IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


සයිටම් විරෝධීහු අත්පත්‍රිකා බෙදති

(ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මාලබේ සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස රජයට බල කර සිටීමේ අරමුණින් පිහිටුවා ගන්න ලද ‘සයිටම් විරෝධී ජන පවුර’ සංවිධානය අද (24) කොළඹ කොටුව දුම්රියපොළ පරිශ්‍රයේදී මහජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීමක් සිදු කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ  විවිධ වෘත්තීය සමිතිවල සාමාජික සාමාජිකාවෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර ඔවුහු සිය විරෝධය සහිත අත්පත්‍රිකා දුම්රිය මගීන්ට බෙදා දුන්හ. 

මේ අතර සයිටම් විරෝධී ජාතික මහා සමුළුවක් හෙට (25) සවස 3 ට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන බවත් ඒ සඳහා සහභාගී වන ලෙස ද ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
 


 



අදහස් (20)

සයිටම් විරෝධීහු අත්පත්‍රිකා බෙදති

kap Monday, 24 July 2017 07:21 AM

පාරෙ කොල බෙද බෙද වෙලාව කන්නෙ නැතුව ඉස්පිරිතාලවලට ගිහින් බෙහෙත් දෙන්න

:       307       419

de silva berlin Monday, 24 July 2017 08:49 AM

ඕකට තිබෙන ජනතා ප්‍රතිචාරය අර තුන්වෙනි පින්තුරේ බැලුවහම හොඳට පෙනෙනවා. ඔය මොන විශ්ව විද්‍යාලයෙන් පිට වුණත්, රස්තියාදුවක් නැතුව නියම ප්‍රමිතියකට බෙහෙත් ටිකක්, ප්‍රතිකාරයක් ගන්න අවශ්‍ය නම් අපි මුදල් ගෙවා පුද්ගලික රෝහලකට, බෙහෙත් ශාලාවකට හෝ චැනල් කඩයකට යන්න ඕනේ....

:       6       252

රූපසිංහ Monday, 24 July 2017 01:43 PM

පහසුව පතා පුද්ගලික චැනල් සර්විස් වලට ගිහින් පුද්ගලික රෝහල් වල නවතින්න කීවම එහි නැවතිලා එතනින් වැඩ වැරදුනාම කොතැනට ඔබලා එන්නේ? නිකන් කිසිදෙයක් නොදන්නා බබාලා වගේ කහින්නතුව ඉන්න මහත්මයා.

:       4       100

uddikaTuesday, 25 July 2017 02:54 AM

වරදින්න බෙහෙත් දෙන්නෙත් ඔය මහත්තුරුම තමා. කීයක් ගෙවනවද චැනලින් වලට රු 2000කට වඩා වැඩියි. ඇයි මිනිස්සු යන්නෙ. කහනවට නෙමෙයිනේ. එතකොට පහසුවටද මිනිස්සු පුද්ගලික බෙහෙත් ගන්නේ. එතකොට බෙහෙත් දෙන්න එන අය එන්නෙත් පහසුවටද?

:       1       1

SusilWednesday, 26 July 2017 03:50 AM

"පහසුව පතා පුද්ගලික චැනල් සර්විස් වලට ගිහින් " අනේ මගේ කට..

:       1       0

srimala Monday, 24 July 2017 09:07 AM

මේ මිනිසුන් තමුන්ගේ වටිනා කාලය කොච්චර අපතේ යවනවාද? සයිටම් මුළු රටම වෙලාගත්තා වගේ දැඟලුවට සයිටම් එකේ ඉන්නේ සීයකටත් වඩා අඩු ළමයින් ප්‍රමාණයක් නේද? කල යුත්තේ සයිටම් එකට ප්‍රමිතියක් සාදා ඇති හැකි අයගෙන් මුදල් අයකර එම බදු වලින් නිදහස් අධ්‍යාපනය නගා සිටවීමයි.

:       103       166

Siva Monday, 24 July 2017 09:32 AM

අනේ අනේ ජවිපෙට ගිය කලක්... ඔය කොළ බෙදුවට ඕවා ගණන් ගන්නේ නැහැ. කාලේ නාස්ති කරලා තව තරුණ පරපුරෙන් කොටසක් යවන්නද යන්නේ?

:       103       223

Rohitha Monday, 24 July 2017 10:09 AM

මේ වැඩ කරන වෙලාවේ මේ විකාර කරන්නේ මෙයාලා දුපත් ලෙඩුන්ට බේත් දෙන්නේ කොයි වේලාවේද? මහජන මුදල් වලින් නොමිලේ ඉගෙනගෙන දැන් අත්පත්‍රිකා බෙදනවා. අනේ මෙහෙමත් ම්නිස්සු. මේ වගේ කට්ටිය තමයි රට හදන්නේ!!!

:       4       129

MOHAN Monday, 24 July 2017 11:15 AM

දොස්තර මහත්තයව සමහර මිනිස්සු ගණන් ගන්නේ නැහැ වගේ. ඔය නොදැක්ක වගේ යන්නේ කොලේ එපා කියලා. මූණ දැක්කම දුකත් හිතෙනවා.

