‘ගාන්ධි’ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් බව ට්‍රම්ප් කියයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටි ‘මහත්මා ගාන්ධි’ගේ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 10 June 2020
විරෝධතාකරුවෝ කොලොම්බස්ගේ පිළිරුව ජලාශයකට විසිකරති පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඝාතනය ලක්වූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතාවයක් අතරවාරයේදී විරෝධතාකරුවෝ පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් හි පිහිටි ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ පිළිරුවට ගිනි තබා එය කඩා බිඳ අසළ පිහිටි ජලාශයකට විසි කළහ. 10 June 2020
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයට සීල් තියයි නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩිවීමත් සමඟ රාජස්ථාන් ප්‍රාන්තයට සීල් තැබීමට ප්‍රාන්ත බලධාරීහු අද (10) පියවර ගත්හ. 10 June 2020
තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරැඹිමට යාම ගැන විරෝධතාවක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සමානව ආසිරි රෝහල් ජාලය සහ එංගලන්තයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙරට තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට යාම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ගම්පහ රෝහල ඉදිරිපිට අද (10) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. 10 June 2020
විදෙස් රටවල සිටින තවත් ලාංකිකයන් 825ක් ගෙන්වන්න සැරසෙයි විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවල සිට යළි ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ, ඉදිරි දිනවලදී තවත් ශ්‍රී ලාංකිකයන් 825 ක පමණ ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය , අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය. 10 June 2020
පාසල් විවෘත කළත් ආපනශාලා විවෘත කරන්න අවසර නැහැ පාසල් විවෘත කිරීමට අවසර ලැබුණත් කිසිදු පාසලක ආපනශාලා දැන්ම විවෘත කිරීමට අවසර ලබා නොදෙන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සූදානම් කිරීම සඳහා වූ චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහයේ සඳහන් වේ. 10 June 2020
මාලදිවයනේ සිටින ලාංකිකයින් 2000 කට වියළි ආහාර විදේශ අමාත්‍යාංශයෙන් මාලදිවයිනේ මාලේ අගනුවර සීමාව තුළ හා ඉන් පිටත සිටින සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට බෙදාහැරීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිලෝග්‍රෑම් 10,000 ක් යුතු ඇසුරුම් 2000 ක් එරටට යැවූ බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි. 10 June 2020
අපේක්ෂා රෝහලට පැමිණෙන්නන්ට ලංගම බස් රථ සේවාවක් මහරගම, අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් වෙනුවෙන් ලංකා ගමනා මණ්ඩලයෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ. 10 June 2020
ජාතික කොවිඩ් 19 අරමුදලට ඌවේ අධ්‍යාපනයෙන් ලක්ෂ 94 ක් ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන ජාතික කොවිඩ් 19 අරමුදල සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 94 ක මුදලක් පරිත්‍යාග කර තිබේ. 09 June 2020
ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ පුද්ගලයා පුහුණුවට ආ විශේෂඥ වෛද්‍යවරයෙක් සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් කොල්ල කෑ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් පුහුණුව ලබන වෛද්‍යවරයකු බව පොලිසිය කියයි. 09 June 2020
පෙරටුගාමී පක්ෂයේ 42ක් අත්අඩංගුවට කොල්ලූපිටියේ දී හා පුරහල දී විරෝධතාවේ නිරත වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 42 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 09 June 2020
පාසල් අරින්නේ උපරිම ආරක්ෂාව යටතෙයි-ඇමැති කියයි පාසල් විවෘත කිරීමේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ හා කාර්යසාධක බලකායේ නිර්දේශ අනුව ක්‍රියා කිරීම ප්‍රමාණවත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය. 09 June 2020
රජයේ-පෞද්ගලික ආයතන අරඹන වෙලාව සංශෝධනය කරන්න යයි කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශයන්හි පවතින අධික වාහන තදබදය අවම කරලීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ ආයතන ආරම්භ කරන වේලාවන් සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. 09 June 2020
