නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා රැසක් ලිහිල් කිරීමට ඊජිප්තුව පියවර ගෙන ඇත.
කෙසේ නමුත් ඊජිප්තුවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන වැඩි වෙමින් තිබේ.
අද (27) දිනයේදී ඊජිප්තුවේ අවන්හල්, සමාජශාලා, කායවර්ධන මධ්‍යස්ථාන සහ රංගශාලා විවෘත කෙරිණි. මුස්ලිම් හා කතෝලික දේවස්ථාන ද අද දිනයේදී විවෘත කෙරුණු අතර රාත්‍රී කාලයට පනවා තිබූ ඇඳිරි නීතියද ඉවත් කෙරුණි.
අවන්හල් විවෘත කිරීමට අවසර දුන්නද ඒවාට ඇතුළත් කර ගත හැක්කේ ඒවායේ සමස්ත ආසන ප්‍රමාණයෙන් 25%ක් පමණි.
දේවස්ථාන විවෘත කළ ද සතියකට වරක් පවත්වන දේව මෙහෙය පැවැත්විය නොහැක. එම දේව මෙහෙයවලට සාමාන්‍යයෙන් අති විශාල පිරිසක් පැමිණෙති.
මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා දේව මෙහෙය සහ කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙය තහනම් කිරීමටද ආණ්ඩුව පියවර ගෙන ඇත.
ඊජිප්තුවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 62,755ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 2,620කි.
ද ගාඩියන් / ඒ.එෆ්.පී
- 055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඊජිප්තුව සීමා ලිහිල් කරයි