(අනීෂා මානගේ)
‘‘මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා‘‘ යැයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද (7) තංගල්ලේදී පැවැති පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය නියෝජිතයන් දැනුම්වත් කිරීමේ හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
‘‘කොළඹ දිස්ත්‍රීක්කයේ විශ්ව විද්‍යාල හැටහුටහමාරක් තිබෙනවා. ගම්පහ දිස්ත්‍රීක්කයේ දෙකක් තිබෙනවා. මාතරට විශ්වවිද්‍යාලයක් තිබෙනවා. හම්බන්තොටට විශ්ව විද්‍යාලයක් නැහැ. මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. සූරියවැව අධිතාක්ෂණික විශ්ව විද්‍යාලයක්, තොරතුරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය සහ ඉංජිනේරු තාක්ෂණය කියන තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මං සාකච්ඡා කරලා ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා. හම්බන්තොට දැනුම් කේන්ද්‍රයක් බවට පත් කරනවා‘‘ යැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට විශ්ව විද්‍යාලය අවශ්‍යයයි. හැබැයි අවශ්‍යතාවය තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරයට ආසන්නව.
පිට්ටනියෙන් හදන්න බැරිවෙච්ච පාඩුව මෙන්න විශ්වවිද්‍යාලයකින් ගන්න හදනවා. ඉස්කෝල තරමටම මේ දුපතේ විශ්වවිද්‍යාල ඇත. මෙන්න මෙයාට ඒවත් මදි වෙලා.
හම්බන්තොටම දාන එක කාලෝචිතයි. හදිස්සියකට බඩු ගන්න පොළට යන්න එයාපොර්ට් එක ලඟින්ම දාන්න. හවසට සෙල්ලම් කරන්න මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයකුත් තියෙන එකේ වරායට යන්න විශ්ව විද්‍යාලෙ ඉඳන් බස් එකකුත් දැම්මානම් ගමෙන් බඩු ටිකකුත් ගෙන්න ගන්න පුළුවන්. සම්මන්ත්‍රණ ශාලාවකුත් තියෙන එකේ...
තවම දිනලා තියෙන්නේ ජනපති තුමා විතරයි. ඒ නිසා ඡන්දෙ දිනලා ඉන්පස්සේ ඔය කතාව කියන්න. මේකත් , අර ක්‍රීඩාංගනය වගේ කතාවක් උණොත්. ලැබෙන්න තියෙන ඡන්ද මෙයා අඩු කරනවා.
ඔහොම කරගෙන යද්දී හම්බන්තොට ලංකාවේ අගනගරය කරනවා කියලා කියන්නත් බැරි නැහැ..
දැන්ද කොළඹින් පිටත් ලංකාව කියලා මතක් වුණේ?
ආ දැන් ආසියානු සංවර්ධන බැංකුවට ගිහින්ද හිඟමනේ..? හැබැයි... එකක් දැනගන්න ..ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සෙල්ලම් කරන්න බැහැ. ඒගොල්ලන්ගේ පොලිය ඉතාම අඩුයි..නමුත් නීති තදයි. ඒ ගොල්ලෝ අපේ අයගේ ව්‍යාපෘති වාර්තා අධ්‍යයනය කරනවා. එ්කට අවුරුද්දක්වත් යනවා. අනුමත වුනොත් ඒ අයගේ නිරීක්ෂණ මත තමයි සියල්ල සිදුවන්නේ. මුදල් එකපාර ට්‍රාන්ස්ෆර් කරන්නේ නැහැ. ව්‍යාපෘතිය කොටස් වලට කඩා, කොටසකින් කොටසට තමයි මුදල් ලබාදෙන්නේ. එ්ත් ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම තෘප්තිමත්නම් පමණයි පළමුවැනි කොටසේ වැඩ නිමාවී ඇති ආකාරය ගැන... හම්බන්තොටට එයාර්පෝර්ට් එකක් හැදුවා. අලිමන්කඩවල් වහලා දාලා. කුරුල්ලෝ මරලා. අද අලි හැමතැනම. ඉඳලා හිටලා හදිස්සියකට යන එන ගුවන් යානාවක් හැර කිසිවක් මෙහි නොඑන බව දන්නෝ දනිති. ඊගාවට හාබර් එකත් හැදුවා. මුදල් හිලව්වට රට චීනාට උගස් කළා. නියමිත ණය ගෙවාගන්න බැරිව පසුගිය ආණ්ඩුව ඒක ජපානයට උකස්කළා. හැබැයි බන්දුල ගුණවර්ධන ඔබ කියන විදිහට ඔබ ආර්ථික විද්‍යා ඔස්තාර් කෙනෙක් නම් ඔය විශ්වවිද්‍යාලය හදන්න දෙන සල්ලිවලින් රුපියලක් හොරකම් කරලා පෙන්වන්න. ආසියානු සංවර්ධන බැංකුවෙන් හොරකම් කරන්න බැරිබව කවුරුත් ඔබටකිවේ නැතිද ...?
