(ඩයනා උදයංගනී)
රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා පවතින නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත පැමිණීමේ අවස්ථාව කිතුණු බැතිමතුන්ට ලබාදෙන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලා සිටිති.
කොරෝනා වසංගතය පිළිබඳ දැනගත් වහාම දෙව්මැදුරු වසා දමා එය පාලනය කිරීම සඳහා ලබා දිය හැකි උපරිම සහයක් ලබා දුන් කිතුණු ජනතාවට, නැවත වතාවක් රට යථාවත් වෙමින් පවතින අවස්ථාවේ දෙව් මැදුරු වලට එකතු වීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
දෙව් මැදුරු වසා දැමූ දින පටන් යාච්ඤා කටයුතු කිරීමට නොහැකිව දේවස්ථාන වලට යාමට මහත් ආශාවෙන් සිටින කිතුණු බැතිමතුන් වෙනුවෙන් නිරෝධායන නීති යටතේ ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස තමන් රජයන් ඉල්ලා ඇතැයි ද අගරදගුරුතුමෝ වැඩිදුරටත් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට වීඅයිපී විතරයි දෙවියන් බලන්න කැමති.. දැනට ඇ.ඩො.මි. 1100 අරන් තියෙන්නේ.., තවටිකක් මේකෙන් ප්‍රයෝජනයක් අරන්ම ඕපන් කරන්නම් අපේ හාමුදුරුවනේ..
අනිවාර්යයෙන් අනුමැතිය දෙන්න ඕනේ...
නිරෝධායන නීති ක්‍රියාත්මක කරන්නේ තරහකට නොවන වග ඔබතුමා දන්නේ නැද්ද? ඔබතුමා අනවශ්‍ය ප්‍රශ්නයක් තමයි ඇති කරන්න හදන්නේ...
ඔය ගැන දෙවියන් වහන්සේගෙන් කෙළින්ම කන්නලව් කළා නම් වැඩේ පහසු වේවි කියලයි මමනම් අවංකවම හිතන්නේ.
තමන් අදහන දෙවියා සිටිය යුත්තේ තම තමන්ගේ හිත්වලයි. ඕකට පන්සල් පල්ලි කෝවිල් දේවලම ඕනේ කියලා නැහැ තමන් අදහන ආගම දර්මය අදහන්න රැකගන්න. විය යුත්තේ තම තමන්ගේ ආරක්ෂාව සලසාගෙන අනුන්ටත් වදයක් නොවී හිදිමයි මේ වකවානුව ගෙවෙනකම්වත්...
මම ඔබතුමන්ලාගෙන් අහන්නේ "මිනිසා විසින් දෙවියන් වහන්සේව මවන ලද්දේද?" නැතහොත් "දෙවියන් වහන්සේ විසින් මිනිසාව මවන ලද්දේද?" ඕනේනම් පොඩි ඉඟියක් දෙන්නම්, මේ දවස්වල මේ පැතිරිලා තියන කොරෝනා වසංගතේ ගැන හිතපුවාම උත්තරේ හොයාගන්න ලේසියි..
ගරු අගරදගුරුතුමනි , උදාවෙලා ඇති තත්වයට කිසිම නිරෝධායනයක් ඔරොත්තු නොදෙන බව හේතු සනාතවෙලා තියනවා.. ජර්මනියේ දේව මෙහෙයුමකින් පසු 40කට අසාධ්‍යයි.. 300 කටත් වැඩි පිරිසක් නිරෝධායනයට ... මේ වගේදෙයක් සිද්ද වුනොත් ..?
මේ අදහස් පලකොට ඇති සමහරක් දෙනා දෙවියන් වහන්සේ පිළිබඳව බද්ධ වෛරයකින් පසුවීම සාධාරණයි. මන්ද, ඔවුන්ට මව්කුස තුළදීම අවබෝධ වෙනවා ඔවුන්ගේ උත්පත්තිය දේව ශාපයකින්ම සිදුවූවක් බව. ඉතින් ඒ ජන්ම වෛරය පිරිමහ ගන්න නිතර උත්සාහ දරනවා. එක අතකට, වැරැද්ද කළ දෙමව්පියන්ට වෛර නොකර දෙවියන් වහන්සේට වෛර කිරීමත් මේ ලෝකෙට කරන විශාල සේවයක්. එසේ නොමැති නම් කළලය මවගේ කුස තුල තිබෙද්දී මවගේ මනසේ පවතින ව්‍යාකුල සිතුවිලි තුළින් මනස පෝෂණය වන මේ අය එය ඒ ලෙසම සමාජයට මුදා හරින්න ගත්තා නම් ඇතිවන තත්වය කෙබඳු විය හැකිද? හොඳ වෙලාවට මේ අයගෙන් සමහරක් අයට උප්පැන්නේ සඳහන් නම හා වාසගම වෙනුවට වෙනත් නමක් භාවිතා කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන්නේ. නැත්නම් ලෝකෙම විනාශයි.
