IMG-LOGO

පකිස්තානයේ හිටපු අගමැතිට කොරෝනා

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂහීද් කකාන් අබ්බාසි ට නව කොරෝනා වයිරසය වැළැඳී ඇතැයි ඔහුගේ පක්ෂය සහ පවුලේ සාමාජිකයෝ අද (8) තහවුරු කළහ.
 
එරට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් එම ධුරය දැරීමට සුදුසු නැතැයි ප්‍රකාශ කිරීමත් සමඟ අබ්බාසි 2017 වසරේ සිට 2018 මාස දහයකට ආසන්න කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.
 
ෂහීද් කකාන් අබ්බාසි මේ වනවිට ස්වයං-නිරෝධායනයට යොමු වී ඇත.
 
අමතරව පාකිස්තානයේ දුම්රිය අමාත්‍ය ෂීක් රෂීඩ් අහ්මඩ්, පන්ජාබ් පළාතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කවාජා සල්මාන් රෆීක් ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පාකිස්තාන වාර්තා සඳහන් කළේය.

පළාතේ ආණ්ඩුකාරවරයා වන ඉම්රාන් ඉස්මයිල්ට සහ පාර්ලිමේන්තුවේ කතානායක අසාද් කයිසර්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මීට පෙර වාර්තා විය.

පාකිස්තානයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගෙන් ගණන මේ වනවිට 100,000 සීමාව ඉක්මවා ගොස් ඇත.
 
පාකිස්තානයෙන් අද (8) පස්වරු 4න් අවසන් වූ පැය 24ක කාලයේදී ආසාදිතයන් 4,728 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,03,671ක් ලෙස දැක්විණි.

පාකිස්තානයෙන් ඉරිදා දිනයේදී මරණ 68ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ 2,121ක් ලෙස දැක්විණි.

පසුගිය සතියක කාලයේදී පාකිස්තානයෙන් දිනපතා වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන සාමාන්‍යක් ලෙස 4,458ක් ලෙස දැක්විණි. ඒ අනුව ඊට පෙර සතිය හා සැසඳීමේදී දෛනිකව වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇත.
 
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් ව්‍යාපාරික හා ආර්ථික කටයුතු ආරම්භ කිරීමට පාකිස්තාන ආණ්ඩුව පියවර ගෙන ඇත. වයිරසය ආසාදනය වීමෙන් වැළැකීම සඳහා අදාළ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිළිපදින්නැයි ද ජනතාව තම තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළ යුතු යැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවැසීය.
 
සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු නැවත ආරම්භ කරන්නැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී නියෝග කළේය.
 
අල්ජසීරා 
 
(055)



අදහස් (1)

පකිස්තානයේ හිටපු අගමැතිට කොරෝනා

banda Monday, 08 June 2020 05:38 PM

අපිට නෑනේ මෙහෙම වාසනාවක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 415 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site