IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට අවසර

බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කළ, අඩු මාත්‍රාවකින් යුත් අඩු මිල ‘ඩෙක්සෝමෙතසෝන්’ නමැති ස්ටෙරොයිඩ් ඔසුව, ස්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන ‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන්ට ලබා දෙන්නැයි ඉන්දීය රජය පවසා ඇත.

ඩෙක්සමෙතසෝන් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම ආරක්ෂිත යැයි ඉන්දීය වෛද්‍ය සභාව නිර්දේශ කිරීමෙන් අනතුරුව ඉන්දීය රජය ඒ බව ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් මෙම ඖෂධය වයිරස ආසාදිත රෝගීන්ට දිය යුත්තේ සමීප වෛද්‍ය අධීක්ෂණය යටතේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඉන්දීය වෛද්‍ය බලධාරීහු ද පවසා ඇත.

ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට ලක්ෂ පහ ඉක්මවා ඇත. ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන කෝටිය ඉක්මවා ඇත. ඉන්දියාවෙන් සෙනසුරාදා දිනයේදී ආසාදිතයන් 18,522ක් වාර්තා වූ අතර ඉරිදා, එනම් අද (28) පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී ආසාදිතයන් 19,906ක් වාර්තා විය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කළ හැකි එන්නතක් හෝ ඔසුවක් හෝ තවමත් සොයාගෙන නැත. වයිරසය විනාශ කළ හැකි එන්නතක් නිසැකම නිර්මාණය වනු ඇති නමුත් එසේ නිර්මාණය වීමට තව වසරක කාලයක් ගත වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය නිවේදනය කළේය.

‘ඩෙක්සෝමෙතසෝන්’ ඔසුවට ‘කොවිඩ් 19’ අඩපණ කළ හැකි බව පළමුවෙන් ලොවට ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ය. ‘ඩෙක්සෝමෙතසෝන්’ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූයේ ඉන් පසුවය.

වෛද්‍ය නිර්දේශ අනුව මෙම ඖෂධය ඔසු සැල්වලින් ලබාගත හැකිය. වෛද්‍යවරු ඇදුම, පෙනහළු ආසාදන ඇතුළු රෝගී තත්ත්ව සඳහා ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය නිර්දේශ කරති. වෛද්‍යවරු අක්ෂි සැත්කම්වලින් පසුව ද ‘ඩෙක්සෝමෙතසෝන්’නිර්දේශ කරති.

බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන් 5,000ක් තෝරා ගනිමින් ඔවුන්ට ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය ලබාදුන් අතර එය සාර්ථක ප්‍රතිඵල පෙන්වීමත් සමඟ එම ඖෂධය භාවිතයෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පරාජයට පත් කළ හැකි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු තීරණය කළහ.

මරණ මංචකයේ පසුවන රෝගීන් බොහොමයකගේ ජීවිත බේරාගැනීමට ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට හැකි වූ බව එහිදි තහවුරු විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට භාවිතයට ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් ද ඉන්පසුව ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය සම්බන්ධයෙන් සොයා බැලූ අතර, ‘කොවිඩ්-19’ආසාදිතයන්ට එය ලබා දීම සුදුසු යැයි එහිදි නිර්දේශ විය. ‘ඩෙක්සෝමෙතසෝන්’ ස්වසන අපහසුතා ඇති, ‘කොවිඩ්-19’ආසාදිතයන්ට ලබා දෙන්නැයි නියම කළ පළමු රට ඉන්දියාව යැයි විදෙස් පුවත් සේවා ‍වාර්තා කර තිබිණි.

‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය දිය යුත්තේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට පමණක් යැයි ප්‍රකාශ කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය එම ඖෂධය නිෂ්පාදනය කිරීම වේගවත් කරන්නැයි ඉල්ලීමක් ද කර ඇත.

එන්.ඩී.ටීවී.

055



අදහස් (0)

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site