නැගෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාව නව කොරෝනා වයිරසයෙන් නිදහස් රටක් යැයි එරට ජනාධිපති ජෝන් මගුෆුලී නිවේදනය කළේය.
ලොව අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් රට නිදහස් බවත් එහි සාර්ථකත්වයට දෙවියන්ට කෘතඥ විය යුතු බවත් ටැන්සානියානු ජනාධිපතිවරයා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
‘‘ටැන්සානියානු ජනතාවගේ යාඥාවලට ස්තූතිවන්ත වන්න අපට කොරෝනා වයිරසය පරාජය කරන්න හැකියාව ලැබුණා’’ යැයි ද ටැන්සානියානු ජනාධිපතිවරයා කීවේය.
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ටැන්සානියානු ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමසුමට ලක්ව තිබිණි.
‘‘දෙවියන්ට මුල්තැන දීපු රටක නායකයා වීමට ලැබීම සතුටක් ප්‍රීතියක්. දෙවියන් ටැන්සානියාවට ආදරෙයි’’ ටැන්සානියාවේ ජම්වි රූපවාහිනි නාළිකාව වාර්තා කර තිබිණි.
‘‘ටැන්සානියාවේදී සෑම විටම යක්ෂයා පරාජයට පත්වෙනවා. මොකද ටැන්සානියානුවන් දෙවියන්ට ආදරෙයි. දෙවියන් කොරෝනාව පැරැද්දුවෙත් එම නිසා’’ යැයි ජනාධිපතිවරයා කීය.
ටැන්සානියාවේ ඩොඩෝමා අගනුවර පිහිටි කතෝලික පල්ලයකදී එහි සිටි ජනතාව අමතමින් ජනාධිපතිවරයා ඒ බව කීවේය.
ටැන්සානියාවෙන් අද (9) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 509ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 21කි.
ඒ.එෆ්.පී./රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැන්සානියානු ජනාධිපතිවරයා කොරෝනා ටෙස්ට් කට්ටල රටේ බෙදාදීමට කලින් හමුදාව යොදවා, එළුවෙකුගේ කෙල සාම්පල, ගස්ලබු, ඇතුළු පලතුරු සාම්පල රැසක් මේ ටෙස්ට් කිට් මගින් පරික්ෂා කෙරෙව්වා. එහිදී ඒ සේරම කොරෝනා පොසිටිව් වුණා. පස්සේ ඔහු ලෝක සෞඛ්‍ය සංගමේ සියලු දෙනා රටින් එලෙව්වා මේක මහා බොරුවක් කියලා. ඔහු රටවැසියන්ට කිව් රෝග ලක්ෂණ ආවොත් දේශීය වෙදකම් කරන්න කියලා... අවසානයේ ඔවුන් ජය ලැබුවා...
ලස්සන රටක්... මම අවුරුදු 04 එරට රැකියාව කළා. ලංකාවේ අය දැන් 50 විතර ඉන්නවා...... මිත්‍රශීලි මිනිස්සු ඉන්න රාජ්‍යක්.
ඔය දෙවියන්ට මොකද ඇමෙරිකාවට, බ්‍රසීලේට අඩුගනනේ ලංකාවටවත් වඩින්න බැරි මේවයේ ඉන්නේ මිනිස්සු නොවේද?
"ඔය දෙවියන්ට මොකද ඇමෙරිකාවට, බ්‍රසීලයට අඩුගානේ ලංකාවටවත් වඩින්න බැරි මේවායේ ඉන්නේ මිනිස්සු නොවේද?" මේ තමා ලෝකේ තියෙන පාපය රජකරන රටවල්, ඇමෙරිකාව අවුරුද්දකට ගබ්සා මිලියනයකට වැඩියි.. බොහෝ සෙනඟ දෙවියන් ගැන විශ්වාසයක් නෑ, අසාධාරණයි. 2.. බ්‍රසීලේ, වැඩිදෙනා පාපයේ, මිනීමැරුම්, දුෂණ, මත් උවදුර සහ යක්ෂ නමස්කාරය, 3.. ශ්‍රී ලංකාව, දුෂණ, අසාධාරණ මිනී මැරුම්, නීතිය බල්ලාට ගිහින්, යක්ෂ නමස්කාරය, පළිගැනීම්, මෙසේ ඇති රටවලට දෙවියන්ගේ ආශීර්වාදය? රට පසුතැවිලා දෙවියන්ට යටත්ව සාධාරණ ජීවිත ගතකරනවානම්, ඒ රටේ ජනතාවගේ යාඥාවලට දෙවියන් උත්තර දෙයි.