(කේ.බුද්ධික කුමාරසිරි)
මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ්රමිකයින් වහාම මෙරටට රැගෙන එන ලෙස තමා ආණ්ඩුවට බලකර සිටින බව ජාතික සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ හංවැල්ලේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ‘‘පසුගිය ජනාධිපතිවරණයේදී අපේ විදෙස් ගත ශ‍්‍රමිකයින්ට රට විරුවෝ කියලා ඔවුන්ගේ ඡන්ද ලබා ගත් ආණ්ඩුව දැන් මැද පෙරදිග සිටින අපේ රටේ ජනතාව මෙරටට රැගෙන ඒමේ කටයුත්ත ඡන්දය නිමවෙන තුරු නවත්වා ඇති බවට අපිට ආරංචි ලැබී තිබෙනවා . වහාම අපේ රටේ මිනිසුන් මෙරටට රැගෙන එන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිනවා...
දැන් ආණ්ඩුව පිටරටවල් වල ඉන්න අපේ තානාපති කාර්යාලවල ඉන්න නිලධාරින් අපේම ශී‍්‍ර ලාංකිකයින්ගේන් ආරක්ෂා කර ගන්න කියලා පොලිසිය යොදවලා තිබෙනවා. වසර එකහමාරක් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට හිටපු නිසා එහි ඇති වී තිබෙන තත්වය පිළිබඳව මා හොඳටම දන්නවා. ඒ නිසා මේ විදිහට ජනතාවට එහි තිබෙන තත්වය පිළිබදව දැනුවත් කරන්න අදහස් කළා’’ යැයි සඳහන් කළේය.
‘‘ මැද පෙරදිග ඉන්න අපේ ජනතාව වාර්ෂිකව විශාල ඩොලර් ප‍්‍රමාණයක් අපේ රටට රැගෙන එනවා. උදාහරණයක් ලෙස පසුගිය වසරේ පමණක් ඩොලර් බිලියන 7කට වැඩි ප‍්‍රමාණයක් මෙරටට රැගෙන ආවා අපේ රටේ මුළු භාණ්ඩ අපනයනයෙන්ම ලැබෙන්නේ ඩොලර් බිලියන 11ක් විතර වුවත් විදෙස්ගත ශ‍්‍රමිකයින් අපිට වාර්ෂිකව ඩොලර් බිලියන 7 ත් 8 ත් අතර ප‍්‍රමාණයක් ලබා දෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී අපේ විදෙස්ගත ශ‍්‍රමිකයින්ට රට විරුවෝ කියාගෙන ඔවුන්ගේ ඡුන්ද ලබා ගත් ආණ්ඩුව දැන් මැද පෙරදිග සිටින අපේ රටේ ජනතාව මෙරටට රැගෙන ඒමේ කටයුත්ත ඡන්දය නිමවෙන තුරු නවත්වා ඇති බවට අපිට ආරංචි ලැබී තිබෙනවා... ආණ්ඩුව හිතනවා මේ විදිහට විදෙස් ගත ශ‍්‍රමිකයින් ලංකාවට රැගෙන ඒම ඔවුන්ට ඡන්දයේදී අවාසි වෙයි කියලා... මෙහෙම අපේ රටේ කොවීඩ් ආසාධිතයින් ඉහළ යාම ආණ්ඩුවට අවාසි සහගතයි.. ඒ නිසයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ අපේ ශ‍්‍රමිකයින් මෙරටට රැගෙන ඒම ඡන්දය නිම වෙනතුරු කල් දමන්න’’ යැයිද පැවසීය.
‘‘දැන් මෙරටට අපේ රටේ ජනතාව රැගෙන එන්න තිබුණු සියළු ගුවන් වාර නවත්වා තිබෙනවා. ලබන 17 වෙනිදාට ද පිලිපීනයෙන් පිරිසක් රැගෙන එන්න ගුවන් යානයක් වෙන් කර තිබෙන බව ආරංචියි ඊට පස්සේ අපේ ජනතාව රටට රැගෙන ඒම සඳහා වෙන කිසිම ගුවන් යානයක් වෙන් කර නැහැ.
