අමෙරිකානු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

එරට සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් ප්‍රකාශ කර ඇත්තේ විරෝධතා හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් ඉහළ ගියහොත් මේ වන විට ලිහිල් කර ඇති නිරෝධායන රෙගුලාසි යළි ක්‍රියාත්මක කරන බවයි.

අමෙරිකානු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්ත විරෝධතාකරුවන් මේ වන විට ලන්ඩන් හි පාර්ලිමේන්තුව ආසන්නයට පැමිණ ඇත.

ලන්ඩන්, මැන්චෙස්ටර්, කාඩිෆ්, ලීස්ටර් සහ ෂෙෆීල්ඩ් යන නගරවලට දහස් ගණන පුද්ගලයන් එක්ව විරෝධතාවයේ නිරත වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.


(125)