ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (5) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 9,851ක් ලෙස දැක්විණි.
අසල්වැසි ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන ද අද දිනයෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 273ක් ලෙස සටහන්ව තිබිණි. මේ අනුව ඉන්දියාවෙන් අද (5) පස්වරු 2.30ට වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 2,26,770ක් ලෙස දැක්වුණු අතර එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 6,348ක් විය.
ඉන්දියාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 9,000ක් වාර්තා වූ දෙවැනි දිනය අද දිනය වූ මුලින්ම ආසාදිතයන් 9,000ඉක්මවමින් වාර්තා වූයේ පෙරේදා (4) ය.
මේ වනවිට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට පත්ව ඇත්තේ ද අසල්වැසි ඉන්දියාව යි. ලොව හත්වැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.
ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 1,09,462ක් වන අතර වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 1,10,960කි.
ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ එරට වාණිජ අගනගරය පිහිටි මුම්බායි නුවර අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 77,793දෙනකු හඳුනාගෙන තිබිණි. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන තමිල්නාඩු ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 27,256 දෙනකු වාර්තා වී තිබිණි.
දිල්ලියෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන්ගේ ගණන 25,004කි. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 18,584කි.
එන්.ඩී.ටීවී.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවෙන් දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් 9,000 ක්