දිනපතා කොවිඩි 19 ආසාධිතයින් සංඛ්යාගව වැඩි වෙන ආකාරය අඩු කර පෙන්වීම සඳහා මෙලෙස විදෙස්ගත අපේ ජනතාව මෙරටට රැගෙන ඒම නවත්වා ඇති බවයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. සාමාන්යකයෙන් අපේ රටේ ජනතාව ලක්ෂ 17ක් පමණ විදෙස් රටවල සේවය කරනවා ලක්ෂ දෙකක් පමණ වාර්ෂිකව රටවල් වලට සේවයට යනවා. ඒ වගේම එනවා නවතම වාර්තාවකට අනුව අපේ රටේ ජනතාව 35000කට පමණ මේ කොවිඩ් වසංගතය නිසා රැකියා අහිමිව තිබෙනවා. එහෙම වෙලාවක රජයක් ලෙස අපි ඒ ජනතාව ගැන බලන්න වුවමනායි නේද? මොකද ඒ අපේ රටේ මිනිස්සු බව රජය මතක තබා ගත යුතුයි.
අපිට ආරංචියි මේ වෙනකොට අපේ ජනතාව තිස් හතලිස් දහසක් නැවත මව් රටට ගෙන්න ගන්නා ලෙස ආණ්ඩුවෙන් බැගෑපත් වෙලා ආයාචනා කර තිබෙනවා ඔවුන්ට යන්න එන්න තැනක් නැහැ.. මේ වනවිට මැද පෙරදිග රටවල කාන්තාවන් විහාල පිරිසක් ඉන්නවා අපිට ඩොලර් බිලියන ගණන් අරං එනකොට ඒ පිරිස් හොඳයි වුවත් ඔවුන්ට ගැටළුවක් ඇති වූ විට, මෙහෙ ගේන්න එපා කියන්න බැහැ... මේ රජයට ඔවුන් ගැන වගකීමක් නැද්ද? කියන එකයි අද ඇතිවෙලා තිබෙන ගැටළුව...
සමහරවිට අහන්න පුළුවන් ඒ අය ඔක්කොම ගෙනත් නිරෝධායනය කරන්නේ කොහොමද කියලා.. ඒක වෙනම පරකී ශ්නයක් මුලින් අපේ මිනිස්සු මේ රටට ගේන්න උවමනායි. අපිට ඔවුන්ව නිරෝධායනය කරන්න දැනට සංචාරකයින් නොමැතිව වසා දමා තිබෙන හෝටල් ගන්න පුළුවන් යුරෝපා රටවලින් එන අයව ලොකු හෝටල් වල විශාල මුදල්වලට නැවැත්වුවත් ඒවායේ නවත්වන්න නෙමේ අපි කියන්නේ.. පොඩි පොඩි හෝටල් එක්ක කතා කරලා මේ මිනිස්සුන්ව නවත්වන්න කරමේ්මයක් ඇති කරන්න පුළුවන්.. ඒ නිසා විදෙස්ගතව සිටින අපේ රටේ ජනතාව මෙරටට ගෙන්වා ගන්න වහාම විදේශ කටයුතු අමාත්යාංරශය මැදිහත් විය යුතුවෙනවා. ඒ වගේම කණගාටුවෙන් උවත් අපේ ජනතාවගෙන් අපේ තානාපති කාර්යාල නිලධාරීන්ව බේරාගන්න පොලිසිය යෙදවීම සම්බන්ධයෙන් කණගාටුව පරජන කාශ කරනවා’’ යැයි ද වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපති ඔක්කොම සලසලා ඉවරයි. ඉන්නවද සද්දේ වහලා...
අර මහබැංකුවෙන් හොරකම් කරපු සල්ලි වලින් කට්ටියටම ටිකට් අරන් දුන්නා නම් ඉවරයිනේ..
අනේ අම්මපා .... එකපාරටම මැදපෙරදිග මිනිසුන් ගැන අනුකම්පාවක් ඇතිවුනේ මොකද.....
ලංකාවේ රෝහල් වල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් ඇඳන් වෙන්කරලා තියෙන්නේ 1500 විතරලු. දැන් ඒ ඇඳන් ඔක්කොම රෝගීන්ගෙන් පිරිලාලු තියෙන්නේ. පිටරට ඉන්න කොරෝනා ලෙඩ්ඩු ලංකාවට ගෙනෙන්න ඉස්සර අලුතින් කොරෝනා රෝගීන්ට ඇඳන් 1000 ක් වත් හදන්න ඕනැ. එහෙම සැලැස්මක් හදන්නේ නැතුව පිටරට ඉන්න හැමෝම ලංකාවට ගෙනාවොත් ඉන්දියාවේ වගේ ඇතුල් කරගන්න රෝහල් නැතුව කොරෝනා ලෙඩ්ඩු හැම තැනම මැරෙයි. ලැව් ගින්නක් වගේ කොරෝනා රටපුරාම පැතිරෙයි.
මෙයාලා යෝජනා කරනකොට වැඩේ සැලසුම් කරලා ඉවරයි. ඔයාලා හරි ප්‍රමාදයිනේ අනේ.
