IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අයි.ඩී.එච්. රෝහලට සී.ටී. ස්කෑන් පහසුකමත් හිමිවෙයි

(ළහිරු හර්ෂණ )
 
අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනය අලුතින් ස්ථාපිත කරන ලද  පරිගණකගත පරිලෝකන විකිරණ අංශය(සී.ටී ස්කෑන්) හා ගොඩනැගිල්ල විවෘත කිරීම අද(04) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම යන්ත්‍රය ස්ථාපිත කිරීමට ගොඩනැගිල්ලක් රෝහල් භූමිය තුළ නොමැති වූ බැවින් මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 ඉංජිනේරු සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ හා දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු සහ විදුලි ඉංජිනේරු යන අංශ වල ශ්‍රම දායකත්වයෙන් මෙම ගොඩ නැගිල්ල ඉදි කෙරිණි. 
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක, මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කපිල පෙරේරා, නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ද, මොරටුව විශ්ව විද්‍යාලයේ 92 93 ඉංජිනේරු සංගමයේ සාමාජිකයින් පිරිසක් ද පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

 



අදහස් (4)

අයි.ඩී.එච්. රෝහලට සී.ටී. ස්කෑන් පහසුකමත් හිමිවෙයි

de silva Thursday, 04 June 2020 11:00 AM

සිප වැළඳගන්න චීන කාන්තාවක්... ඔතන නැති එකේ ඔතන ඉන්න නර්ස් නෝනා කෙනෙකු හරි සිප වැළඳ ගත්තේ නැත්තේ මොකද ?

:       5       174

රවින් Thursday, 04 June 2020 12:03 PM

අතිවිශිෂ්ටයි උත්කෘෂ්ටයි. !!! ඇස්වල දුර්වලතාවයක්ද කොහේදෝ. අර අපිට තියන්නයි කියලා කියන සමාජ දුරස්ථභාවය? ඇමති, අධ්‍යක්ෂක ජනරාල්, තව තව ලොක්කෝ ඒගොල්ලන්ට ඔය දුරස්ථභාවය මිලිමීටර් වලින්ද, සෙන්ටිමීටර් වලින්ද ,අඟල් වලින්ද, නැතිනම් වියත් වලින්ද මනින්නේ?

:       1       85

padmapriya Thursday, 04 June 2020 05:53 PM

මෙතන මහත්වරු නිකන් කොන්ද පන නැති අය වගෙයි... නිකන් කෙලින් ඉන්නකෝ.

:       0       17

lalithmThursday, 04 June 2020 08:08 PM

හයියෝ කොන්ද පණ තියේ නම් ඔතන ඉන්නේ කොහොමෙයි. ඔහෙට පිස්සුද හැබෑටම?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site