විදෙස් සංචාරකයින්ට අගෝස්තු 1 වැනිදා සිට ශ්‍රී ලංකාව විවෘතයි කොරෝනා වසංගත ව්‍යාප්තිය මේවන විට සාර්ථකව පාලනය කර ඇති හෙයින් ලබන අගෝස්තු 1 වැනිදා සිට ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයින් සදහා විවෘත වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය අද (09) පැවසුවාය. 09 June 2020
ටැන්සානියාව කොරෝනාවලින් නිදහස් නැගෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාව නව කොරෝනා වයිරසයෙන් නිදහස් රටක් යැයි එරට ජනාධිපති ජෝන් මගුෆුලී නිවේදනය කළේය. 09 June 2020
ශික්ෂණ රෝහල් දෙකකට කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට බාහිර මධ්‍යස්ථාන දෙකක් පෙරමඟ වැඩසටහන’ යටතේ රාගම උතුරු කොළඹ සහ පානදුර ශික්ෂණ රෝහල් සඳහා ‘කොවිඩ්-19’ රෝගීන් පරීක්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමිණි. 09 June 2020
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග සැප්තැම්බර් දක්වා කල්යයි රට තුළ පැවති තත්ත්වය හේතුවෙන් දිගු කාලයක් පාසල් වසා තිබූ බැවින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය කල්දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 09 June 2020
කතරගම පෙරහර ජූලි 21 දා ඇරඹෙයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් ජුලි මස 21 දින ආරම්භ කර අගෝස්තු මස 03 දින දක්වා පැවැත්වීමට නියමිතය. 09 June 2020
ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල විරෝධතා කළ පෙරටුගාමි පිරිසක් අත්අඩංගුවට අධිකරණ නියෝග නොතකා කොල්ලුපිටිය ඇමරිකානු තානපති කාර්යලය ඉදිරිපිට විරෝධතාවක නිරත වු පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 09 June 2020
නවසීලන්තය කොරෝනාවලින් නිදහස්: අඟුළු අරියි ගතවුණු දින 17 ඇතුළත කිසිදු කොරෝනා ආසාදිතයකු හමුනොවීමත්, රෝහල්ගතව සිටි සියලු ආසාදිතයන් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ නවසීලන්තය නව කොරෝනා වයිරස වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් තොර රටක් යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (8) ප්‍රකාශ කළාය. 08 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1857 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1857 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 08 June 2020
‘මුඛ අවරණ පැළැදීමත් සමඟ ශ්වසන අබාධ අඩු වෙලා’ ජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි. 08 June 2020
පකිස්තානයේ හිටපු අගමැතිට කොරෝනා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂහීද් කකාන් අබ්බාසි ට නව කොරෝනා වයිරසය වැළැඳී ඇතැයි ඔහුගේ පක්ෂය සහ පවුලේ සාමාජිකයෝ අද (8) තහවුරු කළහ. 08 June 2020
ඉන්දියාවෙන් අදත් කොරෝනා ආසාදිතයන් 9,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි. 08 June 2020
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය චීනයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඉක්මවයි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන චීනයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත. 08 June 2020
හැඳුනුම්පතට පොහොර මිටි දෙකකට සීමා කරයි පවතින පොහොර හිගය පාලනය කිරීම සඳහා ලංකා පොහොර සමාගම මගින් දඹුල්ල රජයේ පොහොර ගබඩාවේදී එක ගොවියකුට පෝර මිටි දෙක බැගින් අලෙවි කිරීමේ වැඩපිළිවෙළ අද (8) උදෑසන ආරම්භ කර තිබිණි. 08 June 2020
ඇමරිකාවේ කොරෝනා මරණ 110,000 පසුකරයි කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇමරිකා ඒක්සත් ජනපදයේ 110,000 ක පමණ පිරිසක් මේ වනවිට මියගොස් තිබේ. 07 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1835 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1835 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 07 June 2020
සිවුවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 9,000ක් අසල්වැසි ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (7) වාර්තා වූ අතර එම ගණන9,971ක් ලෙස දැක්විණි. 07 June 2020
ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි කරන්න අනුමැතිය අන්තර් පළාත් බස් සේවාවන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද හෙට (8) සිට ක්‍රියාත්මක කරවීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය අද (7) හිමිවූ බවත්, ඒ අනුව හෙට සිට සියලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026