සිනමන් ප්රණාම වෙතින් සුවවිරුවන්ට සත්කාර නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය රටතුළ පරාජය කිරීමේ සටනේ ඉදිරිපෙළ සිටි මෙරට වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ස්තුතිය පිරිනැමීමේ අරමුණින් සිය හෝටල්වල සියලු පහසුකම් සහතිව රාත්‍රී දෙකක් නොමිලේ ගත කිරීම සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගම පියවර ගෙන ඇත. 16 June 2020
’’පී සී ආර් පරික්ෂණ 80,000 න් 10,000 ක් සිදුකරේ ජපුර සරසවියේ’’ කොවිඞ් 19 වයිරසය පිළිබඳව මෙතෙක් මෙරට සිදුව ඇති පී සී ආර් පරික්ෂණ 80,000 න් 10,000ක් සිදුකර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී යැයි එම විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවැසීය. 16 June 2020
කතරගම ඇසළ මංගල්‍ය ජනතා සහභාගිත්වයෙන් තොරව ලබන මස 21 වැනි දින රුහුණු කතරගම මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව සෞඛ්‍ය අංශ වල උපදෙස් මත ක්‍රියා කිරීමට කටයුතු කරන බව මොණරාගල දිසා ලේකම් ගුණදාස සමරසිංහ මහතා අද (16) පැවති රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ උත්සව සංවිධානය කිරීමේ රැස්වීමේ දි පැවසීය. 16 June 2020
මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිට කප්පම් ගන්නා කල්ලියක් කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් තෙමසක පමණ කාලයකින් පසුව විවෘත කළ ගම්පහ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාර සහ සැලුන් වෙතින් කප්පම් ඉල්ලා සිටින කල්ලියක් සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි ලැබී ඇත. 16 June 2020
ගෑස් සිලින්ඩරයක් රුපියල් 950කට දිය හැකි බව රවී කියයි ගෑස් සිලින්ඩරයක් රුපියල් 950කට ලබාදීමේ හැකියාව ආණ්ඩුවට ඇතැයි එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා පැවැසීය. 16 June 2020
හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22දා සිට යළිත් ජාතික හැඳුන්ම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව මේ මස 22 වනදින සිට යලිත් ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි පුද්ගලයින් ලියා පදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් නියෝජ්‍ය කොමසාරිස් එම්.ඒ.එන්.මංචනායක මහත්මිය පැවසුවාය. 16 June 2020
තැපැල් ඡන්ද දාන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසමේ රැස්වීමක් එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතා කරන දිනය තීරණය කිරීම සඳහා මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසම අද (16) රාජගිරිය හි පිහිටි එම කොමිසමේ දී විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත. 16 June 2020
දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය විවෘත කරයි සෞඛ්‍යය අංශයන්හි උපදෙස් වලට අනුව දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය හා නැරඹුම් මැදිරිය අද (15) දින සිට සංචාරකයින් සඳහා විවෘත කළ බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඩී එම් නදීකා ක්‍රිෂාන්ති දිසානායක මහත්මිය පැවසුවාය. 16 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1905 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1905 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 15 June 2020
පකිස්තානයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 129ක් කටුනායකට පැමිණෙති කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද 15 අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . 15 June 2020
ඇට්ලන්ටා පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර දී පොලිසිය කළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතික තරුණයකුට ජීවිතය අහිමි විය. 14 June 2020
‘පාසල් විවේක කාලය වෙන වෙනම ලබාදෙන්න’ පාසල් නැවත ආරම්භ කිරීමේ දී පාසල තුළ සිසුන් ඒකරාශි වීම හෝ කණ්ඩායම් ගැසීම වැළැක්වීම සඳහා පාසල් විවේකය එකම අවස්ථාවක නොදී වෙන වෙනම දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන් වෙත උපදෙස් දී තිබේ. 14 June 2020
විදෙස්ගත වී සිටි ලාංකිකයින් 7000 ක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන් කොරෝනා වසංගතය හමුවේ මෙරටට ගෙන්වා ගන්නයි ඉල්ලා ඇති විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් 7000ක් පමණ මේ වනවිට ගෙන්වාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 14 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1889 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1889 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 14 June 2020
පාකිස්තානයේ හිටපු අගමැතිට - හිටපු ක්‍රිකට් නායක අෆ්රිඩිට කොරෝනා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට සහ එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ෂහිඩ් අෆ්රිඩිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. 14 June 2020
‘’කොරෝනා මර්දනයට ලැබුණු විදේශ මුදල් ගැන නිවැරදි තොරතුරු වහාම රටට හෙළි කරන්න’’ කොරෝනා මර්දනයට ලැබුණු විදේශ අරමුදල් පිළිබඳ නිවැරදි තොරතුරු වහාම රටට හෙළිකරන්නේ රජයෙන් ඉල්ලා සිටින බව බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 June 2020
ගැමුණු අර්ධ සුඛෝපභෝගී බස් අහෝසි කරන්නයි ඉල්ලයි අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව වහා අහෝසි කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියේය. 14 June 2020
මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 13 June 2020
කාබුල් නුවර දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අද (12) සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 12 June 2020
කොරෝනා ගැන අනතුරු ඇඟවූ වෛද්‍ය ලීගේ බිරිඳට පුතෙක් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලොවට මුලින්ම අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියෑන්ගේ බිරිඳ පුතකුට උපත ලබා දී ඇත. 12 June 2020
ගෙවුණු පැය 24 දී ඉන්දියාවෙන් ආසාදිතයන් 10000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන පළමු වතාවට අද (12) 10000 ඉක්මවා ගියේය. 12 June 2020
‘ශ්‍රී ලංකාවට ගෙන්වා දෙනවානම් ශ්‍රමිකයින් 20000කගේ වගකීම ගන්න සූදානම්‘ විදෙස් රටවල විවිධ රැකියාවන් ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමකට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40000න් 20000 කගේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය. 12 June 2020
ලංකා ගුරු සංගමය මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි දුප්පතුන්ට ආධාර පිණිස යැයි සදහන් කරමින් නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ ගුරු වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් තම සංගමයේ සාමාජිකයන්න්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් , එම චක්‍රලේඛය අවලංගු කරන ලෙසත් , රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 12 June 2020
ගම්පහ පෙරහුරු මැතිවරණය හෙට ඉදිරි මහ මැතිවරණයට පෙර සෞඛ්‍ය නිරෝධායන විධිවිධාන අනුව ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න දැනුවත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු මැතිවරණයක් හෙට (13) මීගමුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී පැවැත්වේ. 12 June 2020
මාස තුනක් යන තුරු තැපෑලට සෙනසුරාදා නිවාඩු තැපැල් සේවකයින්ට මාස තුනක කාලයක් සෙනසුරාදා දින නිවාඩු ලබා දීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 June 2020
ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ වෛද්‍යවරයා රිමාන්ඩ් කොළඹ ජාතික රෝහලෙන් රුපියල් ලක්ෂ 79ක මුදලක් කොල්ල කෑ බව කියන වෛද්‍යවරයා ලබන 24 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා අද (11) නියම කළේය. 11 June 2020
පාසල් ආරම්භ කිරීමේ ක්‍රමය ගැන ගුරු සේවා සංගමයෙන් විවේචන නැවත පාසල් ආරම්භ කිරීම අදියර කිහිපයකින් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති පියවර නිසා මව්පියන් හා ගුරුවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය. 11 June 2020
හැම පාසලකටම ගිලන් කාමරයක් සෑම පාසලකම සිසුන්ගේ පැමිණීම ආරම්භ වීමට පෙර ගිලන් කාමරයක් සකස් කර තිබිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දන්වා ඇත. 11 June 2020
කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයෙන් මිලියනයක් ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මගින් කොරෝනා අරමුදල සදහා රුපියල් දස ලක්ෂයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීම ජනපති මැදුරේදී සිදු කෙරිණ. 11 June 2020
කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු 30 ක් නිරෝධායනයට කොල්ලුපිටිය පොලිස් වසමට අයත් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනලද උද්ඝෝෂණය මැඩපැවැත්වීමේ රාජකාරියේ නිරතවූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 11 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026