ඔබ වහන්සේ අහලා තියනවාද මන්දන්නේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ පෙබරවාරි මාසයට වැඩිය මැයි මාසේ වෙනකොට වැඩිපුර කට්ටිය ආගමානුකූල වෙලා. ඉස්සර පිස්සු බල්ලන් වගේ දුවපු අම්මා තාත්තා දවස් ගණනකින් නොදැකපු ළමයින්ට දැන් දවස පුරාවටම ආදරය, දයාව, කරුණාව හම්බ වෙනවලු. ඒ ගොල්ලන් ගැන වැඩිපුර සොයා බලනවාලු... අසල්වැසියාට පෙරට වඩා දයාව කරුණාව දක්වනවාලු. ගෙදර ඉඳන් උදේ, හවස ඔරසන් කියනවාලු, ගාථා කියනවාලු.., දෙවියන් අයදිනවාලු, තෝත්තර කියනවාලු. කිසිම නෑයෙක්, හිතවතෙක් නැතිව බොඩි බෑගය තුල යවනවා දැකලා බුදුන් දෙවියන් දැකලා. තව කොරෝනා නිසා මැරුණු අය පාරවල් ගානේ දාලා ගිය ඒවා එහෙම අන්තර්ජාලය තුළින් දැකලා දෙවියන්, බුදුන් සිහිවෙලා... තව ටික දවසක් ඉවසා වදාරනු මැනවි. පන්සල්, පල්ලි දැන්ම විවෘතකළොත් එදා ඉඳලාම සියලු සිද්ධස්ථාන පිරී ඉතිරී යයි. හැමෝටම වැටහිලා දෙවියන්, බුදුන් සරණ යාම මිස අන්කිසිවක් නැති බව...
අපිටත් පන්සල් යන්නම ඕනේ...
දෙවියන් වහන්සේ සෑම තැනම වැඩ සිටිනවා කියලනේ කියන්නේ. දේවස්ථානයට නොගියත් නිවසෙහි සිට යාඥා කරන්ඩ බැරිකමක් නැහැ. පල්ලිවලට ඉරිදා දිනවල ලැබෙන කාසිපනම් එහෙමත් ලැබෙන්නේ නැහැනේ...
වගකිව යුත්තන් මෙතුමාගේ ඉල්ලීමට අවධානය යොමු කළ යුතුයි.
උතුමාණෙනි, උගත්, බුද්ධිමත් මනුෂ්‍යයෙක් වන ඔබතුමාගෙන් මම බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මේ හිටියා වගේ තව මාස දෙකක්වත් පල්ලි පන්සල් නොගිහින් ගෙදර ඉඳන්ම වතාවත් ටික කරගෙන ඉන්න ඉමු.. වැරදිලාවත් පල්ලියක් තුළ කොරෝනා බෝ වුනොත්, වෙන්නේ විශාල අවුලක්..., ලංකාවේ ආගම, ජාතිය, කුලය විකුණගෙන දේශපාලනය කරන විශාල පිරිසක් සෑම ජාතියකම ආගමකම ඉන්නවා. එහෙම වුණොත් ඔවුන් රට ගිනිතියාවි, පාස්කු ප්‍රහාරයෙන්, කොරෝන විපතෙන් පහර වැදිලා තිබෙන මේ පුංචි රටේ ආර්ථිකයට එ්ක දරාගන්න අමාරුවෙනවා උතුමාණෙනි.., මඳකට සිතා බලන්න...
නැට්ට බඩ යට ගහගෙන පොසොන් පෝයට වකුටු වෙලා නිදා ගත්ත බොහෝ දෙනෙක් නින්දෙන් ඇහැරිලා මෙතන තප්පුලනවා. කාදිනල්තුමා මේ ඉල්ලීම කලේ , කතෝලික ජනතාවට පමණක් නොවෙයි අනෙකුත් ආගමිකයින්ටත් නිරෝධායන නීතිය තුළ මේ අවස්ථාව ලබාදෙන ලෙසයි. පෞද්ගලිකව මම මේ ඉල්ලීමට කිසිසේත් එකඟ නොවුණත්, ආගමික නායකයෙක් ලෙස එතුමා කළ ඒ ඉල්ලීමට මා ගරු කරනවා. නැට්ට උස්සගෙන ඡන්දය දැමීමට සැරසී සිටින ආගමික නායකයින්ට හා ආගම ධර්මය හා දේශපාලනය වෙන්කොට හඳුනා නොගෙන හැමදේටම වලිගය උස්සන අයටත් මේ සුළු කාරණාව තේරුම් ගත හැකියයි සිතමි. මේ රටේ බහුතරය තේරුමක් නැතිව උඩු බුරන එක කරච්චලයක්. එහෙම නේද?
නවසීලන්තේ නම් නිරෝධායන නීති යටතෙයි ආගමික වතාවත් ඒ ඒ ස්ථාන වලට ගොස් දැන් කරන්න පුළුවන්. පැමිණීම 100කට සීමිතයි, කලින් ඔන්ලයින් ක්‍රමයට පැමිණීම ලියාපදිංචි කර ගෙන 100 දක්වා අංකයක් ලබාගෙන මීටර් 2 ක්‍රමවේදයට දේවස්ථාන තුල ආසන අසුරා තිබෙනවා.
සර් වැඩේ කරලා දේවී. සර්ට චන්ද ටිකනේ ඕනේ. අනික සර්ව බලයට ගන්න ඔබතුමත් සෑහෙන්න මහන්සි උනානේ.
එතුමන්ගේ ඉල්ලීම නිරෝධායන නීති රීති අනුව බැතිමතුන් 100ක් පමණ එකතුකර පරීක්ෂාකාරීව කළ හැකිවෙයි. කතෝලික ජනයා කබලෙන් ලිපට වැටිලා වගේ ඉන්නේ. එමනිසා බුදුදහමේ උගන්වන ආකාරයට මෛත්‍රිය, දයාව ඇතිවෙන පරිදි මෙම ඉල්ලීම ඉටුකළ යුතුය. උන්වහන්සේ ඉතාම වගකීමකින් කටයුතු කරන කෙනෙක්...