IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නියඟයෙන් වෙහෙරගල පන්සලටත් පීඩා

( ජයරත්න වික්‍රමාරච්චි )

පුත්තලම කරුවලගස්වැව කොට්ඨාසයට බලපෑ ඇති නියං තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජලාශ රැසක් සිඳී එහි ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.   

පුත්තලම කරුවලගස්වැව ඉහළපුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ හිමිවරුන් මෙතෙක් ස්නානය සහ ජල අවශ්‍යතා සපුරාගත් පංසල්වැව ජලාශය සිඳියාම නිසා  ඒ හිමිවරුන්ට දුරින් පිහිටි මහවැවට වැඩම කිරීමට සිදුව තිබේ.

“ජනතාව වගේම වන සතුනුත් පීඩාවට පත්වෙලා. ජල මූලාශ්‍ර සිදීම නිසා ජලය බෙදාහරින ආයතනවලටත් ගැටලුවක් ඇති වෙලා තියෙනව.දැනට අපේ පළාතේ මහවැවේ විතරයි වතුර ටිකක් තියෙන්නෙ. ඒකෙන් තමයි අපි කොයි කවුරුත් දිය නා ගන්නෙ. මේ දවස්වල විශාල පිරිසක් ඒ වැව පරිහරණය කරන නිසා සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න පුළුවන් ‘‘ යැයි“ ඉහළපුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරාධිපති තම්මැන්නාවැටියේ රතනජෝති  හිමියෝ පැවසූහ.

පංසල්වැව ජලාශය පාමුල ක්‍රියාත්මකව පැවැති පානීය ජල යෝජනා ක්‍රමයද මේ වනවිට අක්‍රීය වී තිබේ.

එම ස්ථානයේ නල ළිඳක් ඉදිකළ ද එහිද ජලය නොතිබූ නිසා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ප්‍රාදේශීය සභාව සහ කලාඔය යුද හමුදා කදවුරේ අනුග්‍රහයෙන් බවුසර මගින් පානීය ජලය ලබා ගන්නා බවත්  ඒ හිමියෝ පැවසූහ.

මෙම ගැටලුවට ස්ථීර විසදුමක් ලෙස සාලියවැව ජල යෝජනා ක්‍රමය වෙහෙරගල විහාරස්ථානය දක්වා දීර්ඝ කිරීම කෙරෙහි කඩිනමින් අවධානය යොමුකරවන්නැයි ඉල්ලා සිටින බවත් ඒ හිමියෝ ප්‍රකාශ කළහ.

 (වන සතුන්ට ජලය තබන හිමිවරුන්)

(සිදීගොස් ඇති පංසල්වැව ජලාශය)

(ස්නානය සදහා මහවැව ජලාශයට වැඩම කරන හිමිවරුන්)



අදහස් (5)

නියඟයෙන් වෙහෙරගල පන්සලටත් පීඩා

ruchira Thursday, 27 July 2017 05:11 PM

මේ කනගාටු තත්වයට එකම අදහසක් වත් කවුරුවත් දාල නෑ. සයිටම් එක හරි වෛද්‍ය සංගමය හරි වචනයක් ලියවුණොත් බලත හැකි එන අදහස් ටික.

:       82       207

Sathyapala Thursday, 27 July 2017 11:02 PM

මේ ආණ්ඩුව තියනකම් සොබාදහම පවා රටට දඩුවම් කරනවා.

:       0       24

sunil perera Thursday, 27 July 2017 11:49 PM

සැරියුත් මුගලන් පරපුරේ දම් ගග ගලන. පිනෙන් නියගයේ උව සුදු නෙලුම් විකසිත වෙන සැනින් අනාගත බුදු පුතුන් වඩිනවා සක්මන් දෙන. තකින් දිය ගංගා ගලා උතුරා යන්නට හදනවාහෙට සැනින්

:       0       3

chris Friday, 28 July 2017 02:41 AM

මොනවා කරන්නද අපේ රටේ දේසපාලුවන්ගේ වැඩ හින්ද සොභාවධර්මය අයේ කවද ලංකාව දිහා බලයිද දන්නැහැ .

:       0       7

prabash Friday, 28 July 2017 04:43 AM

මේ සම්බන්ධයෙන් වහාම කමිටුවක් පත් කල යුතුයි. ඔන්න අදහසක් දැම්මා...

:       51       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site