IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සිංගප්පුරුවේදී සිරදඩුවමක් නියමව සිටි ශ්‍රී ලාංකිකයකුට කොරෝනා

වීසා කාලය ඉක්මවා සිංගප්පූරුවේ රැඳී සිටීම හේතුවෙන් සති හතරක සිර දඬුවමක් නියම වී ඇති 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම තරුණයා සිංගප්පූරුවට පැමිණ ඇත්තේ ජනවාරි 10 වැනිදා ය. වීසා කාලය අවසන් වීමෙන් පසුව ද හෙතෙම සිංගප්පූරුවේ රැඳී සිට ඇති අතර ඒ බව අනාවරණය වී ඇත්තේ ජූනි 12 වැනිදා ය. වීසා කාලය ඉක්මවා සිංගප්පූරුවේ රැඳී සිටීමේ වරදට ඔහු වරදකරු වී ඇති අතර ඒ හේතුවෙන් ඔහුට සති හතරක සිර දඬුවමක් සහ වේවැල් පහර තුනක දඬුවමක් නියම වී ඇත.

එම තරුණයාට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත්තේ ජූනි 18 වැනිදා ය.
‘‘ශ්‍රී ලාංකික ජාතිකයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මුලින් අනාවරණය වුණේ නැහැ. ඔහු රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. ඒ නිසා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වුණේ නැහැ’’ යැයි සිංගප්පූරු බන්ධනාගාර සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ නමුත් ජූනි 18 වැනිදා ඔහුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙන අතර ඔහු හුදෙකලා කර ඇත. ඔහුත් සමඟ තවත් රැඳවියන් දෙදෙනකු ද ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

ශ්‍රී ලංකිකයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන බව ද බන්ධනාගාර නිලධාරීහු ප්‍රකාශ කළහ.

සන්ඩේ ටයිම්ස්

055



අදහස් (0)

සිංගප්පුරුවේදී සිරදඩුවමක් නියමව සිටි ශ්‍රී ලාංකිකයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site