අනේ හොඳයි. බයියන්ට රටේ ලෝකයේ දැනුම ලබාගන්න පුළුවන් වෙනවා.
මෙයානිසා මහින්ද මහත්තයත්, ගෝඨාභය මහත්තයත් නිකන් විනාශ වෙනවා. රුපියල් 2500 කින් මාසයක් පවුලකට ජීවත්වෙන්න පුළුවන් කිවේ මෙයානේ...
එතකොට ඔයා පිට්ටනිය හදන් නැත. අනේ මහත්තයෝ තවත් නම් ණය ගන්න එපා.. අපිට ගෙවාගන්න බෑ වස්තුව ඕවා... ණය නොවී හිඟාකෑවත් සැපයි. ඔයාට ඕනෑම නම් තව වරායක් හදමු... (පොඩියට කාඩ් බෝර්ඩ් වලින්)
මෙයාගේ කයිවාරු නිසා ජනාධිපතිතුමා හෑල්ලු වෙනවා..
ගුණවර්ධන ගැන රටම දනී.. ජනපති අගමැති පව්...
රුපියල් 2500 යේ කෙනානේ මෙයා ඉතින්... තව කතා මොකද?
බුදු සරණයි රටට...
හම්බන්තොට ජනතාවගෙන් උපහාරය...
මේ මනුස්සයාට පුදුම ඉදිකිරීම් පිස්සුවක් තියෙන්නේ. ඉස්සෙල්ලා වැඩකට නැති පිට්ටනියක් හදන්න හැදුවා... මෙච්චර විශ්වවිද්‍යාල රටේ තියෙද්දී තව එකක් හදන්න හදනවා ණය අරන්... ලොකු කොමිස් එකක් ගහගන්න පොටක් පාදගන්න වගේනේද හදන්නේ ඇමතිතුමා..?
මෙයා මේ කරන්නේ අගමැතිගෙයි, එ් පවුලේ අයගෙයි හිත දිනාගෙන මෙයාගේ තනතුර ආරක්ෂා කර ගන්න හදන උත්සාහයක්..,
බලමු මේ සැරේවත් වැඩේ හරියාවිද කියලා...
ඔබතුමාගේ කට්ටියට ආහාර ලබාගන්න ඕනෑ නිසා... හිඟාකාලා හරි එහෙත් තණකොළ පිට්ටනියක් හදාගන්නේ නැද්ද?
ග්‍රවුන්ඩ් එකට වැඩිය ගාණක් මාටියා ගහගන්න පුලුවන් වෙයි නේද ඇමතිතුමා?
මෙගා ඩීල් එකකින් කීයක් හොයාගෙන නැවත තායි සවාරියක් යන්න වගේ කල්පනාව.
ක්‍රිකට්වලට නෑකම් කියනා බන්දුල නාමේ .. ඇනුනා නේද ග්‍රවුන්ඩ් හදන්නට ගොස් ඒනාමේ... ආර්ථික විද්‍යාවට හොඳටම ප්‍රසිද්ධ බන්දුල නාමේ.. ඇන ගන්නද යන්නේ නැවතත් බන්දුල නාමේ..
කෙරුවත් විහිළුවක් බන්දුල අයියාට... අමනාපද මා සමගින් හිත රිදුණාට.. සරසවියක් හදනවා කිව්වට අපේ අයියාට... සතුටුයි අපට කෙරුවොත් එය ඉක්මණට...
මෙයාගේ මොලේ අමාරුවද? ජාත්‍යන්තර ක්‍රිකට් පිට්ටනි හදන්නයි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හදන්නයි යන්නේ? තියෙන දේවලින් උපරිම ප්‍රයෝජනය ගෙන එ්ම ආයතන වැඩි දියුණුකර රටේ ආර්ථිකය නැවත ගොඩ නගා ගන්නේ නැතිව කොමිස් ගහන්න පුළුවන් ආකාරයන් හොයනවා. නරකද ජාත්‍යන්තර වැසිකිලියක් හදා ගත්තොත්. සදහටම එ්කේ ඇතුළට වෙලා ඉඳිය හැකියි.
දියගම ක්‍රීඩාංගණය හදන්න ගිහිල්ලා, දැන් හොඳටම මොලේ...
එ්කටත් සල්ලි හොයන්න රට රටවල් ගානේ යනවද?
ඩොලර් බිලියන 5ක් එක විශ්ව විද්‍යාලයකට? - රුපියල් 2500 කින් (ඒ කියන්නේ ඩොලර් 12.60 කින්) පවුලකට මාසයක් කල් ඇදලා ඉන්න පුළුවන්.. මේ රටේ ඩොලර් බිලියන 5ක් මොකටද එක විශ්වවිද්‍යාලයක් හදන්න. මොකක්දෝ ගෝනි සෙල්ලමක් තියෙනවා බන්දුල මහත්තයාගේ...
