එංගලන්තයේ ආසාදිතයින් ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අංශ සැක පළ කරයි අමෙරිකානු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත. 07 June 2020
“මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වහාම ගෙන්වා ගන්න“ මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වහාම මෙරටට රැගෙන එන ලෙස තමා ආණ්ඩුවට බලකර සිටින බව ජාතික සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ හංවැල්ලේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදීය. 07 June 2020
තැපැල් දෙපාර්තමේන්තුවේ ගැටළුව ගැන අමාත්‍යංශයේ දී අනිද්දා සාකච්ඡාවක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම හා සෙනසුරාදා තැපැල් කාර්යාල වසා දැමීම ඇතුළු ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උස්ස අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යංශයේ දී අනිද්දා (09) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 07 June 2020
පොදු ස්ථානවල මුඛ ආවරණ පළඳින්න මෙතෙක් පවත්වාගත් ස්ථාවරය වෙනස් කරමින් පොදු ස්ථානවලදී මුඛ ආවරණ පළඳින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත. 07 June 2020
‘‘හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා‘‘ ‘‘මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා‘‘ යැයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 June 2020
බ්‍රසීලය ‘කොවිඩ්-19’ දත්ත සඟවයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කළ දත්ත සියල්ල ඉවත් කිරීමට බ්‍රසීලය තීරණය කර ඇත. 07 June 2020
නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත එන්න අවසර දෙන්නයි අගරදගුරුතුමෝ ඉල්ලති රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා පවතින නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත පැමිණීමේ අවස්ථාව කිතුණු බැතිමතුන්ට ලබාදෙන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලා සිටිති. 07 June 2020
ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ළංවෙයි ලොව පුරා මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ආසන්න වී තිබේ. 07 June 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට බ්‍රසීල ජනපතිගෙන් තර්ජනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බ්‍රසීලය ඉවත් වන බවට එරට ජනපති ජෙයාර් බොල්සනාරෝ තර්ජනය කර තිබේ. 06 June 2020
ඉන්දියාවේ සිට නාවිකයින් 86 ක් ලංකාවට ඇවන්ගාඩ් සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (6) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ . 06 June 2020
ලෙබනනයේ ලාංකිකයින් 300 කට පී.සී.ආර් පරීක්ෂණ නොමිලේ මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 300 කට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 06 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1814 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1814 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 06 June 2020
ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉතාලියද පසු කරයි කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඉන්දියාව, ඉතාලිය ද පසුකර ගොස් ලෝකයේ 06 වන ස්ථානයට පත්ව තිබේ. 06 June 2020
හෙට සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා හෙට (06) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1800 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1800 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 05 June 2020
‘ඇමෙරිකාවේ තානාපති නිලධාරින් මෙරට වෛද්‍ය නිර්දේශවලට ගරු නොකිරීම කනගාටුයි ‘ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි දැවැන්ත රටක තානාපති නිලධාරින් අනෙකුත් රටවල්වල වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශවලට ගරු නොකිරීම පිළිබදව කනගාටුවට පත්වන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 05 June 2020
කොරෝනා වලින් බේරෙන්න අප්‍රිකානු පිග්මි ජාතිකයින්ට වාසස්ථාන වෙනස් කරන්නැයි උපදෙස් මධ්‍යම අප්‍රිකානුු ජනරජයේ ජීවත් වන පිග්මි ජාතිකයන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදාමක් පැවතීම හේතුවෙන් වනාන්තරය තුළ ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි වෙත ගමන් කිරීමටඋපදෙස් දුන් බව ඒරට රජය පවසයි. 05 June 2020
පාකිස්තානයෙන් දින පහට කොරෝනා ආසාදිතයන් 19,753ක් පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (5) පස්වරු 3.30න් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 4,896ක් ලෙස දැක්විණි. 05 June 2020
ඉන්දියාවෙන් දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් 9,000 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (5) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 9,851ක් ලෙස දැක්විණි. 05 June 2020
කොරෝනා වයිරසය සම්පූර්ණයෙන් තුරන් කළ බව ෆිජී දේශය කියයි ෆීජි දේශයේ කොරෝනා වයිරසය සම්පූර්ණයෙන්ම තුරන් කළ බව ඒරට බලධාරීහු අද (05) නිවේදනය කළේය. 05 June 2020
කුරුණෑගල රෝහලට නව වැඩබලන අධ්යක්ෂවරයෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා අද (5) වැඩ බාර ගත්තේය . 05 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1797 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 June 2020
කොරෝනා බ්‍රසීලයේ ආදිවාසීන් අතරත් වේගයෙන් ව්‍යාප්ත වෙයි කොරෝනා වයිරසය බ්‍රසීලයේ ආදිවාසීන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමීක්ෂණයකින් හෙළවී තිබේ. 04 June 2020
මෙක්සිකොවේ පැය 24 ක් තුළ කොරෝනා මරණ 1,092ක් මෙක්සිකෝවේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 1,092ක් සිදුවී තිබේ. 04 June 2020
ජකර්තා නගරයේ සීමා ලිහිල් කෙරේ ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ, කොවිඩ් වයිරසය හේතුවෙන් පැනවුණු සීමා සමහරක් ලිහිල් කිරීමට පියවර ගෙන ඇත. 04 June 2020
තායිලන්තයේ සෞඛ්‍ය ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට තායිලන්තයේ කොරෝනා රෝගයට ඒරෙහිව සටන් වදින මිලියනයක පමණ ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබේ. 04 June 2020
අම්පාර මහ රෝහලට කෝටි දෙකක් වටිනා භාණ්ඩ පරිත්‍යාගයක් හිටපු වනජීවි රාජ්‍ය සම්පත් අමාත්‍ය විමලවිර දිසානයාක මහතා විසින් අම්පාර මහා රෝහලට කෝටි දෙකක් පමණ වටිනා වෙද්‍ය උපකරණ තොගයක් අද (4) වෙනි දින භාරදෙනු ලැබිය. 04 June 2020
ඇමෙරිකාවේ විරෝධතා අතරවාරයේදී 10,000 ක් අත්අඩංගුවට සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අතරවාරයේදී 10,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි ඒ.පී. පුවත් සේවය වාර්තා කරයි. 04 June 2020
අයි.ඩී.එච්. රෝහලට සී.ටී. ස්කෑන් පහසුකමත් හිමිවෙයි අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනය අලුතින් ස්ථාපිත කරන ලද පරිගණකගත පරිලෝකන විකිරණ අංශය(සී.ටී ස්කෑන්) හා ගොඩනැගිල්ල විවෘත කිරීම අද(04) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 04 June 2020
’ඉකුත් දින පහේදී දවසකට කොරෝනා ආසාදිතයන් ලක්ෂයක්‘‘ අවසන් දින පහේදී ලොව විවිධ රටවලින් කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැසීය. 04 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026