ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටි ‘මහත්මා ගාන්ධි’ගේ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
අප්‍රිකානු-ඇමෙරිකානුවකු වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඇමෙරිකානු පොලිසියේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මිය යෑමත් සමඟ එම මරණයට විරුද්ධව පැවැති විරෝධතා අතරවාරයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ඉන්දීය තානාපති කාර්යාලයට යන මාර්ගයේ තිබෙන ‘මහත්මා ගාන්ධි’ පිළිරුවට පිරිසක් හානි කර ඇත.
ජූනි 2 වැනිදා හෝ 3 වැනිදා එය සිදු වී තිබෙන අතර ඉන්දීය තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලට පැමිණිලි කර ඇත.
‘‘එය මහ නින්දාවක්’’ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳුඳා (8) පැවැසීය.
ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වන මහත්මා ගාන්ධි අහිංසාවාදයේ පියා ලෙස ද සැලකේ.
ඇමෙරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ද පැමිණිල කර ඇති අතර ඊට අමතරව තවත් අංශ කිහිපයක්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ට්‍රම්ප් පරිපාලනයේ බොහෝ දෙනකු ද මෙම ක්‍රියාව හෙළා දැක තිබිණි.
‘‘ගාන්ධි පිළිරුවට හානි කර එය විකෘති කිරීම මහ ගර්හාවක්. ඒක මහ ලැජ්ජාවක්’’ යැයි නෝර්ත් කැරොලිනා ප්‍රාන්තය නියෝජනය කරන සෙනට් සභිකයකු වන ටොම් ටිලිස් පැවැසීය.
‘‘ගාන්ධිතුමා කියන්නේ සාමකාමී ලෙස විරෝධතා කිරීමේ පුරෝගාමියා. විරෝධතා කිරීමෙන් විශාල වෙනසක් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා. කලහ කිරීමෙන්, කොල්ලකෑමෙන් සහ මිලේච්ඡ ලෙස හැසිරීමෙන් අප සියලු දෙනා එකතු කරන්න බැහැ. එහෙම එකතු වෙන්නෙත් නැහැ’’ ඔහු කීය.
ඉන්දියාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කෙනත් ජස්ටර් ද මේ සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද තිබිණි.
එන්.ඩී.ටීවී. /රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දන්නේ නැහැ මේක කලේ. විරෝධතාකරුවන් කළා නම් පින්තූර දානවනේ.
ගාන්ධිගේ ක්‍රමයට අවිහිංසාවාදී විරෝධතා කරන්න ඇමෙරිකන්කාරයන් අකැමති ඇති...
හොඳ වෙලාවට අපේ කාගෙවත් පිලිරුවක් එහෙ නොතිබුනේ.. එහෙම වුණානම් අපි ඇමෙරිකාවෙන් සමාව ඉල්ලනවා. පිළිරූ එහෙ හදපු එකට එහෙව් පාලකයෝනේ අපිට ඉන්නේ..
ඔය කලු ජාතිකයෝ දාමරිකයෝ... ඒකයි මෙතරම් ප්‍රශ්න...
මේ දවස්වල ට්‍රම්ප් එයාගේ රටේ වෙන දේවල් ගැන කටපියාගෙන ඉන්නේ, පිටරට දේවල් ගැන තමයි කතාකරන්නේ. පව් ඔන්න ඔහේ කියපුවාවේ...
තමන්ගේ රට වැසියන් පාලනය කර ගැනීමටවත් නොහැකි "ලෝක බලවතා"
ඇමරිකාවෙහි කලු සුදු දෙකම එකයි. ඔය ෆ්ලොයිඩ්ලා සමහර විට ඉපදිලා ඇත්තෙත් ඇමරිකාවෙහි වෙන්න ඇති. මනුස්සකම ඔය ගොඩක් අය ළඟ නැහැ...
කළු ජාතික ජීවිත පමණක් නොවේ සියලු ජීවිත වැදගත් වේ. සතා සීපාවා ද ඇතුළත් වේ. එයයි බුදු දහමේ හරය. නමුත් අපේ රටේ බහුතරයක් වර්ග වාදීන්වේ. බොරු සෝබනයට "black life matters " කියා කොටන අතරේ අපේම රටේ අපේ ජනතාවගේ විවිධ කොටස්වල ජීවිත පිළිබඳ ඇත්තේ ඉතා නින්දා සහගත දැක්මකි.
ගාන්ධිව අවිහිංසාවාදයේ පියා ලෙස සැළකුවත් අප්‍රිකානු ජාතිකයින් එහෙම නැහැ. ඔවුන්ගේ මතයක් තිබෙනවා ගාන්ධි සුදු ජාතිකයින්ගේ වහල්ක්‍රමයට පක්ෂ වුනා කියලා. කළු ජාතිකයින්ට විරුද්ධ වුනා කියලා. ඒක නිසා වෙන්න ඕන මෙය සිදුවෙලා තියෙන්නේ.
එංගලන්තෙත් බොහෝ ප්‍රතිමා විනාශ කරමින් යනවා. ප්‍රතිමා විනාශ කිරීමෙන් අතීතය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කළයුත්තේ අනාගතයයි.
තිබෙන පිළිරූ විනාශ කිරීමට යාම අශෝභන ක්‍රියාවක්.., නමුත් සමහර අය ආරූඪ කරගත් චරිත තිබෙන බව අමතක නොකළ යුතුයි. ලෝකයට එක චිත්‍රයක් සහ තම පවුලට තව චිත්‍රයක් පෙන්වීමට සමහරු ගොඩක් හපන්..
මම හිතන්නේ ට්‍රම්ප් මේක කරලා තියෙන්නේ කියලා. ඉන්දියන්ලාගේ ඡන්ද ගන්න.