IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වන සතුන්ට බොන්න සිඳුණු වැවට දිය පුරවති

(ජයරත්න වික්‍රමාරච්චි)

පවතින දැඩි නියඟය හේතුවෙන් තබ්බෝව අභයභූමිය හා ඒ අවට රක්ෂිතවල පීඩාවට පත්වී සිටින වන සතුන්ට පානීය ජලය දීමේ වැඩසටහනක් ඉහළපුලියන්කුලම විද්‍යා චක්‍රවර්ති මහ විද්‍යාලය සංවිධානය කර තිබිණි.

සාලියවැව මීගස්වැව රක්ෂිත ප්‍රදේශයේ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

එම විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.ඒ.සී. දිසානායක මහතා ඇතුළු ගුරු මණ්ඩලය සහ එහි 10-13 වසරවල ඉගෙනුම ලබන සිසුන්  මෙම සද් කාර්යය සංවිධානය කර තිබුණි.

ඔවුහු අත් ට්‍රැක්ටර් සහ ලොරියක් යොදාගෙන ප්‍රදේශයේ  මහවැව ජලාශයෙන් ජලය රැගෙන ගිය අතර‍ වන රක්ෂිත මායිම ආසන්නයේ දිය සිඳුණු මීගස්වැව ජලාශයට ගොස් එහි කෘතිමව සකස් කරන ලද කුඩා පොකුණුවලට ජලය පිරවූහ.

මෙම කටයුත්ත සදහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනී රම්‍යා තඹවිට මෙනවිය සහ සිවිල් ආරක්ෂක බලකාය ද එක් වී සිටි අතර ගම්වාසීහූද මේ සඳහා දායක වූහ.



අදහස් (7)

වන සතුන්ට බොන්න සිඳුණු වැවට දිය පුරවති

රොමේෂ් Saturday, 29 July 2017 09:35 AM

ඉතාමත් හොඳ වැඩක්. මෙයින් ලද ප්‍රතිඵලය කුමක් වුවත් ඔබගේ චේතනාවට සහ උත්සාහයට හිසනමා බුහුමන් කරන්න ඕනෑ. ඔබ සැමට ගොඩක් පින්. මේ දරුවන්ව ආදර්ශයට අරගෙන කව්රුන් හෝ (ආණ්ඩුව/සංවිධානයක්) මුලිකත්වය ගන්නවා නම් විශාල ව්‍යාපෘතියකට, අපේ රටේ නියඟයෙන් පීඩාවට පත්වෙන මිනිස්සුන්ට, සත්තුන්ට අවශ්‍ය ජලය ලබාදෙනඑක එතරම් අමාරු වැඩක් නෙමෙයි. රටේ මිනිස්සු උදව් කරයි ශ්‍රමයෙන්, ධනයෙන්. ජල කේන්ද්‍රීය රටක, රට මැදින් පටන්ගෙන ගංගා එකසිය ගානක් දසතින්ම මුහුදට වැටෙන රටක, ඉතාමත් සක්‍රිය නිරිතදිග සහ ඊසානදිග මෝසමක් තියෙන රටක මිනිස්සු, සත්තු වතුර නැතුව මැරෙනවා කියන්නේ රටේ පාලකයාගේ තියෙන දුර්වලතාවය මිසක්... ඒ පීඩාවිඳින මිනිසුන්ගේ සහ සත්තුන්ගේ වරද නෙමෙයි. මෙය ඉතාමත් ඉක්මණින් විසඳිය යුතු අති සංවේදී කාරණයක්.

:       0       109

Rukmal Saturday, 29 July 2017 10:00 AM

හොද වැඩක් කියන්න පුළුවන් . මහා පුණ්‍ය කර්මයක්

:       0       10

raveendra Saturday, 29 July 2017 10:08 AM

ඉතාමත් යහපත් ක්‍රියාවක්. කළ හැමෝටම ගොඩක් පින් .

:       0       10

බණ්ඩාර (කැකිරාව) Saturday, 29 July 2017 10:47 AM

මේ පුංචි මල් කැකුළුටික කරන්නේ ඉතාම උතුම්, යහපත් වැඩක්. අපි ඔබගේ මේ පින් සිතුවිල්ල තවතවත් වැඩි දියුණුවේවා යයි ප්‍රාර්ථනා කරමු. ජල පිපාසයෙන් පෙලෙන අහිංසක සතුන්ගේ ජීවිතය රැකගැනීමට මෙවැනි දායකත්වයක් ලබාදෙන දරුවන් සැබවින්ම උතුම් මිනිසුන් වන්නේය... වැවේ වතුරටික හිඳුනාම ඉන්න පුංචි මාළුවා පටන් මරන් කන්න දඟලන පාපතර මිනිසුන්ගේ සිත් සතන් මේ පුණ්‍ය ක්‍රියාවෙන්, සිසිලෙන් සුවපත් වේවා.!!!

:       0       13

rohan Saturday, 29 July 2017 12:14 PM

අල්ලපු ගෙදර ළිඳට තමන්ගේ වැසිකිළිය හරවන රටක්..... ඒත් මේ කර තිබෙන්නේ මහා පුණ්‍ය කර්මයක්..

:       0       9

neel Saturday, 29 July 2017 06:32 PM

දැන් සත්හුන්ට වතුර දීල මරන්න රැකල ඉන්න එපා ..

:       3       0

neel Saturday, 29 July 2017 06:32 PM

එක කට්ටියක් වතුර දෙනකොට තව අය මරන්න බලන් එන්නවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site