IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකාවේ කොරෝනා මරණ 125,000 ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ඊයේ 125,000 පසු කර ගියේය.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,505,590 දක්වා ඉහළ ගොස් ඇත.

නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතයෙන් වැඩිම ආසාදිතයන් ගණනක් හා මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. දෙරටින් වාර්තා වන ආසාදිතයන් ගණනේ පරතරය මිලියන 1.2කි.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෛනික මාධ්‍ය හමුව නැවැත්වීමෙන් පසුවද නව කොරෝනා වයිරස හේතුවෙන් වියට්නාම් යුද්ධයෙන් මියගිය ඇමෙරිකානුවන්ගේ ගණනට වඩා ගණනක්  මියගොස් ඇතැයි 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පතේ ධවල මන්දිර වාර්තාකරු වන පීටර් බේකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

නව කොරෝනා වයිරස ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළේය. එහි තීන්දු තීරණ සහ එම බලකාය ගත් පියවර දැනුම් දෙමින්  ඇමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ දී දෛනික මාධ්‍ය හමුවක් පැවැත්වීය. 

පොලිස් ප්‍රචණ්ඩත්වයට සහ වර්ගවාදයට එරෙහිව ඇමෙරිකාව තුළ විරෝධතා ආරම්භ වීමත් සමඟ එම මාධ්‍ය හමුව නතර විණි.

එම කාර්ය සාධක බලකාය ද මාස දෙකකින් රැස්වී නැතැයි ඇමෙරිකනු මාධ්‍ය වාර්තා කර තිබිණි .

ද ගාඩියන් 

055

 



අදහස් (0)

ඇමෙරිකාවේ කොරෝනා මරණ 125,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site