ඔය අලි ඉන්න කැලයක් එළි පෙහෙළි කරලා හැදුවා නම් හොඳයි. මොකද මත්තල අලි අද ගම්වදිනවනේ.. අනික හම්බන්තොට ලොකු සංවර්ධන ව්‍යාපෘති ගොඩක් කළා නොවැ. එයාර්පෝර්ට් එක, වරාය, ක්‍රිකට් ක්‍රීඩාංගණ වගේ දේවල්... අද ඒවගේ මහා දැවැන්ත ආදායමින්නේ මේ රටේ බොහෝ දේවල් කරන්නේ නේද? අමතක වුණු සම්මන්ත්‍රණ ශාලාවකුත් හැදුවනේ...
ක්‍රිකට් පිට්ටනිය හදන්ඩනේ හිතාගෙන උන්නේ. මේ වැඩෙනුත් හොඳ කොමිස් කුට්ටියක් ලැබෙයි නේද?
ටියුෂන් මාස්ටර් දැන් වැඩකාරයා වෙලා, ලෝකයේම ලොකුම ක්‍රිකට් පිටි හදනවා, විශ්ව විද්‍යාල හදනවා. කොහොම හරි ඩොලර් කුට්ටි හොයන්න, රට වෙනුවෙන් පුදුම කැක්කුමක් තියෙන්නේ...
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකුත් හදලා අගනුවර එහාට ගෙනගියාට පස්සේ තියෙන්නේ දළඳා මාලිගාවත් මාරු කරන එක විතරයි. අපේ පැරණි රජවරු වැඩකලේ එහෙමනේ...
පස්සෙ කියන්න එපා හිඟා කාලා හරි ... හදනවයි කියල.
ඉස්සෙලම හදන්නේ පිට්ටනියද, විශ්ව විද්‍යාලයද.?
දැන් තියෙන ටික වත් හරියට කොරගන්න බැරි බව පෙන්නේ නැද්ද?
තවත් එකක් ඒ පාර. හෝමාගම ක්‍රිකට් පිට්ටනිය. ගල්කිස්සේ කෘත්‍රිම වෙරළ. දැන් විශ්ව විද්‍යාලයක් හදන්න බිලියන් 5ක් ණයට ගන්නවලු..! කවුද පිටිපස්සේ ඉන්නේ? මිස්ටර් ටෙන් පර්සන්ට්ද? අතිගරු ටෙන් පර්සන්ට්ද?
අර රුපියල් 2500 වගේද ?
වයිමා සෑහෙන්න නොවෙයි, නොසෑහෙන්න ලොක්කන්ගේ පිටිපස්ස හෝදනවා. ලොක්කෝ දෙන්න පරිස්සම් වුනොත් හොඳයි. හෝදන ගමන් සයනයිඩ් ගාන්නත් බැරි නැහැනේ.
අපරාදේ..., අපේ රට හා අපේ ජනාධිපතිතුමාට අපගේ ගෞරවය..!!!
මුහුණ කෝච්චියට තිබ්බ සතයක් වගේ කට ඇරියොත් ඉවරයි..
මෙය නිකම්ම විහිලුකාරයෙක් වෙලානේ...
මොලේ කොරෝනද කොහෙද?
දූලාගෙ දෑවැදි තාම හොයලා ඉවර නෑ??
එතකොට ඒ පැත්තේ ඉඳන් වයඹට ඇවිත් වයඹ ඡන්දවලින් පාර්ලිමේන්තු ගිහින් අන්තිමේ වයඹ අපිට කොකා පෙන්නන්න වගේ යන්නේ?
ලොකු වතුර ටැංකියකුත් හදන්න වේවි.... ශුෂ්ක කලාපේ වතුර හිග නේ.
ණය ගෙවීමේ අර්බුදයක් ලංකාවට තියන බව හැමෝම කියද්දී රට විනාශ කරන්න මේ මනුස්සයට තියන පිස්සුව.
යකාගේ හැටියටනේ විමානේ. කොමිස් ගන්න පුළුවන්න්නනම් වැසිකිළිත් හදයි.
ඉදිකිරීම් වැඩ වලට මෙයාට තියෙන්නේ පුදුම තදියමක්. සමහරවිට කොමිස් කුට්ටියක් කඩා ගන්න වෙන්නැති. අලුතෙන් විශ්ව විද්‍යාලයක් අවශ්‍යද යන්න තීරණය කළ යුත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මිස දේශපාලකයන් නොවේ.
අලුත් ඒවා හදන්න කලින් දෙනාට තියන ඒවාට පහසුකම් දෙන්න, ඒවා යාවත්කාලීන කරන්න, පුළුල් කරන්න වැඩිපුර සිසුන් ගන්න පුළුවන් වෙන විදිහට. අනන්ත දුෂ්කරතා අතරයි වෛද්‍ය පීඨ, ඉන්ජිනේරු පීඨ පවා පවත්වාගෙන යන්නේ...
අලුත් ක්‍රීඩා පිටි නැතුව මේ වගේ දෙයක් නිකමට කිව්වත් කමක් නෑ...
කට ඇරියොත් පට්ටපල් බොරු කියන්නේ.
මෙහෙමත් කෙබර අරින ඇමතිවරු මෙයා නිසා ගරු ජනාධිපතිතුමා අනාථයි..