IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


’ඉකුත් දින පහේදී දවසකට කොරෝනා ආසාදිතයන් ලක්ෂයක්‘‘

අවසන් දින පහේදී ලොව විවිධ රටවලින් කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැසීය. 

ඉකුත් දින පහක කාලයේදී දෛනිකව ආසාදිතයන් ලක්ෂයක් බැගින් වාර්තා වූ බවත් හෙතෙම කීය. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ නවතම තතු දැනුම්දීම සඳහා නිතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඒ බව කීය.
 
‘‘පසුගිය දින කිහිපයේදී ලොව අනෙක් සියලු රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණනට වඩා වැඩි ගණනක් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වුණා. පසුගිය දින පහේදී, දවස ගාණේ ආසාදිතයන් ලක්ෂයට වැඩියෙන් වාර්තා වුණා. මධ්‍යම හා දකුණු ඇමෙරිකානු කලාපයට අපි වැඩි අවධානයක් යොමු කරනවා වගේම අපි ඉන්නේ කනස්සල්ලෙන්. 
 
ඒ කලාපයෙන් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍ර වේගයකින් වැඩිවෙමින් තිබෙනවා. නැගෙනහිර මධ්‍යධරණී කලාපය, දකුණු හා නැගෙනහිර ආසියානු කලාපය මෙන්ම අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.

රොයිටර් පුවත් සේවයට අනුව අද (4) පස්වරු 2.20 වනවිට උතුරු ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 19,51,065ක් වූ අතර එම කලාපයෙන් වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1,14,573ක් විය.
 
ලතින් ඇමෙරිකානු කලාපයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 11,42,953ක් වූ අතර මරණ ගණන 57,580ක් විය.
 
බ්‍රසීලය, පේරු, චිලී සහ මෙක්සිකෝ යන රටවලින් දිනපතා වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යන අතර ආර්ජන්ටිනාව, බොලිවියාව, කොලොම්බියාව සහ හයිටියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් තිබේ.
 
ලතින් ඇමෙරිකානු කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලය යි. බ්‍රසීලයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 5,84,016ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 32,548ක් ලෙස දැක්විණි.
 
ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.
 
රොයිටර්ස් පුවත් සේවයට අනුව අද පස්වරු වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 65,27,365ක් ලෙස දැක්වුණු අතර කොරෝනා ආසාදිත සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 3,85,548ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
 
ද ගාඩියන්/රොයිටර්/.එෆ්.පී.

055

 



අදහස් (0)

’ඉකුත් දින පහේදී දවසකට කොරෝනා ආසාදිතයන් ලක්ෂයක්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site