:       40       150

arschfikaa Monday, 24 July 2017 11:19 AM

සයිටම් කරන්න එපා... ඒක නැතිව වෙන දෙයක් කරන්න...

:       2       5

kumar (galf) Monday, 24 July 2017 11:20 AM

මේ අයව හරවා යවන්න කවුරුවත් නැද්ද?

:       35       60

aravinda Monday, 24 July 2017 11:35 AM

මීට වැඩිය නරකද කවි කොළ කාරයෝ කීප දෙනෙක් දැම්මා නම්...

:       23       14

buddika Monday, 24 July 2017 03:23 PM

කොහොමටත් අපේ ජනතාවට අනතුරක් විනාශයක් කිව්වාම එක පාරට තේරෙන්නේ නැහැ පිළිගන්න යන්නෙත් නැහැ, හොදටම පුපුරා ගියාම තමයි මතක් වෙන්නේ, උමා ඔයට උනෙත් ඕකනේ, කට කැඩෙනකන් දැනුවත් කරා එදා කවුරුත් ඇහුවේ නැහැ ,සයිටම් ප්‍රශ්නෙත් මිනිස්සු අවදානය දෙනවා අඩුයි, මිනිස්සු හිතන්නේ මේක දොස්තරලගේ පුද්ගලික ප්‍රශ්නයක් කියයි, මිනිස්සුන්ට තේරුම් යද්දී මාෆියා කාරයෝ දැලට දාගෙන ඉවරයි,

:       101       7

uddikaTuesday, 25 July 2017 02:59 AM

උමා ඔයට වෙලා තියෙන්නේ වැරදි යන්ත්‍රයක් භාවිතා කරලා නේද ? හරිනම් වෙන්න ඕන උමග සාදන්නා එක්කම කොන්ක්‍රීට් ස්තරයක් දමන එක. ඉන්නවානේද පරිසරය සම්බන්ධ ඉන්ජිනේරුවෙකුත්. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයට අනුව තව වසර දෙකකින් මෙය යතා තත්වයට පත්වෙනවා. ජනතාවා කුපිත කරන්නේ නැතුව වෙච්ච හානිය අවම කරගෙන වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕන. බොරුවට මිනිස්සු පාරට ගෙන්නලා නෙමෙයි වැඩ කරන්න ඕන. දැන් අදාළ අංශ වලට සහයෝගය දීලා දෙපැත්තම බේරා ගන්න ඕන.

:       0       0

කසුන් Monday, 24 July 2017 05:02 PM

srimala සයිටම් එකේ සීයකට වඩා නම් ඉන්නවා. මම කරන යෝජනාව පුළුවන් නම් සයිටම් එකට පක්ෂ මෙන්ම එරෙහි අයගේද අදහස් මීට වඩා විමසලා බලන්න.

:       1       1

නාලක Monday, 24 July 2017 07:03 PM

කාලය කන එවුන්ට කියන්නේ කාලකන්නි කියලයි. මෙහෙම නාස්තිකරන වෙලාව මුදල් කලොත් රටට කීයක් පාඩුද? මෙහෙම ය උපදින්නේ රටේ අවාසනාවට.

:       1       1

Champa Monday, 24 July 2017 10:39 PM

කැත වැඩ. කාලය නාස්ති කරන්නේ නැතුව අහිංසක මිනිසුන්ට සේවය කරන්න. දුප්පත් ජනතාවගේ බදු සල්ලි. සාප වේවි ඔහොම කරොත්. ආත්මාර්ථකාමී වෙන්න එපා.

:       1       1

chris Tuesday, 25 July 2017 02:34 AM

මගෙත් J V P එකට පැහැදීමක් තිබුන දැන්නම් පැහැදීමක් තියන එක පක්ෂයක් වත් ඉතුරුවෙලා නැහැ අබ සරණය් ශ්‍රී ලංකා

:       1       1

suagath Tuesday, 25 July 2017 03:38 AM

ජේ වී පී කවදාවත් දුප්පත් මිනිස්සු ගොඩ යනවට කැමති නැහැ. බොරුවට සය්ටම් කිය කිය ආණ්ඩු පෙරලන්න හදනවා. ඉරිසියා කාර මිනිස්සු කොට්ටාශයක්. මේගොල්ලන් බලයට අවොත් මහින්ද බලයේ හිටියට වඩා අන්තය්. අම්මේ, තාත්තේ රැවටෙන්න එපා.

:       1       1

සපු Wednesday, 26 July 2017 09:43 AM

සුසිල් ඒක තමා ඇත්ත. චැනල් සර්විස් එකක් නැතුව යන්නකෝ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට. ඇයි කවුරුවත් එපා කියලා තියෙනවද? අනික විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බවෙන්න තමා ලොකු ගණන් ගන්නේ. කැස්සටයි, හෙම්බිරිස්සාවටයි මුලින්ම විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බවෙන්නේ නැතුව සාමාන්‍ය වෛද්‍යවරයෙක් හම්බවෙලා ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1068 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site