එමනිසාම අපේ රුපියල අවප්‍රමාණවීම ටික කාලයකට නතර වේවි.
රටේ සම්පත් විකුණලා, මේ අයට හරි ජොලි. කොහොම වුණත් මේ අයගේ කොමිස් එක ලැබෙනවනේ...
මේ වගේ අයට වරදින දවස ඉතාම ළඟයි.
මොනවා වුනත් චීනාට දීලා හිනාවෙන්න පුළුවන් අය දකිද්දී අපිට නම් ලැජ්ජයි.
ලංකාවේ ආර්ථීකයට චීන්නු අත දැම්මේ කාගේ වරදින්ද?
මේක මෙයාලගේ බූදලේ වගේ විකුණා විකුණා යන්නේ. බලමුකෝ ...
පාට කණ්ණාඩිවලින් බලලා මෝඩ ප්‍රතිචාර ලියන්නේ නැතුව ගිවිසුම කියවා බලා ඔබේ විනිශ්චය සඳහන් කරන්න.
තමන්ගේ සාක්කුව පිරෙන්නයි අනුවණ මිනිසුන්ගේ ඡන්දේ ගන්නයි. ඒ කාලේ කවුදෝ කෙනෙක් මේක ඔරොත්තු දෙන්නැති අධික වියදමකින් හැදුවලු... එක නැවක් වත් එන්නැති... ලැජ්ජාව වහගන්න එදා කොළඹට එන වාහන නැව් බලෙන් හම්බන්තොටට හරවලා අර වාහන අමතර පිරිවැයකින් ආපහු කොළඹට පාරෙන් ගෙනවාලු ... එයාලගේ නම අපේ හම.. (බදු ගෙවන්නේ අපිනේ) ඇති යාන්තන් දැන්වත් ආදායමක් නැති වරාය චීන්නුන්ට බදු දීල වත් ගොඩ ගන්න හැදුවට..
කෝකටත් ඉන්දියාවට නොදී චීනෙට දීපු එක හොඳා.