ජනාධිපතිතුමා ඇතුළු රජය කරගෙන යන වැඩපිළිවෙල හොඳටම හොඳයි.
රෑට නිදාගන්න ගමන් කල්පනා කරන්නේ හෙට උදේට මාධ්‍යට කියන බොරුව/රඟපෑම මොකක්ද කියලා. හැමදාම උත්සහකළේ වයස 22 ඉඳන් ලංකාවේ ගැහැණු ටික පිටරටට යවල එකෙන් ලැබෙන ඩොලර් ටික නිසා ආර්ථිකේ තියාගන්න. එහෙම නැතිව කවදාවත් මේ කාන්තාවන් ලංකාවේ තියාගෙන රටට ප්‍රයෝජනයක් අරගෙන ,පවුල් වල ළමයි දු දරුවන් බලාගෙන ඉන්න ක්‍රමයක් සකස් කලේ නැහැ දැන් එනවා මෙතන...
මෙයාල දැන් එල්ලෙන්න වැල් හොයනවා.
එතකොට මහත්තයෝ කලින් කිව්වේ ඉක්මනින් එයාපෝට් වහන්න කියලා.
ඔබ තුමාල බයවෙලා ඉන්නෙ ඔබතුමාලගෙ පක්ෂෙ කුඩුවෙලා තියෙන්නෙ.
මෙයාලට ඕන වෙලා තියෙන්නෙ ලන්කාවේ සිවිල් සමාජයටත් කොරෝනා බෝ කරල මිනිසුන්ගේ මල කදන් පෙන්නලා බලය ලබා ගන්න. අපිත් ඉන්නේ පිටරට. නමුත් අපි දන්නව මේ රටේ සිවිල් සමාජය තුලින් දිනකට කොච්චර කොරෝනා රෝගින් හමුවෙනවාද කියලා.
ජනාධිපතිතුමා ඒ සියලුම දේවල් බලාගනීවි.
මේ රජය මැදපෙරදිග සිටින අපේ රටවැසියන්ට සිදුකළ මේ අපරාධයට ළඟදීම වන්දි පොලී පිටින්ම ගෙවන්න වේවි. මැද පෙරදිග සිටින අයගේ නෑදෑ හිතවත් සියලුදෙනාගේම ඡන්දය අනිවාර්යයෙන්ම සජිත්ට හිමිවෙනවා. එය ටකරමකින්, රෙදි කෑල්ලකින් නවත්වන්න බැහැ. සජිත්ට ජයවේවා...!!!
තමන්ගේ රටේ මිනිස්සු එහෙ මැරෙන්න ඇරලා, හොර බිස්නස් කරපු සීෂෙල්ස් කාපිරි මෙහෙ ගෙනාවා. මොවුන් ගිය ඉස්පිරිතාලයක් ගැන කවුද දන්නේ..? මොනවාද ගෙනාවේ..? කුඩුද..? හොර ඩොලර්ද..?
මේ කමෙන්ට් එක මේ මෙයාගේ කතාවට නෙමෙයි. මේ ගැන තියෙන එකම ප්‍රවෘත්තිය මේක නිසා මෙතනට ලියන්නේ. අසනීපයෙන් ඉන්න තමන්ගේ රටේ පුරවැසියන් භාර ගන්න අදිමදි කරන, විවිධ හේතු කියමින් ප්‍රමාද කරන, ලෝකේ එකම රාජ්‍ය නායකයා ඉන්නේ ලංකාවේ. වැරදුණා. තමන්ගේ රටේ නෙමෙයි ලංකාවේ. තමන්ගේ රටේ තානාපති නිලධාරියෙක්ව නම් කිසි කතාවක් නැතුව ඇතුළට ගත්තා. මැද පෙරදිග ඉන්න ලංකාවේ මිනිස්සු එන්න ඉල්ලුවේ අප්‍රේල් මාසේ තරම් ඈත කලේ ඉඳන්. දැන් PCR කරගෙන එන්න කියන කතාව කියන්නේ අසරණ වෙලා ඉන්න මේ මිනිස්සු ගෙන්නන එක තව පුළුවන් තරම් පරක්කු කරන්න. මහින්ද ජනාධිපති වුණා නම් මුලින්ම ඉෂ්ඨ කරන්නේ රටට විදේශ විනිමය එවපු මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම. මහින්දට සල්ලි ලොකු නැහැ. මිනිස්සුයි ලොකු. රාජපක්ෂ නම තිබ්බට ප්‍රතිපත්ති අහසට පොලොව වගේ වෙනස්...
