තායිලන්තයේ කොරෝනා රෝගයට ඒරෙහිව සටන් වදින මිලියනයක පමණ ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබේ.
තායිලන්තය මේ වනවිට වයිරසයට ඒරෙහිව ලබාගෙන ඇති සාර්ථකත්වයට ස්වෙච්ඡා සේවකයින්ගෙන් ලැබුණු දායකත්වය මහත් පිටිවලක් වූ බව ලෝක සෞඛය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තායිලන්තයේ ස්වෙච්ඡා සේවකයින් "ප්‍රශංසා නොලැබූ වීරයන්" බවයි.
චීනයෙන් පසු පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ තායිලන්තයේ වුවත් ඒතැන් සිට මේ දක්වා තායිලන්තයේ වාර්තා වී ඇත්තේ රෝගීන් 3,000ක් සහ මරණ 58ක් පමණි.
කොවිඩ් - 19 වැළැක්වීම, රෝගීන් හඳුනා ගැනීම සහ වාර්තා කිරීම සඳහා ස්වෙච්ඡා සේවකයින්ගෙගේ නොමද සහාය ලැබුණු බව තායිලන්තයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත ඩැනියෙල් කර්ටෙස් පවසා තිබේ
උෂ්ණත්ව පරීක්ෂාවන් සිදුකිරීම, දෛනික සෞඛ්‍ය තොරතුරු රැස් කිරීම සහ රෝගය පැතිරෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ද මෙම ස්වෙච්ඡා සේවකයන් රජයට උදව් කරයි.
1977 වර්ෂයේදී මෙම ග්‍රාමීය ස්වෙච්ඡා සේවය නිර්මාණය කර තිබේ.
මොවුන්ට මූලික සෞඛ්‍ය පුහුණුවක් ලබාදෙන අතර බොහෝ දුර බැහැර ප්‍රදේශවල මූලික ප්‍රතිකාර හා මූලික රෝග විනිශ්චයන් ලබා දීමට යොදවනු ලැබේ.
කුරුළු උණ හා H5N1 වැනි වසංගත තත්ත්ව වලදී ද මෙම ස්වේච්ඡා සේවකයින් සාර්ථක දායකත්වයක් ලබා දී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තායිලන්තයේ සෞඛ්‍ය ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට