IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මෙක්සිකොවේ පැය 24 ක් තුළ කොරෝනා මරණ 1,092ක්

මෙක්සිකෝවේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 1,092ක් සිදුවී තිබේ. 

මෙම සංඛ්‍යාව මේ වනවිට ඒක් දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරන ඇමෙරිකා එක්සත් ජනපදය ද ඉක්මවා ගොස් ඇතැයි බලධාරීහු පවසති.

ඇමරිකාවේ පසුගිය පැය 24 තුළ සිදුවී ඇත්තේ මරණ 1,045කි.

මෙක්සිකෝවේ සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 11,729ක් වන අතර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසන්නේ මෙක්සිකෝව මරණ සංඛ්‍යාවෙන් ලොව හත්වන ස්ථානයට පත්වී ඇති බවයි.

පසුගිය පැය 24 තුළ මෙක්සිකෝවේ නව ආසාදන 3,912ක් වාර්තා වූ අතර මේ වනවිට ඒරටින් වාර්තා වන මුළු ආසාදන සංඛ්‍යාව 101,238ක් දක්වා වැඩිවී තිබේ.

කොරෝනා රෝගය හේතුවෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමට මේකෝ රජය සූදානම් වුවද ආසාදිතයන් වාර්තා වීම අඩු නොවීම නිසා ඒම සැලසුම් අත්හිටුවීමට සිදුවිය.

නිරීක්ෂකයන් පවසන්නේ මෙක්සිකොවේ සිදුකරන්නේ කොරෝනා පරීක්ෂණ අඩු සංඛ්‍යාවක් බවයි.

මේ හේතුවෙන් දැනට තහවුරු වී ඇති මරණ සංඛ්‍යාවට වඩා සත්‍ය මරණ සංඛ්‍යාව 2.5 ගුණයකින් වැඩිවිය හැකි බවද ඔවුහු පවසති.

සැබෑ මරණ සංඛ්‍යාව නිල මරණ සංඛ්‍යාවට වඩා වැඩි බව මෙක්සිකෝ රජය ද පිළිගෙන තිබේ.

කොරෝනා ආසාදිත මරණ 30,000කට වඩා මෙක්සිකෝවේ සිදුවන බවට පුරෝකථනය කර ඇත.



(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

මෙක්සිකොවේ පැය 24 ක් තුළ කොරෝනා මරණ 1,092ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site