ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ, කොවිඩ් වයිරසය හේතුවෙන් පැනවුණු සීමා සමහරක් ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.
ජකර්තා හි ආණ්ඩුකාර ඇනිස් බස්වෙඩන් පවසා ඇත්තේ සිකුරාදා (05) සිට සමහර පොදු ප්‍රවාහන කටයුතු සහ සාමාන්‍ය මෙහෙයුම් නැවත ආරම්භ කරන බවයි.
සීමාවන් යටතේ පූජ්‍යස්ථාන විවෘත කෙරෙන බවත් ඔහු පවසා ඇත.
සීමාවන් ලිහිල් කිරීමට තීරණය කරනු ලැබූයේ ජකර්තා නගරයේ කොරෝනා වයිරස මරණ අනුපාතය පහත වැටීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් අප්‍රේල් මස මැද භාගයේ සිට ඉන්දුනීසියාවේ දැඩි සීමා පනවනු ලැබිණ.
චීනය හැරුණු විට නැගෙනහිර ආසියාවේ,කොරෝනා වයිරසයෙන් වඩාත්ම පීඩාවට පත්වූයේ ඉන්දුනීසියාවයි.
ඒහි මේ වනවිට ආසාදිතයන් 28,818ක් වාර්තා වී ඇති අතර සහ මරණ 1,721ක් සිදුවී තිබේ.
රෝගය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වූ ජකර්තා නගරයේ ආසාදිතයන් 7,690ක් තහවුරු විය. මරණ 523ක් වාර්තා විය.
කෙසේවුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ජකර්තා හි සීමාවන් ලිහිල් කිරීම සඳහා නිර්ණායක සපුරා නොමැති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජකර්තා නගරයේ සීමා ලිහිල් කෙරේ