දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
මේ අනුව අප්‍රිකානු මහද්වීපයෙන් වැඩිම නව කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද දකුණු අප්‍රිකාවෙනි.
දකුණු අප්‍රිකාවෙන් අද (23) පස්වරුවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 101,590ක් වූ අතර එරටින් වාර්තා වන මරණ ගණන 1,991කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූ පිරිසගේ ගණන 53,444කි.
දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන මරණ ගණන 2,000කට ආසන්න වුවද එරට මරණ අනුපාතය ඇත්තේ සියයට 2ක් වැනි ඉතා අඩු අගයක ය. නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 52.6කි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ‘වෙස්ටර්න් කේප්’ පළාතට ය. කොරෝනා වයිරස ආසාදිත මරණවලින් 1,458ක්ම වාර්තා වන්නේ එම පළාතෙනි.
නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් අඩක් වාර්තා වන්නේ ද මුහුදු බඩ පළාතක් වන එම පළාතෙනි.
ද ගාඩියන්
055
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු අප්‍රිකාවේ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි