කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇමරිකා ඒක්සත් ජනපදයේ 110,000 ක පමණ පිරිසක් මේ වනවිට මියගොස් තිබේ.
බලධාරීන් පවසන්නේ දිනකට රෝගීන් 1,000 ක් පමණ මියයන බවයි.
කෙසේවුවද වයිරසයේ උච්චතම අවස්ථාව වූ අප්‍රේල් මැද භාගයේ දිනකට 2,000ක් පමණ මියගියේය.
ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් ඇමරිකා ඒක්සත් ජනපදයේ මිලියන දෙකක පමණ පිරිසකට කොරෝනා ආසාදනයවී ඇතැයි සඳහන් වේ.
ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇති බ්‍රසීලය ආසාදිතයින් 672,000ක් සහ රුසියාව ආසාදිතයින් 467,000 ක් තහවුරු කර තිබේ.
ඇමරිකාවේ ඇලබාමා, දකුණු කැරොළිනා සහ වර්ජිනියා ප්‍රාන්තවල සතියක් තුළ නව ආසාදනයන් 35%කින් වැඩිවී ඇත.
වාර්ගික ආසාධාරණයට විරුද්ධව රටපුරා පවතින විරෝධතා රැළි මගින් වයිරසය තවදුරටත් ව්‍යාප්ත වනු ඇතැයි බලධාරීහු බිය පලකරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයව විතරක් මැරිලා අපිව පමණක් ඉතිරි වෙන එකේ මාර ෆන් එකක් තියනවා නේද අපට? අපේ මේ මාතෘ භූමියට ද්‍රෝහිකම් කරන සියල්ලන් නැසී, අපේ හත්මුතු පරම්පරාවටම ඔවුන්ගේ ධනයත් කොල්ලකා ගෙන ජීවත් වෙන මාර්ගයක් ඇත්තටම නැද්ද අපට? කොහෙද ඉතින් අපට ඒකට වාසනාවක්? අපේම පාලකයින් අපි දුක් මහන්සියෙන් උපයන අපේම මුදල් කොල්ල කනකොට? එහෙම වෙද්දී ඒ අයව ජීවත්වෙලා අපිව මැරෙන්න කියා ප්‍රර්ථනා මරනවා මම නම්?
ට්‍රම්ප් ඕවා ගණන් ගන්නේ නැහැ..