(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති විශාලතම ජලාශයක් වන ඉරණමඩු වැවේ ජල මට්ටම පවතින නියං තත්වය නිසා සිඳී යාම හේතුවෙන් ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව ඇති බව කිලිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය කියයි.
කිලිනොච්චිය ඉරණමඩු වැවේ ජලය මුදාහැරෙන ඇල මාර්ගයේ රොන් මඩ ඉවත් කොට වැවේ ඉතිරි වී ඇති ජලය සිය ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ලබා ගන්නට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති බව ගොවීහු පවසති.
පෙර වසර වලට වඩා කිලිනොච්චිය ඉරණමඩු ජලාශය සැලකිය යුතු ලෙසින් ජල මට්ටම අඩු වී ඇති ඉරණමඩු ජලාශයේ පූරන ජල මට්ටම වූ අඩි 32 කින් අඩි පහකටත් අඩුවෙන් පැවතීම නිසා කිලිනොච්චිය ජලාශයෙන් ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු වලින් ජීවත් වන ගොවි පවුල් 20,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බවට කිලිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ දෙමළ ගොවියොම වැවට බැහැලා, මඩ ඉවත් කරලා, වැව හාරගන්නවා ඉඩෝර කාලෙට.. ඊට පස්සෙ වැස්ස ආවම වැව පිරෙන නිසා. දකුණේ කම්මැලි ගොවියො ඒකත් ආණ්ඩුවෙන් කරනකන් බලාගෙන ඉන්නවා. ඉඩෝර කාලේ ඒ වැඩේ වෙන්නෙ නෑ. ඊට පස්සෙ වැස්ස කාලෙදි වැව් උතුරලා ගංවතුර ඇතිවෙනවා. ඊට පස්සෙ කොහේ හරි මඩුවක් ගහගෙන ආණ්ඩුවෙන් සහනාධාර දෙනකන් බලාගෙන ඉන්නවා. මේක තමයි ජාතින් දෙක අතර වෙනස.