පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඝාතනය ලක්වූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතාවයක් අතරවාරයේදී විරෝධතාකරුවෝ පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් හි පිහිටි ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ පිළිරුවට ගිනි තබා එය කඩා බිඳ අසළ පිහිටි ජලාශයකට විසි කළහ.
1927 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම පිළිරුව ඉදි කර ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශයක ඉදිකළ කොලොම්බස්ගේ පළමු පිළිරුව වන්නේ ද මෙයයි.
වර්ජීනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරයේ පිහිටි ‘බර්ඩ්’ උද්‍යානයේ පැය දෙකකට අධික කාලයක් පැවැති විරෝධතාවලින් අනතුරුව විරෝධතාකරුවන් එලෙස පිළිරුවට ගිනි තබා කඩා බිඳ ජලාශයට විසි කළේ යැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කර තිබිණි.
විරෝධතාකරුවන් පිළිරුව තිබූ ස්ථානයෙන් ‘‘කොලොම්බස්ගෙන් නිරූපණය වන්නේ ජනඝාතනයක්’’ යැයි දැක්වෙන පුවරුවක් තබා තිබෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඇමෙරිකානු මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරය යනු එරට පැරැණිම ප්‍රධාන නගරවලින් එකකි.
ඇමෙරිකානු කලාපය යුරෝපයේ කොලොනි බවට පත් වීමට මඟ පාදන ලද්දේ ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ චාරිකා යැයි සැලකේ. ස්වදේශික ඇමෙරිකානුවන් ඝාතනයට ලක්වූයේ ඉන් අනතුරුව යැයි ද පැවසේ.
ක්‍රිස්ටෝෆර් කොලොම්බස් යනු 1451-1501ත් අතර කාලයේ විසූ ඉතාලි ජාතික දේශගවේෂකයකු වන අතර හෙතෙම මිනිසුන් පදිංචි කරමින් ජනපද ස්ථාපිත කරමින් ‘කොලනි’ ඇති කළ අයකු ලෙස ද සැලකේ.

අල්ජසීරා/ඩේලිමේල්
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පුදුම සතුටක්... කොළොම්බස් කියන්නේ මිනීමරුවෙක් කියලා මම ඉස්කෝලේ යන කාලේ ඉඳලාම දන්නා දෙයක්... අැමෙරිකාව හොයාගත් මහා වීරයා.. එය හොයාගන්න කලින් අැමෙරිකාව තිබුනේ නැද්ද? දැන්වත් මිනිස්සුන්ට ඕක තේරුණු එක සතුටුයි. ලංකාවෙත් ඉන්නවා මිනීමරු ආණ්ඩුකාරයෙකුගේ නම තියෙන වටරුමක්.., ටොරින්ටන් කියලා එකත් වෙනස් කරන්න ඕනේ...
අපේ රටෙත් වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බන්ඩා වගේ විරුවන් හිටියේ නැත්නම් අපිත් අද විඳින්නේ මේ කළු ජාතිකයන් අද අත් විඳින ෂෝකාන්තයම නොවේද?
මේ අනුව "pilgrims" කියන වචනයටත් අලුත් තේරුමක් වන්නේ, මුල් උරුමක්කාර රතු ඉන්දියානුවන් මිලියන් ගණන් මරපු, යුරෝපයෙන් ආපු දාමරික මිනීමරුවන් කණ්ඩායමක්... ලෙසටයි.
කඩුගන්නාවේ කුළුණ? අඩුගානේ පාරවත් හැදුණානේ...
ප්‍රතිමා කැඩීමෙන් අතීතය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. වෙනස් කළ යුත්තේ අනාගතයයි.
කාටත් දැනගන්න කියන්නේ. ඇමෙරිකාවේ කළු ජාතිකයින් ඇමෙරිකාවට ගෙනාවේ සුදු ජාතිකයින් විසින් අප්‍රිකාවේ සිට වහලුන් විධියට. ඔවුන් අප්‍රිකාවේ සිටියානම් අදටත් දහදුක් විඳිනවා. මේ දෙය ඔවුන් තේරුම් ගත යුතුයි. ඒක හරියට උඩරට වතුකරයේ ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ ජනතාව අගෙයි. කෙසේ නමුත් සුදු ජාතිකයිනුත් මතක තබාගතයුතුයි ඔවුනුත් සංක්‍රමණිකයින් බවත් සහ මේ 21වෙනි ශතවර්ෂය බවත්.
ඊළඟ සැරේ දෙමු වැඩේ...