අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (27) 500,000 ඉක්මවා ගියේය.
ඉන්දියාවෙන් ගෙවුණු පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 17,000 ඉක්මවා වාර්තා වූ අතර ඒ සමඟ එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයින්ගේ සමස්ත ගණන 500,000 පසු කළේය.
නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතයෙන් සිවුවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවය.
නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගරවලින් ද දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද මේ වනවිට වේගයෙන් ඉහළ යන්නේ යැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ රුසියාවට පසු වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් වැඩිවෙමින් තිබෙන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති. එබැවින් අන් සියල්ලටම වඩා වයිරසය පැතිර යෑම වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු යැයි එම විශේෂඥයන් මධ්‍යම ආණ්ඩුවට උපදෙස් දී ඇත.
- 055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාවේ කොරෝනා 500,000 ඉක්මවයි