IMG-LOGO

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරෙසති

(ඩයනා උදයංගනී)

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

කොරෝනා වසංගත මර්දනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් බිම් මට්ටමින් ඉටුකරනු ලබන රාජකාරීවල දී මතුව ගැටලු නිරවුල් කර දෙන්නැයි සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් තවමත් එම ගැටලු විසඳී නොමැති නිසා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී.යූ උපුල් රෝහණ මහතා පැවසීය.

තම සංගමයට පවතින නෛතික ගැටලු විසඳාදීමට බලධාරීන් එකඟ වුවත් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබා දී නැතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින නෛතික ගැටලු විසඳීම සඳහා නිරෝධායන, රෝග ස්පර්ශකයින් වෙන්කරතැබීම, බෝ වන රෝග පනතේ පරීක්‍ෂකවරුන් පත්කිරීමට අදාළ ගැටලුව නිරවුල් කිරීම හා එම පනතට රෙගුලාසි සකස් කර නීතිගත කිරීම, රට විවෘත කිරීමට අදාළව ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නීතිගත කිරීම (මැතිවරණ මාර්ගෝපදේශ ද ඇතුළත්ව) ආදී ඉල්ලීම් කඩිනමින් ඉටුකරදෙන්නැයි නැවතත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.

මෙම නෛතික ප්‍රතිපාදන නොමැතිව රාජකාරී කරන්නට යාමේදී තමන් විවිධ ගැටලුවලට මුහුණ දෙන බව ද උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (3)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරෙසති

නිරන්ජන් Wednesday, 24 June 2020 01:11 AM

බොර දියේ බිලී බානවා වගේ කොරෝනා අස්සේ තමන්ගේ මඩිය තරකර ගන්නට විප්ලව කරන්න ගියේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අනතුරේ දමමින් බව නොපෙනී ගියේ තකතීරු දේශපාලුවන්ට මුක්කු ගැසූ නිසයි. නතිනම් අද වන විට මොවුන් දේවත්වයෙන් සලකන මට්ටමකට එන්න තිබුනා. රටේ වාසනාවකට ත්‍රිවිධ හමුදාවලට වගකීම් බාර දුන් නිසා අද ලංකාව කොරෝනා මර්දනයේ ඉහළම මට්ටමකට ගිහින්. ආකල්ප වෙනසක් කරන්නේ නැත්නම් ව්‍යසනයකදී උදව් නොකරන රජයේ සේවකයන් රටට විශාල බරක්. මෙවැනි නිලධාරීන් සිටින රටක් දියුණු වන්නේ කොහොමද ?

:       40       43

සාලිය Wednesday, 24 June 2020 01:16 AM

තැටිය රත් වුන වෙලාවට රොටිය පුච්චා ගන්න නියමයි.!

:       14       0

ana Wednesday, 24 June 2020 07:27 AM

ටිකක් ඉන්න අර මුදල තර උනාම සලකන්නම්.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 142 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site