IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නවසීලන්තය කොරෝනාවලින් නිදහස්: අඟුළු අරියි

ගතවුණු දින 17 ඇතුළත කිසිදු කොරෝනා ආසාදිතයකු හමුනොවීමත්, රෝහල්ගතව සිටි සියලු ආසාදිතයන් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ නවසීලන්තය නව කොරෝනා වයිරස වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් තොර රටක් යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (8) ප්‍රකාශ කළාය.

මිලියන පහක ජනගහනයක් වෙසෙන නවසීලන්තය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පැනවූ ලොව රටවල් කිහිපය අතරින් එකක් වන අතර වයිරසයේ පාලනය සඳහා පැනවූ සීමා ලිහිල් කරන බව එරට සෞඛ්‍ය බලධාරීහු ද ප්‍රකාශ කළහ.
වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අවසන් රෝගියා ද රෝහලෙන් පිටව ගිය බවත් එම නිසා රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා රටම වසා දැමූ ‘ලොක්ඩවුන්’ සීමා ඉවත් කරන බවත් සෞඛ්‍ය බලධාරීහු කීහ.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කිසිදු පියවරක් වෙනස් නොකරන බවත් එසේ වුවත් වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ආර්ථිකය නැවත ගොඩනගන බවට පොරොන්දු වන බවත් පුවත්පත් සාකච්ඡාවකදී විශේෂ නිවේදනයක් කරමින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඊයේ කීවාය.

‘‘අපි සමාජයෙන් වයිරසය ආසාදනය වීම තුරන් කරලා තියෙන්නේ. අපි අපේ වැඩේ කළා. එය සුවිශේෂී ජයග්‍රහණයක්. අපි සීමා සියල්ල ඉවත් කරනවා. එය අද (සඳුඳා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක’’ යැයි ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.

‘‘නවසීලන්තයට ස්තූතියි’’ යැයි අවසාන වශයෙන් ප්‍රකාශ කරන බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
නවසීලන්තයේ අවසාන කොරෝනා ආසාදිතයා ඕක්ලන්ඩ්හි කාන්තාවකි.

මේ අනුව කඩසාප්පු, අවන්හල්, ආපනශාලා, කාර්යාල සියල්ල විවෘත කෙරෙන අතර කායික එසේත් නැතිනම් සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම අත්‍යවශ්‍ය නොවේ. එහෙත් මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපදින්නැයි නවසීලන්ත බලධාරීහු එරට ජනතාව උනන්දු කරති.

කෙසේ නමුත් තවදුරටත් දේශසීමා වසා තැබෙන බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී කීවාය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු සිය රට තුළ වයිරසය නැතැයි ප්‍රකාශයට පත් කළ මුල්ම රටවල් අතළොස්ස අතරට ද නවසීලන්තය මේ වනවිට එක්ව ඇත.

තව සතියක කාලයක් ආසාදිතයන් හමුවන්නේදැයි විමසිල්ලෙන් සිටින බවත්, එසේ ආසාදිතයකු හමුනොවුණොත්, ලබන 15 වැනිදා ‘කොවිඩ්-19’ වයිරසය තුරන් කළ ලොව පළමු රට ලෙස නිල වශයෙන් නවසීලන්තය නම් කිරීමට පියවර ගන්නා බවයි

නවසීලන්තයෙන් පළමු ‘කොවිඩ්-19’ ආසාදිතයා වාර්තා වූයේ පෙබරවාරි 28 වැනිදා වන අතර, අවසන් වරට ‘කොවිඩ්-19’ ආසාදිතයකු වාර්තා වූයේ පසුගිය මැයි 22 වැනිදාය.

නවසීලන්තයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,504ක් වූ අතර එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 22කි. වයිරස ආසාදිතයන් හඳුනා ගැනීමට නවසීලන්තය පී.සී.ආර්. පරීක්ෂණ 2,94,848 ක් සිදු කළේ යැයි එරට සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අවසන් ‘කොවිඩ්-19’ ආසාදිතයා සුවය ලබා රෝහලෙන් පිටවී ගොස් ඇත්තේ පසුගිය සෙනසුරාදා (6) දිනයේය. ඉන්පසු මෙතෙක් ආසාදිතයකු වාර්තා වී නැත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් හා පරිපාලන ප්‍රදේශ 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත. 

මේ වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 71,02,957ක් වන අතර ගෝලීය මරණ සංඛ්‍යාව 4,06,300 ඉක්මවා ගොස් ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සමස්ත ගණන 34,66,532කි.


ඒ.එෆ්.පී./රොයිටර්

055

 



අදහස් (10)

නවසීලන්තය කොරෝනාවලින් නිදහස්: අඟුළු අරියි

දිලංක Monday, 08 June 2020 07:02 PM

මෙවැනි රට ගැන හිතන පාලකයින් සිටිනා රටක ජීවත්වීමත් අපි ලද භාග්‍යයකි.

:       0       33

Perera Monday, 08 June 2020 07:34 PM

මිලියන 5ක ජනතාවක් නිසා නවසීලන්තේ වාසනාවකට බේරිලා... මිලියන 30ක 40ක හෝ ඊට වැඩි ජනතාවක් හිටියා නම් ඔය කතන්දරේ වෙනස් වෙන්න තිබුණා..

:       38       48

Mayura Monday, 08 June 2020 10:04 PM

පලවෙනි ලෝකේ රටක් සහ දියුනු රටක් වශයෙන් නවසීලන්තයට සතුටු විය හැකිය. අපේ රටෙත් තත්වය නරකම නැහැ.. හැමෝම බුද්ධිමත්ව කටයුතු කරමු.

:       4       59

samanTuesday, 09 June 2020 10:38 AM

මිනිසුන්ට වඩා බැටළුවන් සිටින කෘෂිකාර්මික රටක්.

:       0       2

ගමරාල Tuesday, 09 June 2020 12:47 AM

ඊළගට මෙසේ ප්‍රකාශකල හැකි රට බවට ශ්‍රී ලංකාව පත්වේවා.!

:       12       69

Bamunuarachchi Tuesday, 09 June 2020 12:54 AM

කතාවෙන් පමණක් නොව ක්‍රීයාවෙන්ම රාජ්‍ය නායකයාගේ සිට පහතට කොරන්ටයින් නීති පිළිපැදීම නිසා කොවිඩ් පරාජයකල රටක්.

:       4       33

jayath Tuesday, 09 June 2020 04:50 AM

ගෝල්ඩ මියර් ,මාග්‍රට් තැචර් ,(සිරිමාවෝ බණ්ඩාරනායක -අර්ද වශයෙන් ) පන්නයේ තමන්ගේ දේශයට, එකේ මිනිස්සුන්ට හදවතින්ම ආදරය කරන යකඩ ගැහැණිය ඔබට මගේ උත්තමාචාරය (අන් අපේ කලින් හිටපු තුමාත් මේ කුලකයෙමයි මට අමතක උනා සමාවෙන්න)

:       0       43

Jagath Tuesday, 09 June 2020 05:20 AM

අපි නිදහස් නොවූනට අපිත් දොරවල් ඇරලා තියෙන්නේ.

:       2       12

de silva Tuesday, 09 June 2020 09:08 AM

කොරෝනා විසින් අපිව මර්ධනය කර ඇත...

:       36       1

Aris Tuesday, 09 June 2020 09:47 AM

බොහොමයක් රටවල් අගුලු ඇරලා නව ආසාදිතයන් වසන් කරමින් කටයුතු කරන බව පෙනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site