මේ දිනවල මහජනතාව බොහොම දැනුවත් බවෙන් සිටින්නේ.
මම දැනට මස 2ක් වෙනවා ඊජිප්තුවේ හිරවෙලා. එම්බසියට කතා කරාම කියන්නේ තාම මොකුත් කියන්න බෑ කියලා.
අපි මාලදිවයින රජය සේවය කරන අතර දැනට මාර්තු 19 සිට ජුනි 07 දක්වා කාලයක් රැකියාවක් නොකර කාමරයක සිටින අපි ඉතාමත් දුක්බර කාලයක් ගත කරනු අතර අපගේ වැඩ කරන ආයතන දින නියමයක් නොමැතිව වසා ඇත.
වහාම...
මෙවන් ජාතික හා ගෝලීය ව්‍යවසනයකදී දේශපාලනයට අප මුල්තැන දියයුතු නැහැ. දුෂ්කරතා මැද හෝ රජය මේ වසංගතය පාලනය කළ බව සත්‍යයක්. කව්රුන් කෙසේ කිව්වත්, සෞඛ්‍ය අංශ පවසන ආකාරයටයි පිටරට අය ගේන්නේ. ඔබතුමාලා කියනා ආකාරයට ගෙනල්ලා වැඩේ වනවුනොත් අපත්, රටත් සුනේ සුන්... හරියට නඩුවක් නීත්‍යානුකූලව අධිකරණයට ඉදිරිපත් කරගන්න බැරි ඔබතුමාලා ගැන කොහොම විශ්වාසයක් තියන්නද?
හර්ෂ, ඉන්දියාවෙන් ඉල්ලපු ඇම්බියුලන්ස් සෙට් එකට වඩා කරපු එක වැඩක් කියන්න.(ඒකනං පට්ටම වැඩක් හැබැයි). ඒකත් ඔයාගෙ කව්ද කොහෙදිද ලෙඩවෙලා අනාත සීන් එකක් ලුනෙ, නේද? කරන මනුස්සයෙක්ට ඒක කරන්න දීලා කටයි, අහවල් එකයි වහන්, නිකන් බොර දියේ මාලු බාන්නෙ නැතුව යන්න.
ඡන්දය ළඟ හින්ද මොනවා හරි දොඩවනවා වාසි ගන්න.
මොනවද ඔයා කියන්නේ? ඔයාගේ ලොක්කා එකක් කියනවා.. ලොක්ඩවුන් කරන්න කියලා ඔයා වෙන එකක් කියනවා. මේකත් ඔයාලගේ පක්ෂේ ඇතුලේ ප්‍රශ්නේ වගේනේ. කට්ටියම කතාකරලා එක තීරණයක් දෙන්න... මමත් වැඩ කරන්නේ මැදපෙරදිග රටක. ඒ උනාට සෞඛ්‍ය බලධාරීන් කියන විදියට පිටින් ගෙනැල්ලා ඔයාලගේ සුවපති වගේ වැඩකරලා රටේම මිනිස්සු අමාරුවේ දමන්න බැහැනේ....
එච්චර ආදරෙන් මොකෝ දන්නේ නැහැ. පිටරට මිනිස්සු එවන සල්ලි සල්ලි ටිකටත් බදු ගැහුවේ.. මෙය හොඳ මාධ්‍ය සංදර්ශනවලට විතරයි..
මේ මනුස්සයාට ආචාර්ය පදවිකුත් තියෙනවා නේද? ලංකාවෙ ඉන්න පුංචි ළමයෙකුගෙන් ඇහුවානම් කියයි මැදපෙරදිග ඉන්න අය වහාම ගෙන්වීම නෙවෙයි ඉතා ක්‍රමාණුකූලව ගෙන්විය යුතු වග. නැත්නම් වෙන්නෙ ඒ එන අයත් සමස්ථ රටත් නැවත අනතුරකට පත්වීම. මම මේ ලියන්නෙත් මැදපෙරදිග රටක ඉඳන්.
ටිකක් කටපියාගෙන ඉන්න.... ඔය කියන විදිහට රට ඉන්න ඔක්කොම ගෙන්නන්න ගියොත් මැරෙන්නයි වෙන්නෙ..... මේ පුංචි රටේ තියෙන පහසුකම් වල හැටියට අපි බොහොම හොඳින් මේක මැඩපවත්වගෙන තියෙනවා... මේ ඉන්න රෝගීන් ටික අඩු උනාම කිව්වත් නැතත් රටේ මිනිස්සු ටික ගෙනෙයි...
