අසල්වැසි ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (7) වාර්තා වූ අතර එම ගණන9,971ක් ලෙස දැක්විණි.
ඒ අනුව ඉන්දියාවෙන් අද (7) පස්වරු 6 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 2,46,628ක් ලෙස දැක්විණි. ඉන්දියාව මේ වනවිට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.
ඉන්දියාව ඊයේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගියේය.
ඉතාලියෙන් අද (7) පස්වරු 6 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,801ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,310ක් ලෙස දැක්විණි.
ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,20,406ක් වන අතර සුව වූ ගණන 1,19,293කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 6,929කි.
එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 82,968කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 30,152කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ඊයේ පස්වරු වනවිට ආසාදිතයන් 19,592 කු වාර්තා වී තිබිණි.
අසල්වැසි පාකිස්තානයෙන් අද (7) පස්වරු 6 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 93,983ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 63,026ක් ලෙස දැක්විණි.
එන්.ඩී.ටීවී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd