ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට අවසර බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කළ, අඩු මාත්‍රාවකින් යුත් අඩු මිල ‘ඩෙක්සෝමෙතසෝන්’ නමැති ස්ටෙරොයිඩ් ඔසුව, ස්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන ‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන්ට ලබා දෙන්නැයි ඉන්දීය රජය පවසා ඇත. 28 June 2020
කොස්ගොඩ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි 5 කට කොරෝනා විදේශගතව සිට කොස්ගොඩ හිද්දරුවේ පිහිටි සංචාරක හෝටලයක යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 225 දෙනෙකුගෙන් පස් දෙනෙකුට කොරෝනා වයිසරය ආසාදනයවී ඇති බවට අද (28) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 28 June 2020
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන කෝටිය පනී ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (28) කෝටිය ඉක්මවා ගියේය. 28 June 2020
ලොක්ඩවුන් හදිසියේ ලිහිල් කිරීමෙන් බ්‍රිතාන්‍යයේ 30,000ක් මියයන ලකුණු කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනයකිරීම සඳහා බ්‍රිතාන්‍යයට බලපැවැත්වූ ලොක්ඩවුන් තත්වය, නියමිත කාලයට පෙර ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් 30,000ක් පමණ පිරිසක් මියයනු ඇතැයි විශේෂඥවරු අනතුරු අඟවති. 28 June 2020
තවත් 22ක් සුවය ලබා පිටව යති කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 22දෙනෙකු සුවය ලබා අද(28) රෝහල්වලින් පිටවගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 28 June 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ 125,000 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ඊයේ 125,000 පසු කර ගියේය. 28 June 2020
ඊජිප්තුව සීමා ලිහිල් කරයි නව කොරෝනා වයිරසය හෙවත් ’කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා රැසක් ලිහිල් කිරීමට ඊජිප්තුව පියවර ගෙන ඇත. 27 June 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 9.8 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ලොව පුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.8 ඉක්මවා ගොස් ඇත. 27 June 2020
ඇමෙරිකාවේ දිනක් තුළ වැඩිම කොරෝනා රෝගීන් වාර්තාව ඊයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සිකුරාදා වාර්තා වූ අතර එම ගණන 40,870ක් විය. 27 June 2020
ඉන්දියාවේ කොරෝනා 500,000 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (27) 500,000 ඉක්මවා ගියේය. 27 June 2020
කොරෝනා ආසාදිතයන් ගණන 2014 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2014 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 26 June 2020
කොරෝනා ආසාදිතයන් ගණන 2007 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 25 June 2020
ලොවපුරා කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.4 ඉක්මවයි ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (25) පෙරවරු වනවිට මිලියන 9.4 ඉක්මවා ගොස් ඇත 25 June 2020
ඇමරිකාවේ ආසාදිතයන් ගණන 34,700කින් ඉහළ යයි ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව දිනක් ඇතුළත ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (24) වාර්තා විය. 25 June 2020
ලතින් ඇමෙරිකානු කලාපයේ කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ලක්ෂය පනී නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වන මරණ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 24 June 2020
ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 15,968 ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (24) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 15,968ක් ලෙස දැක්විණි. 24 June 2020
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවයි කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2001 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 24 June 2020
කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1998 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 24 June 2020
තවත් 14ක් සුවය ලබා ගෙදර යති කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 14දෙනෙකු සුවය ලබා අද(24) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 24 June 2020
දකුණු අප්‍රිකාවේ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 23 June 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරෙසති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 23 June 2020
තවත් 22ක් සුවය ලබා ගෙදර යති පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(23) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 23 June 2020
බලපිටිය-ඇල්පිටිය රෝහල් කනිෂ්ඨ මණ්ඩලය ලෙඩ නිවාඩු දමති අතිකාල ප්‍රශ්නයක් මුල් කරගෙන බලපිටිය හා ඇල්පිටිය රෝහල් දෙකේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල අද (23 ) ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්වී ඇත. 23 June 2020
වැලිසර නාවික කඳවුර අද සිට විවෘතයි කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ වැලිසර නාවික කඳවුර අද(23) සිය යළි විවෘත කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය. 23 June 2020
පාකිස්තානය වැඩිම ආසාදිතයන් සිටින මුල් රටවල් 10 අතරට දෛනිකව වැඩිම නව කොරෝනා ආසාදිතයන් වාර්තා වන මුල් රටවල් 10 අතරට පාකිස්තානය පැමිණ ඇත. 22 June 2020
දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 181,020ක් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් දිනයේදී ලොව නන්දෙසින් නව කොරෝනා ආසාදිතයන් 1,81,020 දෙනකු හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 22 June 2020
’කොරෝනා නිසා ලෝකය භයානක අදියරකට ඇවිත්’ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ‘‘අලුත් සහ භයානක අදියර’’කට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 21 June 2020
පොලීසිය හා උද්ඝෝෂකයින් අතර දැඩි උණුසුම් තත්වයක් හිටපු අමාත්‍ය කරුණා අම්මාන් මහතා රනවිරුවන් ඝාතනය කලා යයි කියන ප්‍රකාශයකට විරෝධය දැක්වීම සදහා ජනතා අයිතීන් සුරකීමේ සංවිධානය සීනිගම දේවාලය අභියස අද (21 ) පැවැත්වීමට සංවිධානය කළ උද්ඝෝෂණයක් මීටියාගොඩ පොලීසිය මැදිහත්වී නවැත්වීමට කටයුතු කිරීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 21 June 2020
ට්‍රම්ප්ගේ රැලිය සංවිධානය කළ හයදෙනකුට කොරෝනා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වූ පළමු ජන රැලිය සංවිධානය කළ සංවිධායක මඬුල්ලේ හයදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 21 June 2020
සිංගප්පුරුවේදී සිරදඩුවමක් නියමව සිටි ශ්‍රී ලාංකිකයකුට කොරෝනා වීසා කාලය ඉක්මවා සිංගප්පූරුවේ රැඳී සිටීම හේතුවෙන් සති හතරක සිර දඬුවමක් නියම වී ඇති 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026