තවම පවතින්නේ භාරකාර රජයක්. ඔය ගොල්ලොම පහුගිය කාලයේ දී උඩ පැන්නා රජය මුදල් වියදම් කරලා අඩුම ගානේ මහජනතාවට දෙන වෛද්‍ය පහසුකම් දෙන එකත් නීතිවිරෝධී හා ව්‍යස්ථා විරෝධී කියලා. දැන් ඔයගොල්ලෝ කවුද රජයට බල කරන්න? ඔය ගොල්ලන්ගේ මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයවත් කිව්වා නම් ඒක කමක් නැහැ. ඒ ගොල්ලෝ කළකට පෙරදීවත් මහජන ඡන්දයකින් රජයක් පිහිටුවා තිබුනා. අපි දන්නේ නැහැ දැන් තත්වය කොහොමද කියලා. මම ඔබතුමන්ලාට යෝජනාවක් කරන්නම්, ඕ ගොල්ලන්ගේ පක්ෂයේ අරමුදල් වලින් අඩුම ගණනේ විදේශික ශ්‍රමිකයන් 10000ක් වත් රටට ගෙන එන්න මුදල් වියදම් කරන්න කියලා. මැකෝවත් ඒකට හූල්ලන එකක් නැහැ.
ඉස්සෙල්ලා මිනිස්සු ගෙන්නනකොට කිව්වා එයාපෝර්ට් වහන්න කියලා. දැන් කියනවා ගෙන්නගන්නලු.
මෙ කතාවෙ ඇත්තක් තියෙනවා.
“මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්රමිකයින් වහාම ගෙන්වා ගන්න“ ඔහේ කලබල වෙන්න එපා ඒටික ඝෝඨාභය මහතා කරාවි. ඕගොල්ලන්ගේ ලොක්කාට ටිකක් උගන්වල ගන්නකො.
ඔහෙලා කියන විදිහට තමයි මෙපමණ කල් ඝෝඨාභය මහතා වැඩකලේ. පිස්සු කරන්න එපා හලෝ...
නූගත් දූපත් මානසිකත්වයක් තිබෙන සමහරුන්ට මේ උගත් බුද්ධිමත් ලෝකය ගැන දැනුමක් තිබෙන මේ මනුෂ්‍යයා කියන දෙය තේරුම් ගන්න අමාරුයි.. විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඩොලර් බිලියන 7-8 අතර මුදලක් රටට ගෙනඑනවා.. ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාලය මගින් මුදල් අයකරලා රක්ෂණය කරලා තිබෙනවා. එම පුරවැසියන්ව පැත්තකට දමලා ලොකු ලොක්කන්ගේ තරුණ ළමුන්, එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ ඉන්න පුද්ගලයින්ට පමණක් ප්‍රමුඛත්වය දීලා රටට ගෙන්න ගන්න එක ඉතා වැරදියි. සියලුම පුරවැසියන්ට නිදහසේ මේ රටට රට ඇතුල් වීමට රටේ ජීවත්වීමට අයිතියක් තිබෙනවා. (මේක ලෝකේ සියලුම රටවල පුරවැසියන්ට තිබෙන මූලික අයිතිවාසිකමක්...) කොරෝනා කියන්නේ වෙනත් රෝග සමග සන්සන්දනය කරනවිට ලංකාවේ මාරාන්තික රෝගයක් නොවේ.. (සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට ඩෙංගු රෝගීන් 20000ක් විතර හමුවෙනවා. ඉන් 100ක් පමණ මිය යනවා) ... කොරෝනා විශාල ලෙස පැතිරිලා තිබෙන එංගලන්තේ ඉඳන් පවා කණ්ඩායම් කිහිපයක් ගෙන්නුවා. මැද පෙරදිග පුරවැසියන් කණ්ඩායමක පමණක් මූලික මිනිස් අයිතිවාසිකමක් මාස 3ක් පුරා බලහත්කාරයෙන් උදුරා ගන්න එක සුළු වරදක් නොවේ...
රැකියා අහිමිවෙලා මැදපෙරදිග අනාත කඳවුරුවල, හිර ගෙවල් වල සහ මහපාරේ දුක් විඳින අපේ පුරවැසියන්ට තම මවු රටට පැමිණ නිදහසේ හුස්ම ටිකක් අරන් ජීවත්වෙන්න තිබෙන අයිතිය උදුරාගත් බලධාරීන්ට විරුද්ධව ඇමරිකාවේ කරනවා මෙන් පාරට බැහැලා උද්ගෝෂණය කිරීම හැර අපට වෙන විකල්පයක් නොමැත. හැම මගුලටම උද්ඝෝෂණය කරන පෙරටුගාමියන් මේ ගැන නිහඬයි..